
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ නයකු හමුවීමෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.
නයා කතානායකවරයා ආහාර ගන්නා ස්ථානයේ ජනේලයකින් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අවස්ථාවේදී එහි සේවකයන් මුලින්ම දැක ඇත.
පසුව ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ උද්‍යාන පාලක නයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
දියවන්නා ඔයෙන් පාර්ලිමේන්තුවට විවිධ සර්පයන් පැමිණීම කාලයක සිටම සිදුවන්නේය. මේ ආකාරයට නයින් ඇතුළු විවිධ සර්පයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් උද්‍යාන පාලක විසින් පසුගිය කාලයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ආරක්ෂිතව ඉවත් කරනු ලැබ ඇත.
සර්පයන් වැඩි සංඛ්‍යාවක් මෙසේ හමු වී ඇත්තේ මල් පෝච්චි සහ මල් පඳුරු වැනි අඳුරු සහිත ස්ථානවල සිටියදීය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ කතානායක කාර්යාලයෙන් හමුවූ නයා එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කළ බවයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයට සර්පයන් පැමිණීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත් සර්පයන් පැමිණීම දිගටම සිදුවන බවද එම නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
237
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතානායක කන්තෝරුවට නයෙක් ඇවිත් කලබලයක්
Janitha Wednesday, 19 November 2025 11:29 AM
මහ එකාගේ ඉදලා නයි අරිද්දී ඔහොම වෙනවා.
Prabath Wednesday, 19 November 2025 11:33 AM
ඕක ඇතුලේ ඉන්නේ ගෙම්බොනේ... ඒකයි...
විපරමා Wednesday, 19 November 2025 08:25 PM
නයි නාලිකාවේ ලොක්කා ගෙනත් දාපු එකෙක් වෙන්ඩත් බැරි නැහැ.
Lalla Thursday, 20 November 2025 09:50 AM
ඇතුලේ ඉන්න ඥාතීන් බලන්න එනව වෙන්න බැරිද?අනික කටවල් අරින්නේ නයි අරින්නම නේද?
Bunny Preena Thursday, 20 November 2025 10:05 AM
මියගිය ඥාතියෙක් වත්ද ?