IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි

(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා වන විට නැවත සක්‍රීය කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (16) පැවසීය.

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්විමට තවත් දින හතරක් හෝ පහක් ගතවනු ඇති බව කී විමලරත්න මහතා ඉන් පසුව ඉන්ධන බලාගර සක්‍රීය කිරීම පිළිබඳව අවදානය යොමු කරන බව ද සඳහන් කළේය.

උත්සව සමයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම අත්හිටුවා සෙසු ජනන යන්ත්‍ර අඩු ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ බවත් එම වාසිය වහළය මත සවිකර ඇති සූර්ය පැනල හිමියන්ට දුන් බවත් ඒ මහතා කීය.

 



අදහස් (3)

ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි

පොඩිඑකා Wednesday, 16 April 2025 07:49 PM

කෝ අපේ මේ සූරිය කෝෂ කාරයෝ..?

:       9       8

Wiraj Wednesday, 16 April 2025 08:38 PM

මිනිස්සු කෑ ගහපු නිසා තමයි ඕවා වැහුවේ. නැත්තන් මොවුන් කිව්වේ වෙන කතාවක්. ඔය මිනිස්සු කියන එකට සයිලන්ට් වුනේ ඡන්දේ ළඟ නිසා. ඡන්දෙන් පස්සේ සෝලා පැනල් වලින් ගිනිමැල ගහලා ගිනි තපින්න තමයි වෙන්නේ...!

:       2       2

විදර්ශන Friday, 18 April 2025 11:40 AM

ඉන්ධන බලාගාර නතරකොට සූර්‍යබල විදුලියෙන් ක්‍රියාත්මක කළහැකි අයුරු පුවත්පත් මගින් පෙන්වාදීම නිසා මහජන විරෝධයක් ඇතිවුණා. ඒ නිසා එයට අනුගත වන්නට සිදුවුණා. පුදුමය නම් සෝලා විදුලිය රු 27/= ට ගන්න හැකියාව තිබියදී ඩීසල් විදුලිය රු 126/= ට ගන්න උත්සාහ කිරීම නොවැ. මේ තීරණ ගත්තු අයට විරුද්ධව පුනරුද රජය පියවර ගනීවිද? නැතිනම් ගොම්මන් පිල්ලෙයාන්ලා නාමල් ඩේසි යෝශිත පස්සේ විතරක් ගිහින් සංදර්ශන පවත්වයිද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 740 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site