IMG-LOGO

කොරෝනා පැතිරීම වැළැක්වීමට මැලේසියාවේ සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්

මැලේසියාවේ කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට ලේඛනගත වී නොමැති සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ක්වාලාලම්පූර් නුවර ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී සංක්‍රමණිකයින් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විවිධ ස්ථානවලට ගමන් කිරීමෙන් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඔවුන් රඳවා තබා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

සංක්‍රමණිකයින් රඳවා තබන කඳවුරුවලින් ළමයින් හා අවදානමට ලක්විය හැකි පුද්ගලයින් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මැලේසියානු බලධාරීන්ට අවධාරණය කර ඇත.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ රඳවා තබා ගැනීම් හේතුවෙන් මැලේසියාවේ කොරෝනා වෛරසය පැතිරීම වඩාත් දරුණු තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

වැටලීම්වලදී පුද්ගලයින් සිය ගණනක් එකිනෙකාට ඉතා සමීපව පොළොවේ වාඩිවී සිටින අයුරු හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් නිකුත් කළ ඡායාරූපයකින් දැක්වුණි.

ජෝන්ස් හොප්කින්ස් විශ්විවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මැලේසියාවෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 6,176 දෙනෙකි.

වයිරසය හේතුවෙන් මේ වන විට එරටින් මරණ 103 ක් වාර්තා වී තිබේ.


(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (1)

කොරෝනා පැතිරීම වැළැක්වීමට මැලේසියාවේ සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්

JAYATH Sunday, 03 May 2020 03:14 AM

මේ හියුමන් රයිට් කාරයින්ට ඕන මිනිස්සු මැරුණත් හියුමන් රයිට් ආරක්ෂා වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site