IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්ධනවලට තැන තැන විරෝධය

ඩිසල් නොලැබිමට විරෝධය රට පුරා තැන් තැන්වල පිරිස් මාර්ග හරස් කරමින් විරොධතා පැවැත්වුහ.

පුත්තලම - කොළඹ මාර්ගය හරස් කර පිරිසක් විරෝධතාවයක නිරත වු බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙම විරෝධතාකරුවන් පවසන්නේ පසුගිය 18 දින සිට මදුරන්කුලිය සමුපකාර ඉන්ධන පිරවුම් හල ඇතුළු අනිකුත් ඉන්ධන හල් වෙත ඩිසල් නොලැබුන බවයි.

හොරණ කුලුපන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල රාත්‍රි 10 වසා දැමීමට හිමිකරුවන් පියවර ගැනීමත් සමගම බස්රථ රියදුරන් සිය බස්රථ පානදුර රත්නපුර මාර්ගයේ හරස් කර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක දැක්වූහ

ඉන්ධන පිරවුම් හල වෙත ලැබී ඇති අතර රාත්‍රී දහයට සුපුරුදු ලෙස වසා තැබීමට පියවර ගැනීමත් සමගම මෙම තත්ත්වය හටගෙන ඇත

පල්ලෙවෙල ඉන්ධන පිරවුම් හල අසල පුරා සතියක් තිස්සේ ඩීසල් ලබා ගැනීමට රැඳී සිටි වාහන රියදුරෝ මාර්ගය හරස් කර වාහන නවතා විරෝධතාවයක් ආරම්භ කළහ.

මෙම රියදුරු පිරිස දහවල් කාලයේද විරෝධතාවක යෙදීමට සූදානම් වූ අවස්ථාවේ පස්වරු දෙකට ඉන්ධන බවුසරයක් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත රැඳී බලා සිටියත් එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් ඉන්ධන පිරවුම් හල දෙපස මග තැනින් තැන සිය වාහන හරස් කර නවතා මෙම උද්ඝෝෂණය ආරම්භ කරනු ලැබීය.

මේ හේතුවෙන් කල්ලෙලිය මැදගම්පිටිය මාර්ගයේ පල්ලෙවෙල හා කල්එලිය අතර වාහන ගමනාගමනය ඇනහිටියේය.

(හිරාන් ප්‍රියංකර,බිමල් ශ්‍යාමන් සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

 



අදහස් (4)

ඉන්ධනවලට තැන තැන විරෝධය

sharm warn Wednesday, 30 March 2022 09:12 AM

මිනිස්සු දරුවන්ට කන්න දෙන්න හැටියක් නැතිව දුක් විඳින වෙලාවේ, මේ මන්ත්‍රීලගේ දරුපවුල් වලට පාර්ලිමේන්තු කැන්ටින් එකෙන් කන්න දෙන්න යනවලු... ඒ අයට පාර්ලිමේන්තුව බලන්න එන්න දෙනවලු... ඒ නිසා කැන්ටිමෙන් කන්න දෙනවලු.

:       1       4

de silva Wednesday, 30 March 2022 11:06 AM

මහ බැංකු අධිපති සහ මුදල් ඇමති යන දෙදෙනාම තනතුරු වලින් ඉවත් වෙන්න .එතකොට මේක කරන්න දැනුමක් ඇති පුද්ගලයෙක් පත් කරගන්න පුළුවන් .මේ දෙන්නටම වැඩ බැහැ

:       2       5

fairoosWednesday, 30 March 2022 12:39 PM

ඇයි ඒ දෙන්නා විතරක්? එතකොට නන්දසේන පාස්ද? මෙහෙමත් මෝඩ අය ඉන්න රටක මෙහෙම වෙලා මදි...!!! 

:       1       3

de silva Wednesday, 30 March 2022 01:56 PM

නන්දසේන ෆේල්....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site