IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දමා ගිය ටිකට්පතට හිමි දිනුම අයිතිකරුට බාරදෙයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි

 

දිනුමක් නැතැයි කියා විසිකර දමා ගිය ලොතරුයි පතට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව දුටු ලොතරැයි අලෙවිකරුවකු සිය අලෙවි නියෝජිතයා දැනුවත් කර අයිතිකරු සොයා තෑගි මුදල ලබාදුන් පුවතක් වාර්තා වෙයි.

මෙසේ අයිතිකරු සොයා අවුරුදු ත්‍යාගයක් ලෙස ත්‍යාග මුදල ලබා දිමට පියවර ගත්තේ මීරිගම පොලිසිය ඉදිරිපිට අලෙවිසැලේ අලෙවිකරු පුෂ්පකුමාර පෙරේරා  හා ලොතරැයි අලෙවි නියෝජිත එච්.ඒ.කේ බන්දුල යන මහත්වරුන් විසිනි.

පල්ලෙවෙල පූගොඩ පදිංචිකරුවකු වන රුවන් අසංක මහතා මීරිගම නගරයට පැමිණි අවස්ථාවේදී මෙම අලෙවි සැලෙන් කෝටිපති ශනිදා ටිකට් පතක් ලබා ගෙන ඇත.

පසුදිනක එම ස්ථානයට පැමිණි රුවන් මහතා තමන් අතවූ ටිකට්පත බලා දිනුමක් නැති බව දැකීමෙන් පසු එය කසල බදුනට දැමීමට අලෙවිකරුට දී වෙනත් ටිකට් පතක් මිලදී ගෙන පිටවී ගොස් ඇත.

මෙම ටිකට් පතේ විශේෂිත අංකයට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව පසුව ලොතරැයි අලෙවිකරු වන පෙරේරා මහතා දැකීමෙන් පසු ඒ බව අලෙවි නියෝජිත බන්දුල මහතාට දන්වා ටිකට් පතෙහි අයිතිකරු සෙවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දිනුමේ හිමිකරු සොයා ගැනීමෙන් පසු බන්දුල මහතා දිනුමට අදාල මුදල සිය ලොතරැයි අලෙවිසැලේ දී හිමිකරු වන රුවන් අසංක මහතා වෙත   බාරදෙනු ලැබීය.

ටිකට් පතට දිනුමක් නැති බව සිතා තමා විසිකර දැමිමට දුන් ටිකට් පතට දිනුමක් ඇති බව දැනගැනීමෙන් පසුව එය තමන්ට ලබාදීමට කාරුණිකවූ මෙම දෙපලට ස්තුතිය පුද කරන බව රුවන් අසංක මහතා පැවසුවේය.

එමෙන්ම  රුපියල් ලක්ෂයක් සොයා ගෙනවිත් බාරදීමට තරම් නිහතමානි මිනිසුන් තවමත් අප අතර ජීවත් වනු දැකීම මහත් සතුටක් බවද ඔහු කීය.

මීට වසර කිහිපයකට පෙරද මේ ආකාරයෙන්ම දමා ගිය ටිකට්පතකට හිමිව තීබූ රුපියල් ලක්ෂයක මුදලක් එහි අයිතිකාරිය සොයා බාරදීමටද බන්දුල මහතා කටයුතු කරනු ලැබීය.

 



අදහස් (26)

දමා ගිය ටිකට්පතට හිමි දිනුම අයිතිකරුට බාරදෙයි

sandy123 Monday, 15 April 2019 05:28 AM

ඉතාමත් කලාතුරකින් අහන්න ලැබෙන සතුටුදායක ආරංචියක්. නොමිනිසුන් අතර මිනිසත් බව රැකි බන්දුල මහතාගේ සියලු ප්‍රාර්ථනා සපල වේවායි හිත සිතින් ප්‍රර්ථනා කරමි. ඔබට ජය. තෙරුවන් සරණයි.

:       5       1250

Janaka Monday, 15 April 2019 05:36 AM

ජයවේවා

:       1       427

Sumudu Monday, 15 April 2019 05:53 AM

ඔබ දෙපලට තෙරුවන් සරණයි....!!!

:       13       642

abaran Monday, 15 April 2019 06:13 AM

බන්දුල මහතාගේ අලෙවිසැලේ පෙනුමේ හැටියට වත් පොහොසත්කම අතින් උස් තැනක නොහිටියත් පාර්ලිමේන්තුවේ සිටින මුදල් හදල් අතින් පොහොසත්වූ අය හට වඩා ජීවිතය සතුටින් පොහොසත්ව ගෙවිය හැක.

:       1       248

Niluksha Fernando Monday, 15 April 2019 06:28 AM

ධනය රජ කල කාලයක අව්‍යාජ මනුසත්කම පිළිඹිඹු කිරීමක් ලෙස මෙය අගය කල යුතු අගය කල හැකි සිදුවීමකි.

:       0       131

fasmy Monday, 15 April 2019 06:45 AM

අවංක පුද්ගලයන්ට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය හැමදාම තියෙනවා

:       1       110

wimal Monday, 15 April 2019 07:03 AM

මීරිගම ප්‍රදේශයේ මිනිසුන් අතර දෙවියන් ද සිටින බව පෙනේ.ඔවුන් දෙදෙනාගේ සියලු ධාර්මික බලාපොරොත්තු ඉටුවේවා!

