IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ සරසවිය මුලට එයි

(ඩයනා උදයංගනී)

ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ‘වෙබෝමෙටි්‍රක්ස්’ ශේණිගත කිරීම් අනුව මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව ඇත.

මෙහි දෙවන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත්, තෙවන ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත්, සිවුවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් හිමිව තිබේ.

ඉන්පසු පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා රුහුණ, කැලණිය, රජරට, යාපනය, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ විවෘත විශ්ව විද්‍යාලය ශ්‍රේණිගත කර ඇත.

මෙම වසරේ ජූලි මාසයට අදාළව මෙම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත.

මෙවර ලොව හොඳම විශ්ව විද්‍යාලය ලෙස පළමු ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවේ ‘හාවඩ්‘ විශ්ව විද්‍යාලය වන දෙවැනි ස්ථානය ‘ස්ටැන්ෆර්ඩ්‘ විශ්ව විද්‍යාලයට හිමිව ඇත. පසුගිය වසරේද මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු සහ දෙවන ස්ථාන හිමිව ඇත්තේ එම විශ්ව විද්‍යාලයන්ටය.

ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ දී 1531 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය 1964 වන ස්ථානයේත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය 1974 වන ස්ථානයේත් පසුවේ.

පසුගිය වසරේ නිකුත් කළ ශ්‍රේණිගත කිරීම්වලදී ද මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව තිබූ අතර, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව එයට හිමිව තිබුණේ 1591 වැනි ස්ථානයයි. ඒ අනුව එය මෙවර ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 30ක් ඉදිරියට පැමිණ ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතර දෙවැනි ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයටත්, සිවුවැනි ස්ථානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමිව තිබිණි.

‘වෙබෝමෙට්රික්ස් විශ්ව විද්‍යාල ශේණිගත කිරීම‘ යනු ස්පාඤ්ඤයේ ‘සයිබර්මෙට්රික්ස් ලැබ්‘ පර්යේෂණ සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරනු ලබන සමීක්ෂණයක් වන අතර, එය මුළු ලෝකයේම පිළිගැනීමට ලක් වූ ආයතනයකි.

 



අදහස් (12)

කොළඹ සරසවිය මුලට එයි

Prase Sunday, 07 August 2022 03:18 PM

මෙතන හොඳට පේනව අපේ රටේ මහාචාර්යවරු විශ්වවිද්‍යාල විනාස කරලා. 1531, හෙ... හෙ.... හැබැයි මුන්ගෙ පඩිය ඇහුවනම් ලක්ෂ 30 යි, අරගල වලට සහාය දෙන එක තමයි කරලා තියෙන්නේ. උගන්නලා නෑ. කවුද වැරදි රජ්‍යද මහාචාර්යවරුද? මේවා පේද්ගලික කරණයවිය යුතුයි.

:       41       33

de silva Sunday, 07 August 2022 04:22 PM

දවල්ද?

:       16       10

ලප වානර Sunday, 07 August 2022 04:26 PM

බලන්න 12 වැන්න මොකක්ද කියලා ඒක හැමදාම කරන්නෙ වර්ජන උද්ඝෝෂණ පමණයි. ඒකෙ ආචාරවරියක් ලප වානර කණ්ඩායමේ ඉන්නවා කියලා අහල තියෙනවා ඒක තමයි එම විද්‍යාලය එහෙම පල්ලම් බහින්න හේතුවෙලා තියෙන්නෙ ලපයො වැඩ කරන්නෙ එහෙම නම් උන්ට රටේ පාලනය දුන්නොත් මොකද වෙන්නෙ කියලා බුද්ධිමත් ජනතාව තේරුම්ගන්න ඕන

:       22       31

ලප වානරSunday, 07 August 2022 05:57 PM

ලාල්ට මංත්‍රී තනතුරක් නැතුව මංත්‍රී නිවාසයක ඉන්නවා කියන්නෙ කොහොමද කියලා ඒක ඇත්තනම් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් නොවෙයිද එහෙම අයට බලයක් ලැබුණොත් කොහොමද

:       4       20

GayanSunday, 07 August 2022 07:09 PM

1 වසර ඉඳලම නොමිලේ තමයි උගන්වන්නේ. ඇයි කැම්පස් අයට විතරක් ගෙවන්න කියන්නේ. විභාග ෆේල් වෙලා මහජනයාගේ මුදල් නාස්ති කළ අය මුලින් ගෙවල, පස්සේ මිනිස්සුන්ගේ මුදල්වලට උපරිම සාධාරණයක් කරපු කැම්පස් ගිය අයගෙන් අය කළා නම් තමා වඩා හොඳ. ඔයා ගෙවන්නේ එතකොට මුලින්ද පස්සෙද?

