
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
කරඳියාන කසල අංගනය ඉදිරිපිට වේරැස් ගඟේ කිඹුලන් කා දමමින් තිබූ තරුණ මළ සිරුරක් සොයාගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සයුරු පුර පදිංචි ෂෙහාන් තාරක නමැති (22) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
කරදියාන කසල අංගනය ඉදිරිපිට වේරැස් ගඟේ පුද්ගල මළ සිරුරක් කිඹුලකු විසින් කා දමමින් සිටින අයුරු කසල අංගනයේ සේවකයින් දැක තිබේ.
පසුව මේ බව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී වේරැස් ගගේ මියගිය පුද්ගල මළ සිරුරක් කිඹුලකු විසින් කා දමමින් සිටින අයුරු දැක තිබේ.
එහෙත් මළ සිරුර ගොඩගැනීම සඳහා ප්රදේශ වාසීන් හා එක්ව උත්සාහ දැරුවද කිඹුලු ග්රහණය බාධාවක් නිසා වනජීවී නිලධාරීන් කැඳවා මළ සිරුර ගොඩ ගැනීමට පියවර ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපරාදෙ කියන්ට බෑ ආන්ඩුවටයි, වනජීවී නිලදරින්ටයි පින්සිද්ධ වෙන්න, ඔවුන්ගෙ ආශිර්වවාද ඇතුව කිබුලන්ට ඔනා තරම් මින්සුන් ඩැහැගෙන යන්ට, මරාගෙන කන්ට පුලුවන්. හැබෙයි මිනිහෙක් තමන්ගෙ ආරක්ශාවට කිබුලෙක්ව මැරුවානම් එහෙම කිසි කතාවක් නැහැ අර මනුස්සය කෙලින්ම හිරගෙදර. ඒ තරමටම මිනිස් ජීවිත වල වටිනාකම බින්දුවෙ තියලා කිම්බුලන්ට හොඳ වටිනාකමක් දීල තියෙන උතුම් රටක් සිරිලන්කාව.
වහාම කිඹුලව අත්අඩංගුවට අරගෙන ප්රශ්න කරන්න. මේක ඝාතනයක් වෙන්න පුළුවන්.
සොයාගත්යො පොලිසියද? පලාතේ පුද්ගලයෙක්ද?