IMG-LOGO

‘කොළඹ මහ නගර සභාව හිතුමතේ වැඩ කරලා‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කොළඹ මහ නගර සභාව වාර්ෂික අයවැයට සමගාමීව  නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුමත කර ගැනීමෙන් තොරව යම් යම් නිලධාරීන්ට වුවමනා  පරිදි කටයුතු කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් එහි ප්‍රධානීන්ට නොසතුට  පළ කළ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා) සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

එවැනි සැලැස්මක් අනුමත කරගෙන කටයුතු කරන්නැයි කෝපා  සභාපතිවරයා  එම නගර සභා ප්‍රධානීන්ට  දැනුම් දුන්නේය.

වාර්ෂික අයවැයට සමගාමීව අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ  උපදෙස් අනුව  නිසි ක්‍රියාකාරී සැලැස්මක් 2020  සහ 2021 වර්ෂවලදී   අනුමත කර ගැනීමෙන් තොරව කොළඹ නගර සභාව කටයුතු කර ඇති බවට විගණකාධිපතිවරයා  තොරතුරු අනාවරණය කර ඇතැයි  එම කමිටුව පවසයි.

කොළඹ මහනගර සභාවේ 2017/2018 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම  සදහා  මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන්  පසුගියදා  පැවති  රජයේ  ගිණුම් පිළිබද කාරක සභා රැස්වීමේදී මෙම තොරතුරු  අනාවරණයවිය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවේ භාණ්ඩාගාරය  2020 වසරේදී මුල්වරට හදුන්වා දුන් මෙම වැඩපිළිවෙල   කොවිඩ් තත්වය  හේතුවෙන් ප්‍රායෝගිකව සිදු කිරීමේ යම් යම් ගැටලු මතුවූ බවයි. 

මහනගර සභාවේ හිග ආදායම් පිළිබදවද මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට  නගර සභාවේ ප්‍රධානීන් ඉදිරි දිනවල නැවත කැඳවන බව   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

සභාවේ පසුගිය වසරවල සියලු ආදායම්, වියදම්, හිග ආදායම් සහ මහජන ආධාර පිළිබඳ දත්ත සහ සංඛ්‍යාලේඛන කමිටුවට ඉදිරිපත් කරන ලෙස එහිදි සභාපතිවරයා  කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දුමින්ද දිසානායක සහ  ප්‍රසන්න රණවීර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, නිරෝෂන් පෙරේරා, එස් ශ්‍රීතරන්, හේෂා විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, බී.වයි.ජී රත්නසේකර සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මන්ත්‍රී මන්ත්‍රීවරියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද  සහභාගීවූහ.



අදහස් (1)

‘කොළඹ මහ නගර සභාව හිතුමතේ වැඩ කරලා‘

Bunny Preena Monday, 28 March 2022 09:12 AM

ගොඩක් රාජ්‍ය ආයතනවල වැඩ කටයුතු ඉතින් හිතුමතේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site