IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නව රජයෙන් තවත් බදු සහන

(නිමල කොඩිතුවක්කු)

උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ  සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය.

එමෙන්ම සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප‍්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම බද්ද පළමු ලක්ෂ දෙකහමාර සඳහා සියයට  හයකුත් ඉන්පසු වැඩිවන සෑම ලක්ෂ දෙකහමාරක් සඳහා සීයයට 12, සීයයට 18 දක්වා වැඩිවනු ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත්  අමාත්‍යවරයා පැවැසීය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී ඔහු මේ බව පැවැසීය.

පොරොන්දු වූ පරිදි බදු සහන ලබාදීම රජය පළමුවෙන්ම සඳහන් කළ බවත් කී අමාත්‍යවරයා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබාදීමට නව රජය සැලසුම් කර ඇති බවත් කීය.

බදු ආදායමෙන් අහිමිවන මුදල් ලබා ගැනීම සඳහා රජය සුලසුම් සකස් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලයේ සිට පහළට ගලායන පරිදී විශාල ලෙස වියදම් කප්පාදුවක් සිදු කර ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (14)

නව රජයෙන් තවත් බදු සහන

dinum Thursday, 28 November 2019 07:49 PM

කොහොමත් දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්. අපේ රට දියුණු කරන්න පුළුවන් කෘෂිකර්මාන්තයෙන් සහ සංචාරක කර්මාන්තයෙන් බව. විදේශ රැකියා මගිනුත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. අපේ රටේ කර්මාන්ත නිෂ්පාදන සහ සේවා අංශ වලින් දියුණුවක් කරා යන්න බැහැ. මොකද ලොකුම හේතුව තමයි අපේ වෘත්තිය සමිති සමග වැඩ කරන්න කිසිම රටක මොලයක් තියෙන ආයෝජකයෝ එන්නේ නැහැ. දේශීය ආයෝජකයෝ උනත් විදේශීය වෙළඳ පොළ සමග තරඟයක් දෙන්න බැහැ මේ වෘත්තිය සමිති ප්‍රශ්න තියෙන නිසා .

:       0       108

Rohana Friday, 29 November 2019 12:16 AM

බදු අඩු කිරීම බදු ගෙවන අයට හොඳය. නමුත් අඩු කළ බද්ද වෙනත් මාර්ගයකින් පෙරටත් වඩා වැඩි බද්දක් ලෙස නැවත අයකර ගැනීමට බලාපොරොත්තු වෙන බව මේ ප්‍රකාශය පරීක්ෂාවෙන් කියවන විට පැහැදිලි වෙනවා.

:       9       0

Bamunuarachchi Friday, 29 November 2019 01:28 AM

ස්තුතියි මහත්වරුනි, දැන් අපිට යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන්

:       0       1

කෝලිත Friday, 29 November 2019 01:29 AM

අපනයන ගැන හිතන්න ඉස්සරවෙලා විදේශ රටවල් එක්ක හොඳින් ඉන්නයි, මේ රටේ විරුද්ධ පක්ෂිකයාට හිරිහැර කරන්නයි යන්න එපා. ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියන මානසිකත්වය නැතිකරගන්න.

:       0       0

සමුර්ධි Friday, 29 November 2019 01:40 AM

ඇත්තටම මෙතෙක් ඉතිහාසයේ හොඳම බදු ප්‍රතිපත්තිය මෙයයි. ව්‍යාපාරයක් කරගන්න බෑ බදු, සල්ලි පොතක දාලා තියන්න බෑ. බදු, එෆ්.ඩී. එකටත් බදු, දුක් මහන්සියෙන් රටවල නැහිලා එවන ගාණටත් බදු. කිසිම දෙයක් කරගන්න බැරුව වස ටිකක් බීලා මැරෙන්න විතරක් ඉතුරුකරලා තිබුණු කාලකණ්ණි පාලනයක් නිමාකිරීම ගැන අවංකවම ස්තුති වෙමු. අනිවාර්යයෙන්ම අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුමයි..

