(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති නියමයෙන් මෙම පොලිස් සැරයන්වරයා ස්ථාන මාරු කර යවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බවද එම ආරංචිමාර්ග පවසයි.
මෙම සිද්ධියට අදාළ දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටි "කාන්චන" නැමැත්තා සහ තවත් ප්‍රබල දේශපාලනඥයකු සමඟ සමීපතම සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බව කියන "සෆ්රාස්" යන අය සම්බන්ධ කර දී ඇත්තේ මෙම පොලිස් සැරයන්වරයා බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම පොලිස් සැරයන්වරයා කාලයක් තිස්සේ අදාළ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන කාංචන නමැත්තා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණයක් ආරම්භකරඇති බවත් , ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානයේ ජේෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුඩ්ඩෙකුට ඇප දෙන්න අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක්