(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමේ සිද්ධිය ගැන විපක්ෂය විවාදයක් ඉල්ලූ විට ආණ්ඩුව එය නොදී කර ඇරීම සැක සහිත බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඩොලර් ලක්ෂ 25කට ආසන්න මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විපක්ෂයේ හැටියට අප ඊයේ විවාදයක් ඉල්ලුවා.මුදල් අමාත්‍යංශයේ මුදල් මෙලෙස කිසි දිනෙක වැරදි ලෙස ගෙවා නැහැ.එවැනි අවස්ථාවක විපක්ෂයේ අපි විවාදයක් ඉල්ලූ විට එය නොදී යටපත් කිරීමට උත්සාහ දැරීමම සැක සහිතයි.ඒ ගැන කතා කරන්න ඉඩ නොදෙන්නේ ඇයි?ඒ අනුව අපට ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රීවරු විසිදෙනෙක් නැගී සිට විවාදය ඉල්ලන්න සිදුවුණා.ඒ විවාදයේදීත් පැය භාගයක් අඩු කළා.
ආණ්ඩුවේ ඒ හැසිරීම සම්බන්ධයෙන් අපට තේරෙන්නේ නැහැ.ඇයි මේක කතා කරන්න දෙන්නේ ඇත්තේ ඇයි?මේ මියගිය පුද්ගලයාත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් බව සියලු දෙනා දන්නවා. ඔහුගේ මරණය සම්බන්ධවත් නොයෙක් ආකාරයේ කතාබහ තියෙනවා.ආණ්ඩුවේ ඉන්න නායකයන්ට මේක සුළු ගානක් වෙන්න පුළුවන්.නමුත් මේ රටේ ජනතාවගේ මුදල් සොරකම් කිරීම ප්‍රශ්නයක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ හැසිරීම නම් ගොඩක් හොදයි.
ඇයි රහුමාන් ඔයා එහෙම කියන්නේ?
මේ වගේ මහාපරිමාණ හොරකමකට වාද විවාද කරලා ඵලක් නැහැ. සියලු දෙනාම එකට එකතුවෙලා මීට සම්බන්ධ හොරු අල්ලලා දඬුවම් පමුණුවන එකයි කළ යුත්තේ... අනික, මේක ලංකාවේ ජානගත හොරුන්ට එවුන්ට කළ නොහැකි දෙයක්.. මෙයට විදේශ රටවල තාක්ෂණික විශේෂඥයින්ගේ සහාය ගැනීම අනිවාර්යයි. එසේ නොකොළ හොත් වර්තමාන රජය මෙහි පූර්ණ වගකීම භාරගෙන දඬුවම් ලැබිය යුතුයි. මම නම්, මේ අසමජ්ජාති ශ්‍රී ලාංකිකයින්ව තඹේකට විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ හොර, තක්කඩි බැංකු පද්ධතිය ආරක්ෂිත නොවුණාට, අනෙක් රටවල බැංකු පද්ධතිය ඉතාම ආරක්ෂිතයි. අනිවාර්යයෙන්ම මේ හොරකමට ලංකාවේ එවුන් සම්බන්ධයි. ඔබලාට මතකද, සිරිසේන ජනාධිපති සමයේ කුඩා ළමයෙක් රජයේ ගිණුමකට ඇතුල් වුණා කියලා තෑගිත් දුන්නා. ඒක පිටුපස සිටි වැඩිහිටි තක්කඩියන් අධෝමුඛයෙනුත් සිනා වෙන්න ඇති. හොරු වගේම ජානගත මෝඩයින් සිටින රටක් ගැන කවර කතාද? දීපියව් මේ රට අර තමිල්නාඩු නළුවාට, ඌ මොවුන්ට වඩා හොඳවෙයි.. තුප්පහි කාලකන්නි!!!