(ඩයනා උදයංගනී)
එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි.
මෙරට පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මාන හයෙන් පහකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවත්, ඒවායේ රැකවරණය ලබන දරුවන්, තරුණ තරුණියන් මෙන්ම නේවාසික හා නේවාසික නොවන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙලෙස කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.
පිළියන්දල පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් සහ තරුණ තරුණියන් 40ක්, මවුවරුන් ඇතුළුව නේවාසික කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සහ නේවාසික නොවන තරුණ තරුණියන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 42 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද අධ්‍යක්‍ෂවරයා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මීට අමතරව අනුරාධපුර ළමා ගම්මානයේ 10 දෙනකුටද, යාපනය ළමා ගම්මානයේ සිවුදෙනකුටද, ගාල්ල ළමා ගම්මානයේ දෙදෙනකුට සහ මොණරාගල ළමා ගම්මානයේ දෙදෙනකුටද රෝගය ආසාදනය වී ඇතැයි ද අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.
සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශයන් අනුව, රෝගය වැළඳුණු සියලුම දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්, ඔවුන් අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සුරක්ෂිතව සිටින බවත් රත්නදුරෙයි මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එස්.ඕ.එස් ළමා ගම්මානවලත් කොරෝනා පැතිරෙයි