:       0       3

මුණසිංහ Friday, 29 November 2019 03:06 AM

සුභදායී යමක් සිදුවෙමින් පවතින බව පේනවා. මෙම ඉලක්ක සපුරා ගැනීමට සියලු දෙනා අවංකව කැපවීමත් අවශ්‍යයි. විශේෂයෙන්ම ඇමතිවරු තමන්ගේ සුඛවිහරණය නොව රට ගැන සිතිය යුතුයි.

:       1       5

sharm warn Friday, 29 November 2019 03:41 AM

ඊට පස්සේ හැමෝටම ආදායම් බදු ලිපි ගොනුවක් බැගින් විවෘත කරමු. බලාගෙන ඉන්නකෝ මහා මැතිවරනෙන් පස්සේ තමයි එළිපිට නැටුම් බලන්න වෙන්නේ.

:       1544       1612

rana Friday, 29 November 2019 04:25 AM

පෙර දවස රු. 50,000 ට 4% ගෙවූ අපි දැන් රු. 20,000 ට 4% ගෙවිය යුතුද?

:       0       0

nalin Friday, 29 November 2019 04:57 AM

හංස ප්‍රතිචාර ගණන් ගන්න එපා. මේක ඔවුන්ට තේරුම්ගත නොහැකි වෙනස් ප්‍රවේශයක්... එකම අරමුණ නැවත ව්‍යාපාර සක්‍රීය කිරීමයි.

:       0       5

Shahiwal Friday, 29 November 2019 05:25 AM

ඊ ළඟ ඡන්දය එනකම් ඉන්න. ඉන්පසු ඒ අය ඉදිරියට නොපවත්වාවි...

:       0       0

සුමිත් Friday, 29 November 2019 06:20 AM

ඡන්දය දුන්නු අයට විතරක් මේ සහන දෙන්න විදියක් නැත්ද?

:       0       2

Rata Perata Friday, 29 November 2019 07:34 AM

අපේ රටේ මිනිස්සුන්ටත් නිකම් දෙනවා කිව්වා නම් ඕනෑම දෙයක් කරයි. මේවා දෙන්නේ කොහොමද කියලා බලන්නේ නෑ. අපේම බදු සල්ලි මේ දෙනවා කියන්නේ. මොකද මන්ත්‍රී, ඇමති පඩි අඩු කරලද? නෑනේ. නැත්නම් ඉතින් පහුගිය කාලේ හොරකම් කරපු සල්ලි අපහු දෙන්න ඇති. මොකද අපේ රටේ තණතීරු වලට අවම හොරකම් කරපු සල්ලි ගෙවන්න ඕන නෑනේ.

:       3       0

Mahee Friday, 29 November 2019 07:40 AM

මං හිතන හැටියට දියුණු රටවල හැම පුරවැසියාටම බදු අංකයක් තියෙනවා. සතපහක් හම්බකළත් බදුගෙවන්න ඕනෑ. අැන්.ඇම්. පෙරේරා මුදල් ඇමැතිකාලේ සියලුම රජයේ සේවකයෝ බදු ගෙව්වා. රජයේ ආදායම බොහොම ඉහළ ගියා. නමුත් අකාර්යක්ෂම පාලකයන් ඒකෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. බදු සහන දීම හොඳයි. නමුත් සංවර්ධනය අඩාල කරමින්, සුබසාධනය සඳහාම මුල් තැනදීම දේශපාලනික වශයෙන් වාසි වුණත් රටක් වශයෙන් නම් හොඳයි කියල හිතන්නේ නෑ. කළයුත්තේ රට සංවර්ධනය කර එයින් ලැබෙන ප්‍රතිලාභ සමස්ත රටවැසියාටම ලබාදීමයි.

:       0       1

ddd Friday, 29 November 2019 09:27 AM

ධනාත්මකව හිතන්න. කරන හැමදේකම වැරදී හොයනවට වැඩිය හොඳයි, අපි අපේ නායකයන්ට ආශීර්වාද කරනෙක මේ රට නැවත නගාහිටවන්න

:       43       69

ඔබේ අදහස් එවන්න

දියත

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 31 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 451 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 395 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 131 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1414 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 362 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site