IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ විරෝධතා ශබ්දකෝෂයත් වෙනස් කරයි

රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත කළු ජාතික තරුණියක කළ ඉල්ලීමකට අනුව වෙනස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය පියවර ගෙන ඇත.

‘රේසිස්ම්’ (racism) යන වචනයේ අරුත වන්නේ විවිධ වර්ණවලට අයත් ජනතාව පීඩාවට පත් කිරීම එම ජනතාවට හිරිහැර කිරීම යන්න යි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංග්‍රීසී-සිංහල ශබ්දකෝෂයක් වන ‘මලලසේකර’ ශබ්දකෝෂය ‘රේසිස්ම්’ (racism) යන වචනයට දී ඇති අරුත වන්නේ ‘වර්ගවාදය’ යන්නයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා හි ඩ්‍රේක් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන කෙනඩි මිචම් ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය මුද්‍රණය කරන ‘මේරියම් වෙබ්ස්ටර්’ සමාගම අමතා ‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත යාවත්කාලීන කරන්නැයි පවසා ඇත.

‘මේරියම් වෙබ්ස්ටර්’ සමාගම 1847 වසරේ සිට ශබ්දකෝෂ ප්‍රකාශයට පත් කරයි.

‘‘මම ඔවුන්ට කීවේ මෙච්චරයි. මිනිස්සු කණ්ඩායමක් ක්‍රමානුකූලව පීඩාවට පත්වෙනවා. ඒක නිකං මං මනුස්සයෙක්ට කැමැති නෑ නෙමෙයි. ක්‍රමානුකූලව මිනිස්සු කණ්ඩායමක් පීඩාවට පත්කරනවා කියන අදහස එන්න ඕනෑ’’ යැයි සී.බී.ස් පුවත්සේවයට අදහස් දක්වමින් කෙනඩි මිචම් කීවාය.

මිචම්ගේ ඉල්ලීමට අනුව රේසිස්ම්’ (racism) යන වදනේ අරුත යාවත්කාලීන කරන බව ඉන් පසුව ‘මේරියම් වෙබ්ස්ටර්’හි කර්තෘ මණ්ඩල කළමනාකරු වන පීටර් සොකොලොව්ස්කි ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි.

අල්ජසීරා 
 055


 



අදහස් (10)

ඇමෙරිකාවේ විරෝධතා ශබ්දකෝෂයත් වෙනස් කරයි

සේන Wednesday, 10 June 2020 12:17 PM

ශබ්දකෝෂ නෙවෙයි, ආකල්පයි වෙනස් වෙන්න ඕනෑ.

:       18       8

Tharindu Perera Wednesday, 10 June 2020 12:47 PM

ආකල්ප ඉබේ වෙනස් වෙන්නේ නෑ. ශබ්දකෝෂ වෙනස් කිරීම ආකල්ප වෙනස් කරන මෙහෙයුමේ ආනිවාර්ය එක් පියවරක්...

:       0       19

PradeepWednesday, 10 June 2020 01:09 PM

ආකල්ප වෙනස් කිරීමේ මූලික අදියර තමයි මේ..

:       0       14

Champa Wednesday, 10 June 2020 01:20 PM

හොඳයි මේ කතාව. වර්ගවාදය කියන්නේ සාමාන්‍ය තේරුම. දැන් හැමෝම කියන්නේ systematic racism කියලා. අනිත් බහුලව පාවිච්චි කරන වචනේ colourism (වර්ණවාදය). ඒ කියන්නේ හමේ වර්ණයලා පැහැ අයට වැඩි අවස්ථාත්, හමේ වර්ණය තද පැහැ අයට අඩු අවස්ථාත් දීමෙන් කරන වෙනස්කම (විශේෂයෙන් කාන්තාවන්ට). එකම වර්ගයා අතරේ තමයි මේ වෙනස්කම වැඩිපුර තියෙන්නේ. දරුවන්ට වුණත් පොඩි කාලෙදීම සුදු පැහැ හම ලස්සනයි, කළු පැහැ හම කැතයි වගේ අදහසක් ගෙදරදීම සහ සමාජය විසිනුත් දෙනවා. ළමුන්, තරුණියන් සහ කාන්තාවන්ට කරන මේ අගතිය ආසියානු සහ අප්‍රිකානු ජාතිකයන් අතර බහුලයි. ඒ මොකද කිව්වා නම් ආසියානු සහ අප්‍රිකානුවන් අතර හමේ පැහැයලා සහ තද දෙවර්ගයම ඉන්න නිසා. ප්‍රියංකා චොප්රා වර්ගවාදයට එරෙහිව කතා කරහම බොහෝ දෙනෙක් ඇයට විරුද්ධ වුණා. ඒ මොකොද ඇය skin whitening cream ගැන තියෙන දැන්වීම් වල පෙනී සිටිමින් වර්ණවාදය ප්‍රවර්ධනය කරමින් හමේ පාට තද කාන්තාවන්ට අගතියක් කරන අතරේ, වර්ගවාදය ගැන කතා කිරීම විහිළුවක් නිසා...

:       1       12

anuruddha Wednesday, 10 June 2020 04:06 PM

මේක ලංකාවටත් අදාලද?

:       1       28

ranaThursday, 11 June 2020 03:24 AM

නැහැ... අපේ අය අපේම ඇයො තලනවා වාසි ගන්න. ගොට්ට අල්ලනවා.

:       0       2

සාරගල නානගොඩ Wednesday, 10 June 2020 07:57 PM

අපිත් ඉතින් දෙයියනේ.. මොනතරම් අහිංසක මුස්ලිම් මිනිසුන් වර්ගවාදයට පත් කරනවද?

:       35       0

බද්රානි Thursday, 11 June 2020 08:02 AM

කවුරු කෙසේ කීවත් ඇමරිකාවේ ජනවාර්ගික ගැටළුවක් නැත. ඇමරිකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 13.4 ක් පමණක් වන කළු වාර්ගික ජනතාවට ඇමරිකානුවෙකු ලෙස සියලුම අයිතිවාසිකම් තිබුණත්, ඔවුන්ගෙන් බහුතරයකගේ විනය විරෝධී කලහකාරී හැසිරීම ඇමරිකාවේ පවතින ප්‍රධාන ගැටලුවයි. ඒ ගැන දන්නෝ දනිති. සමාජ හැසිරීම්වලදී බොහොමයක් කළු ජාතීන්ට සුදු ජාතික ඇමරිකානුවන් සමස පෑහී ජීවත් වීමට නොහැකි වී ඇත. එය කිසියම් ජානමය තත්වයකින් පැවත එන්නක් විය හැකිය.

:       4       11

JAYANTHAThursday, 11 June 2020 05:04 PM

95% එකඟයි. වර්ගවාදය පිනට ජිවත් වීමේ බිස්නස් එකක්.

:       0       0

ලෙස්ලි රණසිංහ Thursday, 11 June 2020 04:32 PM

සාරගල නනාගොඩ, ඔබ දක්ෂයෙක්. නමේ සැඟවුණු අරුත මට වැටහුනා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site