(බිඟුන් මේනක ගමගේ)
පහ වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා සමත්වන දරුවන්ට උසස් පාසලකට ඇතුලත් වීමට ඇති අවස්ථා ගණන අධ්‍යාපන බලධාරින් සම්පූර්ණ නොකොට ඒ වෙනුවට වංචනික ලෙස ඉහළ ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කරන බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට පැමිණිලි කර ඇත.
පසුගිය වසර තුනක කාලය තිස්සේ මෙසේ පහ වසර ශිෂ්‍යත්වය ඉහළින් සමතුන්ට ඇති අවස්ථා මුළුමනින් පුරවා නැතැයි ද ඒ අනුව මෙසේ පැමිණිලි කොට ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(23) පැවැසීය.
මෙම වංචනික ක්‍රමවේදය නිසා ශිෂ්‍යත්ව දරුවන්ට හිමි පුරප්පාඩු රැසක් දිවයින පුරා පාසල් රැසක පවතින්නේ යැයි කී හෙතෙම මෙය තනිකරම එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමක් යැයි චෝදනා කළේය.
දේශපාලකයන්ගේ හා බලවතුන්ගේ ඕනෑ එපාකම් මත සිදුව ඇති මේ අවනඩුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශයේ නිලධාරින් සෘජුව වගකිව යුතු යැයි ද ස්ටාලින් මහතා අවධාරණය කර කීය.
මෙවැනි වංචනික සිදුවීම්වලදී කෙරෙන පැමිණිලි මත විවිධ පරීක්ෂණ පැවැත්වුවද ඒවායේ නිගමන අනුව වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම බලවත් දුර්වලතාවයක් යැයි ද දූෂිත නිලධාරින්ට යළි යළිත් එම ක්‍රියාවල නිරතවීමට අවස්ථාව ලැබෙන්නේ එහෙයින් යැයි ද ස්ටාලින් මහතා චෝදනා කළේය.
එමනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි උදක්ම අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පහ වසර ශිෂ්‍යත්ව මගඩියක් ගැන අධ්‍යාපන ඇමැතිට පැමිණිල්ලක්
sharm warn Monday, 23 December 2019 10:17 AM
අයියෝ මේ ශිෂ්‍යත්ව වසංගතයත් ඒ හරහා මෑතකාලීනව බිහිවුණු ජනප්‍රිය පාසල් රැල්ලත් නිසා අපේ දරුවන් කීදෙනෙක් අනාගතය අඳුරු කරගෙන ඇතිද...? මේ ක්‍රමය ඉවත්කර 5 වසර විභාගයෙන් ඉස්සර වගේ මූල්‍ය ආධාර උවමනා දරුවන් තෝරා ගැනීමක් කරන්න. මේ පොඩි දරුවන්ගේ මනස කන ක්‍රමය නිවැරදි කරන්න.
Charith Monday, 23 December 2019 10:49 AM
2016 වසරේ මාගේ පුතා මෙම විභාගය සමත් වූ අතර ඔහු තර්ස්ටන් විද්‍යාලයට තේරුණි. ඔහු ඇතුළත් වනවිට පන්තියේ සිසුන් ගණන 27ක්වූ අතර දැන් සිසුන් වසර අවසන් වනවිට සිසුන් ගණන 39 කි.
Ravidu Monday, 23 December 2019 11:46 AM
පගාවට, අල්ලසට ළමයින් ඇතුළට ගන්නවා.