IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ

චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි.

පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කර ගැනීමට පෙත්‍ර ෆියාලා සහ ඔහුට සහාය පළ කරන පක්ෂ සමත් විය. ඒ අනුව, ජනාධිපති මයිලෝස් සෙමාන් රජයක් පිහිටුවන්නැයි ෆියාලා ට ඇරැයුම් කළේය.

77 හැවිරිදි ජනාධිපති මයිලෝස් සෙමාන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව හඳුනා ගැණුනේ පසුගිය සතියේය. අධික ලෙස මත්පැන්වලට සහ දුම්පානයට ඇබ්බැහි වූවකු ලෙස සෙමාන් ප්‍රකටය. එමෙන්ම ඔහු දියවැඩියා රෝගියකු ද වෙයි. වෛද්‍ය උපදෙස් අනුව, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වුණු සැණින්, මයිලෝස් සෙමාන් රෝහල් ගත කෙරුණි.

මයිලෝස් සෙමාන් පසුගිය දා වෛද්‍ය උපදෙස් අනුව, සෞඛ්‍ය නීතිරීති පිළිපඳිමින්, ආරක්ෂිත ඇදුමින් සැරැසී, වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ රෝද පුටුවෙන් ජනාධිපති මන්දිරයට පැමිණියේ දිවුරුම් දීමේ කටයුතු සඳහාය. විශේෂ වීදුරු කුටියක් ජනාධිපතිවරයා වෙනුවෙන් සකස් කර තිබුණි. ඔහු ඒ තුළ සිටි අතර, පෙත්‍ර ෆියාලා මීටර් කීපයක දුරින් සිට දිවුරුම් දී අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තේය.

(රොයිටර්)



අදහස් (1)

අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ

Hafeel Monday, 29 November 2021 11:14 AM

එහේත් 70 පැනපු ජනාධිපතිලා ඉන්නවනේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 631 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site