(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
පුත්තලම හා ආණමඩුව පොලිස්ථාන ස්ථාන දෙකකදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ පෙට්‍රල් තොගයක් පිටස්තර ලොරි රථ දෙකකට අලෙවි කළ පිරිසක් පෙට්‍රල් ලීටර් 13200ක් සමග අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ආණමඩුව හා පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් සැකකරුවන් හය දෙනකු,ඉන්ධන බවුසරය හා ඉන්ධන මිළදි ගැනිමට ගත් ශීතාගාර සහිත ලොරි රථ දෙකක් අත් අඩංගුවට ගෙන ඇත.
ආණමඩුව පොලිසියට ලැබුන තොරතුරක් මත ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ නිවසක ඉන්ධන බවුසරයකින් හොර රහසේ ලොරි රථවලට ඉන්ධන ලබා දෙන බවට දුන් තොරතුරක් මත වැටලිමක් සිදු කර තිබේ.
ඒ වන විටත් අදාල මෙම ඉන්ධන බවුසරයෙන් පෙට්‍රල් ලබා ගනිමින් තිබු ශීතාගාර ලොරියක් පුත්තලම දෙසට යමින් තිබු බවත් ඒ පිළිබදව ආණමඩුව පොලිසිය කඩිනමින් ඒ පිළිබදව පුත්තලම මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශයට දැනුම් දීමේන් පසු අදාල ලොරි රථය පුත්තලම කුරුණැගල මාර්ගයේ 4 කනුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගෙන තිබුනී.
එය පරික්ෂා කිරිමේදි බැරල් 20 ක පෙට්‍රල් ලීටර් 4000 ක් සොයා ගැනිමට පුත්තලම මූලස්ථාන පොලිසියේ නිළධාරිහු සමත් වූහ. ලොරි රථයේ සැකකරුවන් දෙදෙනාද අත් අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ වැටලිමට එක්වු ආණමඩුව පොලිස්ථානයේ නිළධාරින් විසින් ඉන්ධන බවුසරය, පෙට්‍රල් ලීටර් 9200 හා පෙට්‍රල් ලබා ගැනිමට පැමිණ තිබු තවත් ශීතාගාර සහිත ලොරි රථයක් හා බැරල් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනකු අත් අඩංගුවට ගැනිමට සමත් ව තිබේ.
කොළඹ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් ආපදාවකට ලක්විමත් සමග මාදම්පේ ප්‍රදේශයෙදි තවත් බවුසරයකට ඉන්ධන පුරවා ඇති අතර එම ඉන්ධන ආණමඩුව තෝනිගලට ප්‍රදේශයෙදී මෙසේ ජාවාරමේ නිරත වී ඇති බව කියයි.
මෙම පෙට්‍රල් මන්නාරම සිලාවතුර ප්‍රදේශයට රැගෙන ගොස් එහිදි ධිවර යාත්‍රාවලට මෙම ඉන්ධන නිකුත් කරන මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හා ඉන්ධන බවුසරය හා ලොරි රථ දෙක ආණමඩුව හා පුත්තලම අධිකරණ වෙත අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ධන ජාවාරමේ යෙදුණු හතක් මාට්ටු