IMG-LOGO

අර්බුද විසඳෙන තුරු රාජ්‍ය ඇමතිවරු වෙිතන ගන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අර්බුද විසඳෙන තුරු වෙිතන නොමැතිව සේවය  කිරීමට රාජ්‍ය ඇමතිවරුන් තීරණය කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය  ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

රටෙි පවතින අර්බුද හමුවේ යම් කැපකිරීමක් කිරීමේ හැකියාව සැමටම තිබිය යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා කීය.

ඇමතිකම් ලබා ගැනීමේ තීරණය ගත්තේ රට වෙනුවෙන් යැයිද එනමුත් පක්ෂය ඒක වරද්දා ගත් අතර සමහර අයට "අප ඉවත් කරන්නට ඕන වුණා" යැයි  ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂය ගොඩනැගීමේ කටයුතු වල දී  තුන්වරක් තමා මැරෙන්නට ගිය බවද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඡන්දය ඉල්ලුවේ පොහොට්ටුවෙන් බවත්  පොදු ජන පෙරමුණට වාසි වෙලාවේ ඡන්දය ඉල්ලා අවාසි වෙලාවේ පැන දුවන එක නොකළ යුතු බවට තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.



අදහස් (7)

අර්බුද විසඳෙන තුරු රාජ්‍ය ඇමතිවරු වෙිතන ගන්නෙ නෑ

පුරවැසියෙක්.... Thursday, 08 September 2022 05:19 PM

හොදයි.

:       3       2

sena Thursday, 08 September 2022 05:33 PM

වේතනය මොකක්ද ගන්න අනිත් දේවල් බලනකොට..!

:       0       0

chandima Thursday, 08 September 2022 06:26 PM

එහෙනම් ප්‍රොමෝෂන් දුන්නේ ටික කාලෙකින් ගෙදර යද්දි වැඩිපුර පෙන්ශන් පඩියක් ගන්නද? ඒත් නැත්නම් රාජ්‍ය ඇමතිලාට දෙන වෙන වෙන වරප්‍රසාද ටික ගන්නද? කොලේ වහලා ගහන්න යන්නේ.

:       0       7

ගමේ එකාලා Friday, 09 September 2022 04:32 AM

දේශපාලුවන්ගේ ගැහිලි, කපටි, කෛරාටික කම්, නූල් සූත්තර වැඩ අපි දැනගෙන හුඟක් කල්.... සාන්තුවරයින් කියලා ලෝකෙටම පෙන්වන්න හැදුවාට වැඩක් නැහැ.

:       0       1

Demuni Uduwara Friday, 09 September 2022 07:23 AM

What about fringe benefits ?

:       0       1

wedage Friday, 09 September 2022 09:10 AM

එකතු කරලා එකපාර ගන්න නේද හදන්නේ.

:       0       3

Bamunuarachchi Saturday, 10 September 2022 02:39 PM

වේතන නැතිඋනාට අනිකුත් දීමනා වලින් ශේප් නේද? ඝෝටා ගෙනාපු නීති මතකද? පවුලේ අයට ලේකම් කම්දෙන්න බැහැ වගේ නීති. ඒ පවුලේම හිටපු කපුටෙක් ඒවාට කෙටුවා. කාවද තුමුන්නාසේලා මේ ගොනාට අන්දන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 454 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site