IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කෝටි 25ක මැණික් මල්ලක් හොර පාරේ ගිහින්

 

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික්  මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින්  තොරව අවම දඩ මුදලක් යටතේ  නීති විරොධීව  මුදා හැර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය.

එහිදී අධිකාරියේ වගකීම පැහැර හැර ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.

මේ අතර එවකට සිටි ප්‍රධානීන්   ලක්ෂ 61ක් වියදම් කර  ලාස්වේගාස් මැණික් ප්‍රදර්ශනයකට යෑමේ සිද්ධියක් පිළිබඳවද එම කමිටුවේ අවධානය යොමුවිය.

ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයට සහභාගී වී  ගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ ප්‍රථමවරට අන්තර්ජාතික  ප්‍රමිතීන්ට අනුව රත්නපුර  මැණික් ප්‍රදර්ශනය සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූ බවත්, එවැනි  විදේශ අත්දැකීම් ඔස්සේ මෙරට මැණික් ව්‍යාපාරය දියුණු කළ හැකි ක්‍රමවේද සැකසීම සිය අරමුණු  වූ බවත්   ඊට ප්‍රතිචාර දක්වමින් එවකට  සභාපතිවරයා පැවසීය.



අදහස් (6)

කෝටි 25ක මැණික් මල්ලක් හොර පාරේ ගිහින්

Nandalal de Silva - France Tuesday, 01 April 2025 06:46 PM

ඔය මැණික් මල්ල තමා කුප්‍රකට, නම ගිය ඩේසි ආච්චිගේ ගෙදර ඉස්තෝප්පුවේ කනප්පුව මත තිබුනේ. ඒ නාකි ආච්චිට, මැණික් මල්ලක් ඕන නැති නිසා, ඒක මැදමූලන යොශිත රාජපක්ෂට දීලා, කෝටි ගණනක් වටිනා මන්දිරයක් මිලදී ගැනීම සඳහා... ඔන්න ඕකයි නැති වුණා කියන මැණික් මල්ලේ කතාව...! "දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා" කියන්නේ ඔය වගේ කථාවලට...

:       0       2

කෞෂි Tuesday, 01 April 2025 10:52 PM

අනේ කවුරුත් ආච්චිලවනං මතක් කරන්න එපා.

:       0       4

ගාමිණී Tuesday, 01 April 2025 11:18 PM

ඒ මැණික් මල්ලද දන්නේ නෑ අර ඩේසි ආච්චිට අරන් ගිහින් දුන්නේ කව්ද එකෙක්.

:       0       1

ගමේ එකාලා Tuesday, 01 April 2025 11:42 PM

ඩේසී ආච්චි ළග, එහෙම නැත්නම් මැදමූලනේ කට්ටිය ගාවට ගියාද කවුද දන්නේ ?

:       0       1

Neel Wednesday, 02 April 2025 10:33 AM

ගිය පාර කෝප් එකේදී එලියට ආව ... ..

:       1       5

කෞෂි Wednesday, 02 April 2025 03:54 PM

කලින් ආව කමෙන්ට් පහුවෙලා දාන කැත පුරුද්ද ඉක්මනින්ම නැතිවේවායි ප්‍රාර්ථනා කරනවා!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site