(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව වත්මන් අර්බුදවලට වගකිවයුත්තා "ඥානක්කා" බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
අර්බුදය විසඳීම පහසු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කල්තියාම විසඳුම් දැනුම් දුන් අතර මාර්තු මාසයේ දී මුහුණ දීමට සිදුවන බැරෑරුම් තත්ත්වය පිළිබඳව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ බවද එජාප මහලේකම්වරයා කීය.
ඇතිවිය හැකි ආහාර අර්බුදය ගැන මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කල් වේලා ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීම පිළිබඳවත් ඒ තුළින් ජනතාව පීඩනයට පත් වීම වළක්වා ගැනීම පිළිබඳවත් එජාප නායකයා කරුණු කීවත් ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකළ බවද රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අර්බුදයට වගකිවයුත්තා ගැන රංගේ බණ්ඩාර හෙළි කරයි
Sriland Monday, 28 March 2022 12:11 PM
මෙම අර්බුදයට වගකියන්න ඕනේ ජේ.ආර්. ගේ සිට දැන් දේශපාලනය කරන සෙට් එක. මේකේ මහ මොලකරු ජේ.ආර්...
Bamunuarachchi Monday, 28 March 2022 12:25 PM
ඔයාගේ ලොක්කා මහ බැංකුව හොරාකාපු හින්දා තමයි මේ ප්‍රශ්න ඉතාමත්ම දරුණු තත්ත්වයට පත්වුණේ... ඔයාගේ ලොක්කාත් ඥාණක්කා ළඟට යනවනේ. ඇයි දන්නේ නැද්ද?
Bamunuarachchi Monday, 28 March 2022 12:41 PM
ඥාණක්කාට තියෙන්නේ පුල්ලෙයාර් ඇතුළු දෙයියො දෙන්නෙක්ගේ බලය. ඒ නිසා ජනාධිපතිට කිසිම දිනක වරදින්නේ නැහැ..
Prabha Monday, 28 March 2022 02:26 PM
රුපියල් ඩොලර් කරන එක වොඩ්කා වතුර කරනවා වගේ ලේසියි කියලා හිතුණද?