IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොවිෂීල් එන්නත ගත් කුරුණෑගල නගර සභා පිරිසකට කොරෝනා

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ⁣ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින් හට ලබා දුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීමය.

⁣ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් පිරිිි⁣සෙන් බහුතරයක්ම ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින්ය.

කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මෙම කම්කරු සේවකයින් ඇතුළු කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේවනවිට ලබාදී ඇති බවද වාර්තා වී ඇති ආසාදිතයින් අතරේ එම එන්නත ලබාගත් කොපමණ පිරිසක් සිටිනවාදැයි සොයා බලමින් සිටින බවද කුරුණෑගල සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරිිි⁣යෙකු ප්‍රකාශ කළේය.

 



අදහස් (17)

කොවිෂීල් එන්නත ගත් කුරුණෑගල නගර සභා පිරිසකට කොරෝනා

Perera Sunday, 20 June 2021 09:28 AM

කොවිෂීල්ඩ් කියලා මොනවා ගැහුවද කියලා කවුද දන්නේ?

:       143       212

kumarage Sunday, 20 June 2021 09:54 AM

ඇත්තෙන්ම මේ දෙන එකම එන්නතවත්, කොරෝනා රෝගය නොහැදෙන්න දෙන බෙහෙත් නොවේ.. මේ එන්නත්වලින් කෙරෙන්නේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩිකරන එක... ඒ ඇරෙන්න, ඒ එන්නත් ගත්තා කියලා, කොරෝනා හැදෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා නම් ඒක මහා මෝඩකමක්. මේවා ගැන පහදා දෙන්න සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් බැරිද?

:       0       111

මුණසිංහ Sunday, 20 June 2021 11:14 AM

මෙන්න මේ සත්‍යතාව සෑම කෙනෙක්ම අවබෝධ කරගන්න. ⁣වෛරස් රෝගවලට වැළඳීම වළක්වා ගන්න බෙහෙත් නැහැ... මේවා කරන්නේ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන එක විතරයි. ආයුර්වේද සහ දේශීය සහ පාරම්පරික වෙද ක්‍රම වලිනුත් කරන්නේ ඒ ටික...

:       1       75

Rakitha Sunday, 20 June 2021 09:58 AM

සයිනෝෆෝර්ම් හැම අතින්ම හොඳයි වගේ. අතුරු ආබාධ අඩුයි. 100%ක් මැරෙන එක නවතිනවා. සයිනොෆෝර්ම් නැතිනම් අද වෙනකොට ගොඩක් දෙනෙකුට වැක්සීන් නැහැ මේ වෙනකොට... චීන රජයට හා ජනපතිට ස්තුතියි...!!!

:       543       366

සොරිසේන Sunday, 20 June 2021 10:57 AM

ඔය කියන කතාව ඔප්පු කරන්න සායනික වාර්තාව හෙවත් ක්ලිකල් ට්‍රයල් ... එකක් ඉදිරිපත් කළොත් හොඳයි නේද? නැත්තං එ්කත් නිකන්ම රාජපක්ෂ නිකායේ බයි සාඩින් වහල් කතාවක් නේද ?

:       304       442

saaliSunday, 20 June 2021 12:29 PM

කෝවිඩ් හදලා ලෝකෙටම බෙදුවට... හිතු හිතූ ගණන්වලට එන්නත් විකුණනවට චීන ආණ්ඩුවට ස්තුතියි.

:       2       60

mihira Sunday, 20 June 2021 10:03 AM

ඕක ඉන්දියාවෙන් නිකන් දුන්නේ ඇයි කියලා හිතලා බලන්න. ඕක පරීක්ෂණ තත්වයේ තියෙන කොට දුන්නේ ටෙස්ට් කරන්න අපිට නිකන්... හේතුව ආදරේට නොවේ. වෙන හොඳ බෙහෙතක් තමයි දෙන්න ඕනේ...

:       91       79

ase Sunday, 20 June 2021 10:30 AM

"පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේ වනවිට ලබාදී ඇති බවද වාර්තා වී ඇති" හමුවුණු කොවිශීල්ඩ් සියල්ල කුරුණෑගලද? නැත්නම් පෙරේරා මහතාගේ අදහස මටත් සිතේ...

