IMG-LOGO

කොටගල එකම පවුලේ 11 දෙනකු ඇතුළු 28 කට කොරෝනා

    (සුදත් එච්. එම්. හේවා )

කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් එම පවුලේ 11 දෙනකු ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 28 දෙනකු අද(03) ලැබුන පි. සි. ආර්. වාර්තා මත සොයා ගැනිමට හැකිවු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මෙම ආසාදිතයන් 28 දෙනා,  කොටගල නගරය ආසාදිතයන් 05ක්,හැරින්ටන් වතුයාය ආසාදිතයන් 04ක්, ෆොරස්ට් කුවික් වතුයාය ආසාදිතයන් 11ක්, මවුන්ට් වර්නන් වතුයායෙන් ආසාදිතයන් 06ක් ස්ටෝනි ක්ල්ප් වතුයායෙන් ආසාදිතයන් 02ක් වශයෙන් හමුව ඇති සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම ආසාදිතයන් අතරින් ‍ෆෝරට් කුවික් වතුයායෙන් හමුවු ආසාදිතයන් 11 දෙනාම එකම පවුලේ අය බවත් කොටගල නගරයේ හමුවු ආසාදිතයන් 05 දෙනාද එම පවුලේ අය බවත් එම පවුලේ අවුරුදු දෙකක පමණ ගැහැනු දරුවකුද සිටින අනාවරනය වී ඇතැයි කාර්යාලය කියයි.

මෙම ආසාදිතයන් සියලුම දෙනා මෙයට පෙර මෙම ප්‍රදේශවලින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි    

 



අදහස් (0)

කොටගල එකම පවුලේ 11 දෙනකු ඇතුළු 28 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site