:       3       15

sharm warnMonday, 08 August 2022 02:06 PM

නිල නිවස අත නොහැරපු හිටපු ජනාධිපතිවරු හිටපු අගමැතිවරු, හිටපු මැති ඇමතිවරු නිල වාහන භාර නොදී අවුරුදු 3ක් 04ක් බලෙන් පාවිච්චි කරන සහ ඒවා ඉල්ලුවම ලොකු කථා කියනවා. ඉන්න ගෙදරටත් විදුලි බිල් ජල බිල් කෝටි ගණන් නොගෙවා ඉන්න අයවත් නොදැක ලාල්වම දකින එකත් ලොකු ප්‍රශ්නයක්

:       0       0

ravin Sunday, 07 August 2022 05:13 PM

විවිධ රටවල පවතින ක්‍රමවේදයන් ලෙස මෙරට උසස් අධ්‍යාපනය රාජ්‍ය සහායෙන් ලබන දේයක් බවට පත්කළ යුතුයි. තව ආකාරයකින් කීවොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සැවෝම තමන් ලබන අධ්‍යාපනයට අදාළව පුර්ණ වියදම නැවත රැකියාවක් කොට (තමා කැමති අයුරින්) රජයට ලබා දිය යුතුවේ. එවිට වනුයේ තමා අධ්‍යාපනය හැකි ඉක්මනින්ම අවසන් කර රටටද තමන්ටද වැඩදායී පුද්ගලයෙකු වීමයි. ළමයින්ගේ උනන්දුව වැඩි වනවිට ආචාර්යවරුත් උනන්දුවෙන් වැඩ කරාවි. රටේ ඉදිරි ගමනට විශාල මෙහෙයක් ලබාගත හැකිවේවි.

:       2       31

Bamunuarachchi Sunday, 07 August 2022 06:12 PM

ආ මේ ලංකාව ඇතුලත ශ්‍රේණිගත කරලා.

:       8       10

Bandara Sunday, 07 August 2022 09:09 PM

පේරාදෙණියට වඩා මොරටු විශ්ව විද්‍යාලය බොහෝ ඉදිරියෙන් ඉන්නේ. මේ ශ්‍රේණිගත කිරීමේ වරදක් තියෙනව.

:       8       9

Mo77 Sunday, 07 August 2022 09:17 PM

වෙබෝමෙටි්‍රක්ස්වලින් කෙරෙන්නේ විශ්වවිද්‍යාලවල වෙබ්සයිඩ් අනුව විශ්වවිද්‍යාල අනුපිළිවෙලට ස්ථානගත (ranking) කිරීමයි. මෙය විශ්ව විද්‍යාල වල පරීක්ෂණ අධ්යන කටයුතු අනුව පමණක් කළ වර්ග කිරීමක් නොවේ. පරීක්ෂණ හා අධ්‍යන පදනම මත වර්ග කිරීම්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පවතින්නේ ලෝකයේ පහළම අඩියක.

:       2       15

de silva Monday, 08 August 2022 05:13 AM

ලංකාවේ උසස් තනතුරු දරණ අමාත්‍යාංශ ලේකම්ලා වැනි නිලධාරියෝ ඉගෙන ගෙන තිබෙන්නේ මෙහෙ විශ්ව විද්‍යාලවල මේ වගේ ප්‍රමිතිය ඔය කියන තරම් උසස් නම්, අපේ රට නව නිපැයුම් සොයාගැනීම් නැත්තේ තාක්ෂණික, ආර්ථික, කෘෂිකාර්මික ක්ෂේත්‍රවල දිනෙන් දින පහළට යන්නේ කුමන හේතුවක් නිසාද?

:       0       2

sampath Monday, 08 August 2022 09:50 PM

අපේ රටේ උසස් අධ්‍යාපනයට තියෙන කොඩිවිනයක් අන්තරේ මේ තරමින්වත් රෑන්කින් තියෙන එක ගැන සතුටු වෙන්න ඔනේ. ලෝකයේ හොඳම දක්ෂතා ඇති ළමයි අපේ සරසවි වලට ගන්නේ. නමුත් ඒ ළමයින්ට හරියට ඉගෙනගන්න ඉඩ දෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 101 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 259 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 673 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 958 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 350 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 170 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site