:       2       42

කිරි පුතා Sunday, 20 June 2021 10:41 AM

එන්නත් ගත් අයගේ ශරීරයේ වෛරසය තිබෙන්නට පුලුවන්. නමුත් ඔවුන්ට ජීවිත අවදානමක් වෙන්නේ නෑ. නිසි තොරතුරු සොයා නැවතත් මෙම ප්‍රවෘත්තිය යාවත්කාලීන කරන්න. නැත්නම් ජනතාව නික්ෂේපන කෙරෙහි ඇති විශ්වාසය බිඳ ගන්නවා..

:       0       34

යෝගා Sunday, 20 June 2021 10:44 AM

අහන්නත් දෙයක්ද? ඇස්ට්‍රාසෙනිකා ඉන්දියන් නිෂ්පාදනයක්නේ.... ඒ ගොල්ලන්ගේ කසිකබල් ටෙලිනාට්‍ය වගේ ඇති. සෝබනේ විතරමයි..

:       62       41

Game Kolla Sunday, 20 June 2021 10:58 AM

අපේ රට කෙලින් හිටගන්නවාට අකමැති රටක් තමයි ඉන්දියාව කියන්නේ... කොවිෂීල්ඩ් එන්නත ලෝකයේ අනික් රටවල ඉහළ සාර්ථකත්වයක් ලබාගෙන තියන එන්නතක්... මේ අය අපිට මොනවා එවලා තියනවද දන්නෑ. චීනයට ලංකාව දේශපාලනික වශයෙන් කෙලින් හිටගැනීම අවශ්‍යයි. ඒ නිසා සයිනෝෆෝර්ම් ඵන්නත ඔරිජිනල් තත්වයෙන්ම අපට එවා අැති බව සීයට සීයක් පිළිගත හැකිය.

:       112       154

Narada Sunday, 20 June 2021 11:15 AM

කරාපිටියේ කරලා අරන් සුව වුණු දහස් ගාණක් ඉන්නවා. දොස්තරලා මේකට විරුද්ධයි.. තවත් ආයුර්වේද බෙහෙත් තියෙනවා..

:       64       20

de silva Sunday, 20 June 2021 11:21 AM

එන්නත් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සැලකිය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒවා සැලකිල්ලට ගන්නේ නැතිව කටයුතු කළාම එන්නත් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

:       174       221

Mangala Sunday, 20 June 2021 12:47 PM

මෙතන තමයි රටට විතරක් නෙවෙයි ලෝකෙටම වැරදුණු තැන... PCR වුණාට ලෙඩෙක් කියලා රෝහලට ගෙනියනවා. නමුත් වෙනත් රටවල් මේ ක්‍රමය වැරදියි කියලා තේරුම් අරන් PCR අයට කිසියම් හෝ රෝග ලක්ෂණ නැත්නම් ගෙදර ඉන්න සැලැස්සුවා. අමාරු අය පමණක් රෝහල්ගත කළා. තාම ලංකාවට ඒක කරගන්න බැහැ. PCR නම් උස්සන් යනවා. කොවිෂීල්ඩ් නෙවෙයි මොන එන්නත ගත්තත් කොවිඩ් PCR වෙන්න පුලුවන්. නමුත් ඒකට අදාළ ප්‍රතිශක්තිය එන්නත මගින් ශරීරය තුළ තිබෙන නිසා බරපතල ලෙස රෝගීවෙන එක යම්තාක් දුරකට වැළකෙනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. එන්නත ගන්න එක 100%ක් දඩාවතේ යන්න දෙන ලයිසන් එකක් නොවේ...

:       0       4

සම්පත්Sunday, 20 June 2021 07:17 PM

එන්නත් 2ම ගත්තත් PCR වෙනවා කියන්නේ මොකද්ද? PCR වුණාට ලෙඩෙක් කියලා ගෙනියනවා කියන්නේ මොකද්ද?

:       0       0

මුණසිංහ Sunday, 20 June 2021 01:29 PM

මෙහි කමෙන්ට් දාපු විදියෙන් තෙරෙන්නේ එන්නත ගැන ජනතාවට අවබෝධයක් නැති බවයි. ජනතාවට නියම අවබෝධයක් ලබා දීමට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක විය යුතු බව පේනවා..

:       1       64

de silva Sunday, 20 June 2021 02:29 PM

එන්නත් ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී නිසි උෂ්ණත්වයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්.. එහෙම නොකළොත් එන්නත විනාශ වෙනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 1 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 548 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 521 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1077 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 253 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 420 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site