IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාව එක්ක අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකි නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) මාර්ලිමේන්තුවේදී පැවසීය.

සමහරු බදු එකතු කරලා භාණ්ඩාගාරය පුරවනවා පෙන්නලා හොරා කෑවා.ඒක එක ක්‍රමයක්.ඔයාලා ඒක එදා විවේචනය කළා.දැන් භාණ්ඩාගාරය පුරවල හොරා කනවා.එතකොට හොරා කනවා කියලා පේන්නේ නෑ.ඒක තමයි එන්.පී.පී එකේ හොරා කෑම.නූතන නවීන පන්නයේ අලුත්ම හොරා කෑම එයයි.ඇත්තම හැත්ත අවුරුදු සාපය කවුද කියලා දකින්න පුළුවන් එක පියවරක් තමයි මේ අයවැය ලේඛනය.එදා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙච්ච ඔබලා අවුලපු ඒ ගින්නේ ප්‍රතිඵලය වෙනුවෙන් මියැදිච්ච විරුවන් සැමරූ වෙලාවේ මම මේ ඉල්ලීම මම කරනවා.ඔබ ආණ්ඩුව අරගෙන ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකිනම් අපට පෙන්නන්න.ඔයාලා ඉන්දියාවට විකුණන්නෙ මොනවද කියලා කියන්න යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා කීය.



අදහස් (2)

ඉන්දියාව එක්ක අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් දෙන්න

222222222 V Friday, 14 November 2025 01:24 PM

ඒකෙ ගිනි පොලියට සල්ලි දෙන අයට මන්ත්‍රීකෙනෙක් වෙන්න බෑ කියලා තියෙන හින්දා පෙන්නන්න බැහැ.

:       4       0

සමන් විමල් Friday, 14 November 2025 03:46 PM

හරක් 159 එක බූරුවටයි පුලුවන් කියලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2396 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site