IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අංක තහඩු නෑ: වාහන ලක්ෂ දෙකක් ගොඩගැහිලා

(සුජිත් හේවාජුලිගේ)

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය  මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක්  ගොඩගැසී වාර්තාවේ.

එම වාහන බොහොමයක්  නව ලියාපදිංචි කිරීම් වන අතර සෙසු වාහන පැවරුම් ඔස්සේ පළාත් මාරු කිරීම් සිදුකර තිබෙන ඒවාය.

මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලුවක් මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය  පසුගිය මාර්තු මාසයේ දී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත.

අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (5)

අංක තහඩු නෑ: වාහන ලක්ෂ දෙකක් ගොඩගැහිලා

මාලිමාගැත්තා Saturday, 31 May 2025 01:26 PM

වාහනවලට මොකටද අංක තහඩු...? මිනිසුන්ට මොකටද පාස්පෝර්ට්. මේ සේරම අවශ්‍ය නෑ. අපි ජය පැන් බොමු. රට ගොඩේ ගොඩ.

:       8       85

fairoos Saturday, 31 May 2025 02:15 PM

එච්චර අලුත් වාහන තොගයක් ගෙන්නලාද?

:       36       14

mangala Saturday, 31 May 2025 02:37 PM

ඔය මඟුල් පළාත්සභා අකුරු මොකට ගැහුවාද ඔය තහඩුවේ. මළ වද මදිවට වද... ගොන්කම තමයි....!

:       34       18

don Sunday, 01 June 2025 06:10 PM

වාහනේ චැසි අංකයට අනුව අංක කොටන්න.. එතකොට හරිම ලේසියි.

:       1       0

de silva Tuesday, 03 June 2025 12:52 PM

රටේ අවශ්‍ය පමණට වැඩිය රජයේ සේවකයෝ 3 ගුණයක් ඉඳලත් ඔවුන්ට බැහැ. පෝලිමක් නැතුව පාස්පෝර්ට් එකක් දෙන්න, පාස්පෝර්ට් එකට, හැඳුනුම්පතට, රියැදුරු බලපත්‍රයට, අවම වශයෙන් පැය 5-12 දක්වා පෝලිම් වල ඉන්න ඕනේ, අංක තහඩු නැති නිසා පෝලිමේ ඉන්න අවශ්‍ය නැහැ. මේ නිලධාරීන් බඳවාගෙන තිබෙන්නේ, මේ ක්‍රමවේද හදලා තිබෙන්නේ පසුගිය ආණ්ඩුව, අලුත් ආණ්ඩුවේ අදහස අපි මේවා හැදුවෙත් නැහැ. වෙනස් කලෙත් නැහැ. වෙනස් කරන්න අදහසකුත් නැහැ, ඒක නිසා අපිට බනින්න එපා. අපිත් ඔබලා සමග පරණ ආණ්ඩුවලට බැන බැණ, මාලිමාවට සම්බන්ධ වුර්තිය සමිති කාරයින්ට ඕනේ විදිහට රජයේ කාර්යාල පාලනය කරන්න ඉඩ දීලා ඇස් කන් පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site