:       0       68

මංඡු Monday, 15 April 2019 07:03 AM

මෙම කතාව ඇත්ත වුනාට තිරය පිටුපස වෙන ව්‍යාපාරික කතාවක් තියෙන්නත් පුළුවන්

:       377       76

අනුරාධMonday, 15 April 2019 09:45 PM

ඔබතුමා ඇයි ඔතරම් අසුබවාදී?

:       0       90

රාජුන්Monday, 15 April 2019 10:41 PM

මම අහල තියෙනවා හොරාට හැම වෙලාවෙම හිතෙන්නෙ අනිත් මිනිහා හොරා කියලලු!

:       0       40

sandy123Tuesday, 16 April 2019 07:01 AM

රාජුන් - නියම පිළිතුර....

:       0       20

Rohan Monday, 15 April 2019 07:19 AM

ආඩම්බරයි සහෝදරයා.

:       0       37

A. Seneviratne Monday, 15 April 2019 07:32 AM

ඔබ දෙපලට තෙරුවන් සරණයි....!!!

:       0       26

G ප්‍රනාන්දු Monday, 15 April 2019 08:48 AM

ඔබ තුමන්ලාට කවදාවත් වරදින්නේ නැහැ ඉතා හොද හොදම අනාගතය උදාවෙනවා නොවැරදීම පොඩි දේටත් මරාගන්න අප රටේ ඔබතුමාලා ඉතා උතුම්. ජය වේවා ජයෙන් ජයම වේවා.

:       0       13

sachith Monday, 15 April 2019 10:29 AM

පුෂ්පකුමාර පෙරේරා මහතා හා එච්.ඒ.කේ බන්දුල මහතාගේ ඡායාරුප පළකිරීම සම්බන්දයෙන් ලංකාදීපයට තුති. වංචා හැමතැනම වෙන රටේ මේ වගේ මිනිස්සු තාම අපි අතරේ ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්.

:       0       14

Janahitha Monday, 15 April 2019 01:29 PM

උතුම් මිනිසුන් අප අතර තාමත් සිටින බව දැන ගැනීමට ලැබීමට තරම් අපි වාසනාවන්තයෝ වන්නෙමු.

:       0       55

Chama Monday, 15 April 2019 08:53 PM

හැබවින්ම මෙම සිද්ධිය රටෙ හැම කෙනෙකුටම වටිනා ආදර්ශයක් වන එක නොඅනුමානයි.විශේෂයෙන් රටේ මුදල් ගසා කන දේශපාලුවන්ටත් මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන්ටත්. ලොතරැයි අලෙවි කරන මේ මහතා විශාල මුදලක් උපයන්නෙ නැති නමුත් එතුමාගේ අවංක කම අගය කල යතුයි

:       0       111

Sisira Monday, 15 April 2019 11:26 PM

මල් වගේ සුවඳ හමන ඉර හඳ මෙන් බැබලෙන මිනිස්සු. ඔවුණට මගේ ශීර්ෂ ප්‍රණාමය වේවා !!!

:       0       25

අනුෂ්කා Tuesday, 16 April 2019 02:01 AM

ඉතා යහපත් වැඩක්. එහෙත් මා පෙන්විය යුතු කරුණක් තියනවා. වාර්තාවේ කියනවා මෙය නිහතමානී කටයුත්තක් කියා. අවංක කමත් නිහතමානී කමත් දෙකක්.

:       0       46

HUSSAIN Tuesday, 16 April 2019 02:02 AM

හොඳ වැඩක්....

:       0       17

සමන් Tuesday, 16 April 2019 02:45 AM

නියම අවුරුදු පුවතක්...

:       0       13

Bernard Dharmatileke Tuesday, 16 April 2019 04:13 AM

ඔබ දෙපොළගේ ව්‍යාපාර දියුණුවී වාසනාවන්ත දිවියක් ඇතිවේවා කියා ප්‍රර්ථනා කරමි.

:       0       43

ranjith Tuesday, 16 April 2019 04:32 AM

මහජන දේපල අව භාවිතා කරන දේශපාලකයන් ඉන්න රටක මේ වගේ අහිංසක උතුම් මිනිස්සු ඉන්නවා

:       0       52

සනත් Tuesday, 16 April 2019 04:31 PM

මං ඇතිතරම් සල්ලි තියෙන මිනිහෙක් වුනත් මේ දෙවිවරු දෙන්නා කරපු දේ මං කරයිද කියල විශ්වාස නැහැ.

:       0       13

amarabandu Rupa Wednesday, 17 April 2019 09:21 AM

ෆොටෝ එකක් පත්තරේ දාගන්න කරපු වැඩක් වගේ, ස්වීප් එකක් බලල විසි කරලා ගිය මිනිහව මතක තියන් ඉන්න ඔතන දවසට ස්වීප් 10ක් විතරද විකුනන්නේ

:       2       0

ෂිබ්ලි Thursday, 18 April 2019 10:00 AM

අයියෝ මේ වගේ වැඩකටවත් සතුටුවේන්න බැරි අය අපේ ලංකාවේ ඉන්නවානේ. පත්තරේ පොටෝ දනන්න නෙවෙයි, මොකකට වුනත් හොද වැඩක් කරොත් අගය කරන්න පුරුදු වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 238 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2484 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 556 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1155 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 151 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 31 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site