
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (14) වැඩි ඡන්ද118කින් සම්මත විය.
විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 42ක් පමණි. මන්ත්‍රීවරු 8 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු,ජීජී පොන්නම්බලම්, රාමනාදන් අර්චුනා, රිෂාඩ් බදියුදීන් සර්ව ජන බලය නායක දිලිත් ජයවීර යන මහත්වරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සහ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරු වෙති
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයදින හයක් පැවැත්විණ. විවාදය ආරම්භ වූයේ පසුගිය 8 වැනිදාය.අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාවේ විවාදය)හෙට (15) ආරම්භ කෙරුණ අතර එම විවාදය දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම( අවසන් ඡන්දය) දෙසැම්බර් 5 වැනිදා පස්වරුවේ පැවැත්වේ. මෙය රජයේ දෙවැනි අයවැයයි. එසේම ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලේඛනයයි.
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි