IMG-LOGO

එජාප පුංචි මන්ත්‍රීවරුන් 1137 ක් පක්ෂයෙන් පන්නයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන්  1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (21) සවස ඒකමතිකව තීන්දු කළේය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත. මොවුහු සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂයකට සහාය දැක්වූවෝ වෙති. 

එසේම මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂ වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දී ඇති අය බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

 එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු කර තිබෙි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැති අතර ඊට කෘත්‍යාධිකාර මණ්ඩල සභිකයෝ බහුතරයක් සහභාගී වී සිටියහ.
සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක පමණ කණ්ඩායමක් නිදහසට කරුණු කීමට අවස්ථාව ඉල්ලා තිබුණ ද එය නොසලකා සියලු දෙනා ඉවත් කිරීමට පක්ෂ කෘතාධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ.

තවමත් පළාත් පාලන ආයතන නිල කාලය අවසන්ව නොමැති බැවින් පක්ෂය විසින් ඉදිරියේදි නව සභිකයන් 1137 දෙනකු පළාත් පාලන ආයතන වෙත පත් කිරීමට නියමිතය.



අදහස් (3)

එජාප පුංචි මන්ත්‍රීවරුන් 1137 ක් පක්ෂයෙන් පන්නයි

කල්පනා Tuesday, 21 February 2023 08:50 PM

රටේ යම් වැදගත් දිනයක් වෙනුවෙන් හිරකරුවන් නිදහස් කිරීමේ පුරුද්දක් තියෙනවා.. ඉතින් මෙහිදී උපතේ සිටම එජාප හිරකරුවන් වූ 1137ක් නිදහස් කරලා තියෙනවා...!

:       0       0

Perera Tuesday, 21 February 2023 11:12 PM

අලියා පිටේ යන්න පුළුවන් දෙන්නටයි .නැත්නම් තුන් දෙනාටයි .1137 කට අලියා පිටේ යන්න බැහැ නේ

:       0       0

chandima Wednesday, 22 February 2023 07:00 AM

එහෙනම් පාර්ලිමේන්තුවේ ඔය ඕනෑතරම් ඒ පැත්තට මේපැත්තට පනින්නේ... මිටි තැනින්නේ වතුර ගලන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site