IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොරෝනාවෙන් මෙතෙක් මියගිය අය ගැන හෝඩුවාවක්

කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මස 31 වැනිදා දක්වා මියගිය අයගෙන් සියයට 61ක් පමණ තහවුරු කරන ලද දීර්ඝ කාලීන රෝගවලින් විශේෂයෙන්ම බෝනොවන රෝගවලින් පෙළුණු අය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය ඊයේ (3) ප්‍රකාශ කළා ය.

එලෙස මිය ගිය අයගෙන් සියයට 54කට දියවැඩියාව ද, තවත් සියයට 52කට අධි රුධිර පීඩනය ද, තවත් සියයට 24කට හෘදය ආශ්‍රිත රෝග ද, සියයට 19කට නිදන්ගත වකුගුඩු ආශ්‍රිත රෝග ද, සියයට 7කට අඝාතය ද, සියයට 5කට නිදන්ගත අක්මා රෝග ද, සියයට 10 ක්ලෝස්ටරෝල් ආශ්‍රිත රෝග ද, සියයට 8කට පිළිකා ආශ්‍රීත රෝග ද ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි පැවැසුවා ය.

කොවිඩ්-19 වසංගත කාලය තුළ බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන් ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළා ය.

මේ සියල්ලේ එකතුව ඇතැම් විට සියය ඉක්මවනු ඇතැයි ද ඊට හේතුව ඇතැම් රෝගීන් ද රෝග කිහිපයක් තිබීම යැයි ද ඇය කීවා ය.

‘කොවිඩ්-19’ ආශ්‍රිත පළමු මරණයේ සිට අගෝස්තු 31 වැනිදා දක්වා වාර්තා වූ මරණවලින් සියයට 77කට වැඩි පිරිසක් වයස අවුරුදු 60ට වැඩි අය යැයි ද ඇය පැවැසුවා ය.

වයස අවුරුදු 60ට වැඩි ‘කොවිඩ්-19’ ආශ්‍රිත මරණවලින් සියයට 70ක් පමණ තහවුරු කරන ලද බෝ නොවන රෝගවලින් පෙළුණු අය ද බව ඇය කීවා ය.

මේ තත්ත්වය නිසා ‘කොවිඩ්-19’ වසංගත කාලය තුළ බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවත් ඔවුන්ගේ සායන තුළින් එන්නත් ලබාගැනීමට කඩිනමින් පියවර ගත යුතු යැයි ද ඇය අවධාරණය කළා ය.

එමෙන්ම බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන් සිය ප්‍රතිකාර නිසි පරිදි කළ යුතු බවත් තමන්ගේ සායනවල සිටින වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කර එන්නත් ලබාගැනීමට තම වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ නොවරදවා ලබාගත් යුතු බවත් ඇය පැවැසුවා ය.

බෝනොවන රෝග මෙන්ම කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් සංකූලතා උත්සන්න වීමටත් දරුණු තත්ත්ව ඇතිවීමටත් බලපාන තවත් ප්‍රධාන කරුණු හතරක් ඇති බව ද ඇය මෙහිදි කීවා ය.

 



අදහස් (4)

කොරෝනාවෙන් මෙතෙක් මියගිය අය ගැන හෝඩුවාවක්

Rohana Friday, 03 September 2021 10:59 PM

මෙම සංඛ්‍යා තොරතුරු (දත්ත) ඉදිරියේදී කොරෝනා මර්දනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ක්‍රමවේදය තීරණය කිරීමේදී ඉතාමත් ප්‍රයෝජනවත් වේ යැයි සිතමි...

:       4       9

සම් වන් Friday, 03 September 2021 11:51 PM

මේ කියන රෝගී තත්ත්වයක් නැති කෙනෙක් විශේෂයෙන් අවුරුදු 40 ට වැඩි නැති තරම් , ඒ නිසා රෝග ඇති නැති කවුරුත් පරිස්සම් වෙන්න.....

:       0       12

lelwala Saturday, 04 September 2021 09:32 AM

60 වැඩි අයට ලබාදෙන ඒන්නත නැවැත්තුවේ ඇයි

:       0       0

Akila Saturday, 04 September 2021 09:49 AM

ලංකාවේ මිනිසුන්ට කාලයක් තිස්සේ වහ කැවීමේ ප්‍රතිඵලය තමයි මේ.., අද අවුරදු 45ට වැඩි කෙනෙක් හොයාගන්න අමාරුයි. ඔය කියන බෝ නොවෙන රෝගවලින් පෙළෙන්නේ නැති, රසායනික පොහොර නැවතීම... එ්ක හොඳ පියවරක්... නමුත් ලංකාවේ මිනිස්සුන්ට වැඩිපුරම වහ කවන්නේ ගොවියන් නෙමෙයි තොග වෙළෙන්දෝ..., අඩුම ගානේ ළමයෙකුට දෙළුම් ගෙඩියක්, දොඩම් ගෙඩියක් දෙන්න බැහැ.. ඒවාටත් වහදාලා කල් තියාගන්න... නමුත් තවම ඒ ගැන කිසිම රජයක අවධානය යොමුවෙන පාටක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 3 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 62 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 195 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 371 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 318 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 433 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site