IMG-LOGO

කිම් ජොන් උන් දින 20 කට පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියි

දින 20 කට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු පීත්ත පටිය කැපීමට සහභාගි වූ අයුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.

ඊයේ පැවති මෙම උත්සවයේදී ඔහුට ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවී ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම  ඔහුගේ සහෝදරිය කිම් යෝ ජොන්ග් සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙකුද සහභාගි වී තිබේ.

උතුරු කොරියානු නායකයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය අප්‍රේල් 12 වැනිදා වන අතර  ඉන්පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අසතුටුදායක වූ බවට මාධ්‍ය වාර්තා පළවුණි.

උතුරු කොරියාවේ ආදි කර්තෘවරයාගේ උපන් දිනය වෙනුවෙන් පසුගිය 15 වැනිදා පැවැත්වූ උත්සවයට ද කිම් ජොන් අන් සහභාගි නොවුණි.

උතුරු කොරියාවේ විශේෂ දිනයක් ලෙස සමරන එම උත්සවයට කිම් ජොන් අන් අනිවාර්යයෙන් සහභාගි වන නමුත් මෙවර ඔහු ඊට සහභාගි නොවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

කිම් ජොන් උන්  නැවත පෙනී සිටීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් මාධ්‍යවේදීන් කළ වීමසීමකදී ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ ඒ පිළිබඳ අදහස් පළකිරීමට තමාට තවමත් අවශ්‍යතාවක් නොමැති බවයි.

-226-
(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (6)

කිම් ජොන් උන් දින 20 කට පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියි

ravi Saturday, 02 May 2020 11:01 AM

අමෙරිකාවෙ නම් , කිම් ජ්හොන් වෙනුවෙන් හත්දවසේ දානෙත් දුන්නා.. දැන් ඇවිත් ඉන්නේ අවතාරේද .. ?

:       39       279

රවින් Saturday, 02 May 2020 11:14 AM

මොන ගේම ගහලා හරි මෑන්ස් ලෝකෙම අවදානය මෑන්ස් දෙසට ගන්නවා නේද? අරෙහේ ඉරාගෙන හොයනවා මෑන්ස් ට මොකද උනේ කියලා. මෙන් සුපුරුදු කට්ට කයිරාටික හිනාව දාගෙන මෑන්ස් එයාගේ ඕනේ වැඩ ටික කරගෙන යනවා. කරන්නෙම ලෝකෙට ලොක්කාට කෝචෝක් එක දාන එක නේද? " ලොවෙන් එකෙක් වෙයි එක දේකට සමත "

:       31       181

Champa Saturday, 02 May 2020 03:47 PM

පව් වැඩේ වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. තමන්ගේ රටේ අච්චර 60,00ක් තරම් මිනිස්සු මැරෙත්දී, කිම් ජොන් උන් මැරිලද බලන්න ඩොලර් මිලියන් ගණනක් වියදම් කරල ඔත්තු හොයන ගුවන් යානවලුත් යැව්වලු.

:       92       106

sarath Saturday, 02 May 2020 04:51 PM

පේනවනේ ඔක්කොම ලෝකයේ බුද්ධි අංශ කොර වෙලා. උන්ටත් හොයාගන්න බෑ කිම් ජෝන් ඉන්නවද, මැරිලද කියලා...

:       4       75

Nandalal DE SILVA - France Saturday, 02 May 2020 09:59 PM

කිම් ජොන් උන් පරලොව ගියාලු. එ්ත් එයාගේ ඩමිය හදලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න දවස් 20ක් ගත වුනේ මොකද කියලා දැන් මුළු ලොවම විපරම් කරනවා... වසර පුරාම අහසට රොකට් විදිමින් සිය බලය පෙන්වන්න හදන උතුරු කොරියාවට ඔය ඩමිය හදන්න ඔතරම් කලක් ගියේ ඇයි?

:       0       0

Ajantha Sunday, 03 May 2020 03:43 AM

අපිට මොකද මෙයා හිටියත් නැතත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site