IMG-LOGO

කලකිරුණු මැති-ඇමැතිවරු වෙනම බලවේගයක් හදන්න යයි ?

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුව සමග කලකිරී සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම බලවේගයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඊට මූලිකත්වය ගෙන සිටින අතර, ඒ සඳහා එක්තරා ප්‍රසිද්ධ හිමිනමකගේ ද සහය ලැබී ඇතැයි දැනගන්නට තිබේ .

තනතුරු නොලැබීම සහ සංවර්ධන කටයුතු  සඳහා සම්බන්ධ කර නොගැනීම ආදී කරුණු මත මෙන්ම ,ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරී සිටින ආණ්ඩුවේ  මැති ඇමතිවරුන් සමඟ  මේ පිරිස සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ .

ආණ්ඩුවට බහුතර බලය නැති කරන බව හිටපු ඇමති  විමල් වීරවංශ මහතා ඉකුත් දා මහනුවරදී ද  මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමට සහභාගී නොවී, එදින  පාර්ලිමේන්තුවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද වාර්තා වී ඇතැයි දැනගන්නට ඇත .

 

 



අදහස් (8)

කලකිරුණු මැති-ඇමැතිවරු වෙනම බලවේගයක් හදන්න යයි ?

sena Sunday, 27 March 2022 11:28 AM

ඔය බලවේග හැදෙන තරමට අපේ සර්ට හොඳයි.

:       2       15

de silva Sunday, 27 March 2022 12:42 PM

ඔය කරන්න හදන්නේ 2015 ජාතික ආණ්ඩු හැදුවා වගේ දෙයක් කරලා නැවත බලයට ඇවිත් ජනතාව අමාරුවේ දමන්න. ආණ්ඩුවේ බහුතර බලය නැතිකොට රාජපක්ෂ පවුලේ තටු කැපීම හොඳ දෙයක්... නමුත් ඔබලා වැනි දේශපාලකයින්ට ලබන ඡන්දෙකදී මනාප දෙන්න අප සූදානම් නැත.

:       2       23

fairoos Sunday, 27 March 2022 12:51 PM

පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා විරෝධය පලකරන්න... නිකන් ෂෝ පෙන්නන්නැතුව...

:       2       18

siri Sunday, 27 March 2022 02:16 PM

පිරිමි, ගැහැණු කරන එක හැර අනෙකුත් සියලුම බලතල එක පුද්ගලයෙකුට බාරදෙන්නත්, පිටරැටියන්ට දේශපාලනය කරන්න අවස්ථාව දෙන්නත් මේ ගොල්ලෝම නේද අත්දෙකම උස්සලා ඡන්දෙ දුන්නේ?

:       2       16

ravin Sunday, 27 March 2022 03:12 PM

දැන් දැන් මිනිස්සුන්ට වැටහෙනවා... හැදිය යුත්තේ... උගතුන්ගේ බලවේගයක් මිස ඉබේම 8 පාස් අයගේ බලවේගයක් නොවන බව... මේ හදන්නේ ආපහු පොල්පැලේ කන්න මිස, රට හදන්න නොවේ...

:       2       15

ගමේ එකාලා Sunday, 27 March 2022 05:28 PM

මේ වගේ තනතුරු වලට කෑදර දේශපාලුවන් නිසා රටට ඇති වුණු සෙතක් නැහැ. උගත්, බුද්ධිමත්, විෂය දැනුම පිළිබඳව දැනුම් තේරුම් ඇති රට ගැන හැඟීමක් තියෙන අය තමයි අවශ්‍ය. කළකිරුණු අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. අවස්ථාවාදී කපටි, කෛරාටික දේශපාලුවන් කියලා නොදන්නවා නෙවෙයි...

:       1       12

de silva Sunday, 27 March 2022 06:33 PM

ඔය විකාර අපට එපා... පෝලිම් නැත් කරන්න බැරිනම් ඉල්ලලා අස්වෙලා ගෙදර යන්න... අපි අලුත් ඡන්දෙදී කැමැති කෙනෙක් පත්කර ගන්නවා.

:       1       6

Bamunuarachchi Sunday, 27 March 2022 06:40 PM

මේ හදන්නේ සජබ හම්බ ආණ්ඩුවක් හදන්නයි. ඒ කට නම් අපි එකඟ නැහැ හලෝ. ඔහෙලා කැකුණ තලනවිට සජබ - හම්බයින්ට රජ මගුල්...

:       30       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site