IMG-LOGO

අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක්

(යොහාන් භාසුර)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ සේවාවේ පළමු අදියර ලබන අප්‍රේල් මස 8 වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ගම්බිම් බලාගිය ජනතාවට දෙවන අදියර යටතේ නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පැමිණීමේදී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොණරාගල, බදුල්ල, හැටන්, මහනුවර සහ නුවරඑළිය යන බස් පර්යන්තවල මගී ඉල්ලුමට සරිලන පරිදි බස් රථ යෙදවීමට නියමිතය.

සිංහල අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක කරන බවත් මෙම කාලය තුළ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බවත් ගමනාගමන කොමිසම කියයි.  

එම කාලය තුළ බස්රථවල ඇතිවන තදබදය අඩු කරගැනීමට බස් සංචිතයක් පවත්වාගැනීමට සහ කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත් බස්හිමියන්ට නොමිලයේ තාවකාලික මගී සේවා අවසර පත් නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් කඩවත, කඩුවෙල බස් පර්යන්තයන්වල හා මාකුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේද එම කාල සිමාව තුළ අඛණ්ඩව සේවා පවත්වාගෙන යන බවත් ගමනාගමන කොමිසම සඳහන් කරයි.

ජාතික ගමනාගමන කොමිසම, යුධ හමුදාව, පොලිසිය, ලංකා ගමනාගමන මණ්ඩලය, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා කොළඹ නගර සභාව යන ආයතන එකතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.



අදහස් (0)

අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site