IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පැය 12 කින් දිවයිනේ ඕනෑම තැනකට එළවළු

(කාංචන කුමාර ආරියදාස)

රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ  කළමනාකරු  ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය.


ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා එළවළු දඹුල්ලේ එළවළු මෙහෙයුම් කාර්යාලය මගින් සිදු කෙරෙන කාර්යය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ක්‍රිස්ටි විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
 
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති ආර් . බී .හේරත් මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරැවුල මහතා ද එක් වෙමින් නව එලවලු බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලැබීය.
 
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු  ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ එළවලු ව්‍යාපාර සිදුකළ යුත්තේ තම  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් තමන්ට අවශ්‍ය එළවළු  ඇනවුම ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ලබාදෙන ලෙසය .
 
එම ලබාදෙන  ඇණවුම්  එම අවස්ථාවේම විද්‍යුත් තැපෑල මගින් හා ෆැක්ස් මඟින් දඹුල්ල මෙහෙයුම් කාර්යාලයට ලැබෙන බවත් ඒ අනුව එම ඇණවුම් ආර්ථික මධ්‍යම ව්‍යාපාරිකයින් හරහා ගොවීන්ට ලබා දී ගොවි නිෂ්පාදන ඉතා පිරිසිදු  පැය 12 ක පමණ කාලයක් ඇතුළත නැවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලොරි මගින් ප්‍රවාහන  කර දීම සිදු වෙන බව ය.
 
මෙමඟින් අතරමැදි ජාවාරම්කරුවන් ගෙන් තොර නිශ්චිත මිල ගණන් යටතේ පිරිසිදු එළවළු තොග ලබාදීම සිදුකරන බවද හෙතෙම පැවසීය.

දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනම සභාපති  ආර් .බී .හේරත් මහතා කියාසිටියේ දිවයින පුරා විසිරී සිටින ගොවීන්ගෙන්  අඩු මුදලට එළවළු ලබාගෙන තැන තැන විශාල මිල ගණන් යටතේ අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවය.

 එමනිසා එවැනි කූට ජාවාරම්කරුවන්ට හසුනොවී රජය විසින් ක්‍රියාත්මක කොට ඇති යාන්ත්‍රණය හරහා ඉහළ මිල ගණන් යටතේ තම නිෂ්පාදන ව්‍යාපාරික මහතුන් සමග එක්ව අලෙවි කර ගන්නා ලෙසය එලෙස තමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ය.
එමෙන්ම ආර් .බි. හේරත් මහතා වැඩිදුරටත් එළවළු මිලදී ගන්නා මිල ගනන් පිළිබඳවද ජනතාව දැනුවත් කළේ ය..


 
 



අදහස් (14)

පැය 12 කින් දිවයිනේ ඕනෑම තැනකට එළවළු

de silva Wednesday, 08 April 2020 11:29 AM

ඕව ගන්න ඉදිරි සතිය දෙක වෙනකොට අපට මුදල් නැහැ... දැන් කන්නේ බොන්නේ රත්‍රන් බඩු උකස් කරපු මුදල් වලින්...

:       42       228

Anton austria Wednesday, 08 April 2020 11:36 AM

කිව්වට කරයිද? ඒකනේ ප‍්‍රශ්නේ...

:       13       47

Anula Wednesday, 08 April 2020 11:36 AM

කටින් බතල ඉන්දවනවා වගෙයි ....

:       13       61

mangala Wednesday, 08 April 2020 12:34 PM

නියම වැඩක්..., හැමදාටම හොදයි..

:       131       134

මල්ලී Wednesday, 08 April 2020 08:08 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවට ප්‍රාදේශීය එළවළු කාර්යාලය කියලත් නම් කරමු.

:       1       1

කපුරුහාමි Wednesday, 08 April 2020 12:58 PM

කියන්ඩ ලෙහෙසියි. බලමුකෝ කෙරෙන හෙටි.. දේශපාලුවන්ගේ ගෙවල්වලද දන්නෙත් නැහැ .

:       32       156

රට වැසියා Wednesday, 08 April 2020 02:09 PM

මහලොකුවට කතා කරනව කිසිම බඩු හිගයක් නැහැ... ඇති තරම් තියනව කියල, එත් මෙ අයට තෙරෙන්නෙ නැද්ද? පැය 24ම ගෙදරට වෙලා ඉන්න මිනිස්සුන්ට මෙව ගන්න සල්ලි කොහෙන්ද කියල. මෙහෙම ගියොත් කොරොනා වලින් නෙමෙ බඩගින්නෙ මැරෙන මිනිස්සු තමයි ඉන්නේ...

:       0       133

rana Wednesday, 08 April 2020 03:31 PM

කොරෝනා වලින් නොව මන්දපෝෂණයෙන් මිනිසුන් මිය යයි... මෙහෙම ගියොත් හිතන් ඉන්නේ පෙට්ටගම්වල සල්ලි පුරවන් ඉන්නවා කියලා..

:       0       64

විපරමා Wednesday, 08 April 2020 06:02 PM

මේ වෙනකොට සමහර පෙති වලට එළවළු ලොරි ඇවිල්ලවත් නැහැ. ඔය කියන විදියට දේසපාලුවන්ගේ දොරකඩට නම් එළවළු යයි වගේ...

:       0       52

banda Wednesday, 08 April 2020 09:11 PM

මෙහෙම හැමදාම ඇදිරිනීතිය දාගෙන කොරෝන මඩින්න බෑ. තව සතියක් මෙහෙම තිබුනොත් වෙඩි කන්න හරි මිනිස්සු පාරට බහිනවා....

:       0       1

saman Wednesday, 08 April 2020 11:18 PM

කටින් බතල හිටවීම....

:       0       1

rana Thursday, 09 April 2020 02:53 AM

පළාත්වල එළවලු සැමදාම ලේකම් කාර්යාලයේ විකිණීමට ඉඩ සැලසීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට කුඩා වෙළඳසල් වලින් ලබා ගත ඇහැකි නේද ? සමාවෙන්න එතකොට දේශපාලුවට ගාන යන්නේ නැහැනේ ?

:       0       10

thush Thursday, 09 April 2020 04:25 AM

"පළාත්වල එළවලු සැමදාම ලේකම් කාර්යාලයේ විකිණීමට ඉඩ සැලසීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට අතරමදියන්ට ලොස් නේද? මොවුන් නිකන් සිටීද? මෙය මුළිනම විසදා සිටිනු.. මෙම නව ප්‍රවනතාව ඉතා හොදයි.. රජයට ජය...!!!

:       3       1

කරුමක්කාරයො Thursday, 09 April 2020 02:33 PM

මීට සමගාමීව ගෙදර සිට මුදල් නෝට්ටු මුද්‍රණය කළහැකි යන්ත්‍ර බෙදා දීමක් සිදු කළානම් හොදා....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 260 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 376 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 525 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1491 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3780 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site