(ආනන්ද ඉ ජයකොඩි)
කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි තිදෙනකු තියුණු ආයුද ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව නිට්ටඹුව පොලීසිය.
එම ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් කිසියම් පැරණි කෝන්තරයක් මූලික කර ගෙන අද අලුයම 03 ට පමණ බහින් බස් වීමක් සිදු වී අවසානයේ පිහිවලින් ඇන ගැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවද පොලීසිය කීය.
මොවුන් ගෙන් එක් පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලටත් තවත් පුද්ගලයෙකු ගම්පහ රෝහලටත් අනෙක් පුද්ගලයා පෞද්ගලික රෝහලකටත් ඇතුලත් කොට ඇති බවත් පෞද්ගලික රෝහලට ඇතුළත් වී සිටි පුද්ගලයා තුවාලවලට ප්‍රතිකාර ලබා ගෙන පිටව ගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවද පොලීසිය කියා සිටියේය.
රෝහල් ගතව සිටින පුද්ගලයන් දෙදෙනාට ද බරපතල තත්වයක් නොමැති බවද පොලීසිය කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්ධන හලේ පිහි පහරින් තුනක් රෝහලට