(අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාම ජූල් පල්ලම පාලම අසල දී පොලිස් අණ නොතකා කතරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇත.
වෙඩිතැබීමෙන් තුවාල ලද පුද්ගලයා මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත් මෙම වෙඩි තැබීමෙන් තිස්සමහාරාම බෝගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි තරුණයකු තුවාල ලබා ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.
ත්‍රීරෝද රථය පැදවූ එම පුද්ගලයාට රියදුරු බලපත්‍ර නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර ඔහු සමග ත්‍රිරෝද රථයේ ගමන් ගත් එම පුද්ගලයාගේ පියා එම අවස්ථාවේ බීමතින් සිටි බවට ද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ පිළිබඳව තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයා ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ ඔහුට ත්‍රිරෝද රථය නතර කිරීමට ඔහුට සංඥා නොකළ බවයි.
ජුල් පල්ලම ප්‍රදේශයෙන් මිතුරෙකුගේ නිවසට ගොස් එමින් සිටි අතරතුර මෙම වෙඩි තැබීම සිදුකළ බව ඔහු කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අණ නොතකා ගිය ත්‍රිරෝද රියට පොලිසියෙන් වෙඩි
ruwan Friday, 09 September 2022 09:26 AM
වෙඩි තියන්නෙ නැතුව 3 වීල් එකක් පස්සෙන් ගිහින් අල්ලගන්න බරි පොලිසිඉයක් මොකටද?.
somaFriday, 09 September 2022 11:36 AM
පස්සෙන් යන්නේ මොන එහෙකටද?
janahithaFriday, 09 September 2022 12:01 PM
ත්‍රීවිල් අස්සෙන් දුවන්නේ මොකටද? තුවක්කු අතේ තියන්...!
ganegoda Friday, 09 September 2022 01:23 PM
පොලිසියෙන් ‘‘නවතිනු‘‘ කිව්වාම නවතින්න ඕනේ. නැවතිය යුතුයි..! අපි මේවා පාසල් කාලයේදීම ඉගෙන ගත්තු දේවල්. අපි කැමැතියි පලායන හැම වාහනයකටම වෙඩිකියලා පරීක්ෂා කරනවා නම්..!
BamunuarachchiSaturday, 10 September 2022 07:19 AM
මේ මොන මට්ටේක්ද? නවතින්න කිව්වාම නවත්ත්නන්න බැරිනම් කුඩු වෙන්නම වෙදිතිබ්බාම ප්‍රශ්නය මොකක්ද? මෙයා බලාපොරොත්තු වෙන්නේ මෙයා පස්සේ ඇවිල්ල ස්ව්දිඅරාබියේ වගේ අතට අත දීල සලාමලේකුම් කියලා මොකො මල්ලි නවත්තන්න නැතුව ගියේ කියලා අහයි කියලා. විකාර.
samaadi Friday, 09 September 2022 02:29 PM
මුඩුක්කු නීති රීති සහමුලින්ම විනාශ කළ යුතුයි...!
BamunuarachchiSaturday, 10 September 2022 11:16 AM
නීති පිලිපදෙන්නේ නැති මුඩුක්කු කාරයෙකුට තමයි පොලිසිය ඩෝන් තියා තිබෙන්නේ? ත්‍රීවීලර් කාරයින්ට අනුකම්පා කරන්නේ මුඩුක්කු කාරයෝම තමයි.