(සුජිත් හේවාජුලිගේ )
ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි පැරැණි දේශපාලනඥයන් අතීත පාර්ලිමේන්තුවල කළ සාරගර්භ කතා ඇතුළත් හඬ පට වර්තමාන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු පුස්තකාලාධිපතිවරයාට උපදෙස් දී ඇත.
උසස් සදාචාර සම්පන්න පාර්ලිමේන්තුවක් බිහි කිරීම සඳහා පැරැණි දේශපාලඥයන්ගේ පාර්ලිමේන්තු කතා වර්තමාන මන්ත්‍රීවරුන් ශ්‍රවණය කිරීම සහ අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව තමාගේ අදහස යැයි කතානායකවරයා ඉරිදා ලංකාදීපයට පැවසීය.
එම දේශපාලනඥයන්ගේ කතාවලින් වර්තමාන මන්ත්‍රීවරුන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතැයි පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා සමහර මන්ත්‍රීවරුන් ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන සෑහීමට පත් නොවන බවද ප්‍රකාශ කළේය.
තමා පාසල් ශිෂ්‍යයකුව සිටියදී බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවට පැමිණ ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා යනාදී දේශපාලනඥයන්ගේ කතාවලට දැඩි කැමැත්තෙන් සවන් දුන් බවත් තමා ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දේවල් ඉගෙන ගත්තේද ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ කතා ශ්‍රවණය කිරීමෙන් බවත් ඔහු පැවසුවේය.
මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය මාස කීපයේදී ඇතිවූ විවිධ සිද්ධීන් 14 කදී කතානායකවරයා ඇතැම් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අවවාද කර ඇතැයි වාර්තා වේ.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇන් ඇම් ගෙන් කොල්වින්ගෙන් නවක මන්ත්‍රීන්ට පාඩමක්
bamunuarachchi Saturday, 14 May 2022 08:52 AM
හා හා මේ මොන විකාරද? තරුණ අපි තරම් මේ නාකි දන්නවද? අපිට වඩා මේගොල්ලෝ දන්නේ කොහොමද? මේ ගොල්ලෝ ලේ සැලෙන විප්ලව කළාද?
BamunuarachchiSunday, 15 May 2022 08:18 AM
අපි මේ වාමාංසික නායකයින්ගේ දේශපාලන කතා ඇසුවේ ඉස්කෝලේ යන කාලේ. ඒවා ඉස්තරම්ම කථා අපි අන්තර් පාසල් විවාද වලදී ඒ වැකි එලෙසින්ම පාවිච්චිකලා. දැන් ඉන්න තරුණයෝ කොල්වින්ගේ නනත්තාර ඇමතිලා, ඔලුතුනේ බූරුවෝ වැනි කියමන් ගැන අහලාවත් නැතුව ඇති. මේ නායකයින්ට රටේ වැඩිහිටි ජනතාවගේ කැමැත්ත ප්‍රසාදය තිබුනා. ඔවුන් ඉස්කෝල කොල්ලෝ කෙල්ලෝ අල්ලාගෙන ලේ සැලෙන විප්ලව කොරන්න ගියේ නැහැ.
Sahith Saturday, 14 May 2022 08:59 AM
හොඳ තීරණයක්. ඔවුන්ට විතරක් නෙමේ, අපේ අයටත් අහන්න යූටියුබ් චැනල් එකක් හදලා ඒකට දාන්න...
දාස Saturday, 14 May 2022 10:33 AM
ඔය හරක් රැල ඕවා කියවන එකක් නෑ.. කියෙව්වත් ඔය නොසණ්ඩාලයින්ට තේරෙන එකක් නෑ. හැබැයි වෙන එකක් පෙන්නුවා නම් ගෙදර යන්නේ නැතිව බලයි.
Ana Saturday, 14 May 2022 11:14 AM
1972 ව්‍යවස්ථාව විසින් පළමුවරට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය නැති කළ දේශපාලකයින්ට කඩේයාමට මග සැලසුවා...
මැක්ස් Saturday, 14 May 2022 11:42 AM
සමහර ළාබාල "ගෝඨා ගෝ හෝම්" කට්ටියගෙන් ඇහුවොත් ඇන්. ඇම්. කොල්වින් කියන්නේ කවුද කියලා උඩ බිම බලනවා නිසැකයි. ඊට උදාහරණයක් ඩී. බී. ඇස්. ජෙයරාජ්ගේ මෙවර ඩේලි මිරර් ලිපියේ තියෙනවා.
C.K.Lankaputhra. Saturday, 14 May 2022 02:53 PM
අනේ කතා නායකතුමෝ, ඔය වැඩෙන් මනා ප්‍රයෝජනයක් ගන්න නම් පාර්ලිමේන්තු ඉංග්‍රීසි පන්ති කීපයක්ම ආරම්භ කරන්න. බාලංශ පන්තියෙන්ම පටන් ගන්න...
සෙනෙවිරත්න Saturday, 14 May 2022 02:55 PM
ඒ අය එතුමන් ගැන දැනගන්නම ඕනද? ඒ මහත්වරුත් තමන්ට ලද අනගි අවස්ථාවන් මගහැරීය...