(ශාන්ත ප්‍රදීප් සෙනවිරත්න)
ණය බර අඩු කරන ගමන් අපි ආර්ථිකය ශක්තිමත් කළා.වැටුප් වැඩිකළා.ජනතාවට සහන දුන්නා.ඊටත් වඩා හොඳ තත්ත්වයක් උදාකර ගන්න කියලා ආණ්ඩුව වෙනස් කළා.නමුත් ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.
ආර්ථිකය කඩා වැටුණු ලෝක විශ්වාසය බිඳ වැටුණු රටක් තමයි අපි බාරගත්තේ.නමුත් ඉතා කෙටිකාලයකින් ඒ තත්ත්වය වෙනස් කරන්න යහපාලන ආණ්ඩුවට හැකිවුණා.අභියෝග මැද ජනතාවට සහන දුන්නා.ඉතිහාසයේ පළමු වරට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකළා.මේ වනවිට රාජ්‍ය සේවකියින්ගේ දීමනා කපලා
දැවෙන ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා දින 100 ක් තුළ විජයග්රහණ රැසක් දිනාගත්තා අද සියල්ල බිඳ වැටිලා.
රටවලින් ගත් ණය ආණ්ඩුව එදා වෙලාවට ගෙව්වා.මේ අය ගෙවන්න අමාරුයි කියනවා.අත්‍යාවශ්‍ය ආහාර වල මිල ඉහළ ගිහින් තියෙනවා.අපේ කාළේ එය පාලනය කළා.ජනතාව අපි ලබාදුන් සහන වලටත් වැඩිය සහන ගන්න හිතාගෙන බලය දුන්නා.
රටේ සියලු අංශවල අය පාරට බැහැලා උද්ඝෝෂණ කළා.සටන් පාඨ කිව්වා.කවදාවත් නැතිව ග්‍රාම සේවක නිලධාරීන් පාරට බැස්සා.පාර්ලිමේන්තු වට රවුමේ නිතර උද්ඝෝෂණ කළා.අපි රුපියල් 1000 කින් වැටුප් වැඩිකරලා තිබෙද්දි තමයි එහෙම කළේ.
අද අත්තිකාල දීමනා කපලා.වෙනත් විශේෂ දීමනා නැ.පහළ ඉන්න රාජ්‍ය සේවකයන් හොද වැටුපක් ගත්තා .අද ඒ අය කළ කිරිලා.
අපේ රටේ ඡන්ද දායකයා ඡන්දය භාවිතා කරන විදිහ වෙනස්.එය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වෙනවා.මේරටේ පක්ෂ දෙකක නායකයින් කලිනුත් රටේ පාලනයට හවුලවෙලා තියෙනවා.
ජනපති අගමැති පක්ෂ දෙකකින් පත්වුණා.නමුත් ගැටලු ඇතිවුණේ නැ. ඉදිරියටත් එහෙම රටක් නිර්මාණය වෙන්න පුළුවන්.එහෙම තත්ත්වයක් හැදුනොත් රටේ ඉදිරි ගමනට මෙන්ම ආරක්ෂාවටත් හොඳයා.අපි ශක්තිමත් සන්ධානයකින් ඉදිරි මැතිවරණයට එනවා.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘ණය බර අඩු කරන ගමන් ආර්ථිකය ශක්තිමත් කළා‘‘
Raveendra Monday, 17 February 2020 05:08 PM
මේ අය බලයේ ඉන්නකොට අපේ රට සුකිත මුදිත වෙලා තිබුනේ දැන් බලයේ ඉන්න අය නිසා ඒ සියලුම දේවල් නැතිවුනා කියලනේ මේ කියන්නේ. අපේ කට මොකට කියනවද...
arunaTuesday, 18 February 2020 03:55 AM
මෙයාගේ ආර්ථික දැනුම, ඩිප්ලෝම එකේ සියලුම විෂයන් අසමත්වෙලා ගෙදර ගිය කෙනනේ
Pradeep Monday, 17 February 2020 05:37 PM
හපොයි මන්ත්‍රී තුමා ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ආර්ථිකේ නම් ශක්තිමත් කර ගත්තා ඔබ තුමන්ලා තම තමන්ගේ, හැබැයි රටේ නම් නෙමෙයි. ඒ වගේමයි ණය බරත්.
Shanaka Monday, 17 February 2020 09:23 PM
මේ කවුද අලුත් විකට නළුවෙක්ද? හඳෙන් ඇවිල්ලා වගේ කතාව.
de silva Monday, 17 February 2020 10:57 PM
ඡන්දෙට කලින් කියපු විදිහට හොරු ඇල්ලුවේ නැතුව, පරණ හොරුත් අලුත් හොරුත් ආරක්ෂා කරන්න ගියපු නිසා ජනතාව ඔබලා ගෙදර ඇරියා, ලබන ඡන්දෙදිත් රනිල් සහ රවි ඉස්සරහට දමාගෙන පෙරහැරේ ගියොත් ජනතාව ඔබලාට මතක හිටින්න පාඩමක් උගන්වාවි
de silva Monday, 17 February 2020 11:04 PM
ලංකාවේ රජයේ සේවකයෝ පසුගිය දශක 4-5 අවංකව , මහන්සිවෙලා නීතියට වැඩ කරනවානම් අද මෙරටට මෙහෙම බංකොලොත් වෙන්නේ නැහැනේ, තත්වය එහෙම තිබෙද්දී, කරන්න පුළුවන් මොඩම තකතිරුම වැඩේ පගා ගහන, නිකම්ම ඉන්න කම්මැලියෝ රැලට රුපියල් 10000 ගන්නේ පඩි වැඩි කරන එක. එතකොට පරදින එක අහන්නත් දෙයක්ද ?
denin Tuesday, 18 February 2020 12:56 AM
සමහරු කියනවා ප්‍රශ්නයකට තිබුනේ පොහොට්ටුවට පාලන බලය නැතිකමයි. දැන් ගෝටාභය මැතිතුමාට පින්සිදුවෙන්න පොහොට්ටුවට නිකම්ම බලය ලැබුන, දැන් ප්‍රශ්න නැහැ.
saradiyel Tuesday, 18 February 2020 01:11 AM
මෙයා වෙන රටක් ගැන කියනවද මන්දා.?
Senarath Tuesday, 18 February 2020 03:19 AM
මේ කියන්නේ ඇත්තනම් ණය බර කොහොමද ඩොලර් බිලියන 7 සිට 13 ට වැඩි වුනේ.?
Bamunuarachchi Tuesday, 18 February 2020 05:32 AM
ණයබර අඩුකලා? කාගේ ණය බරද? කොහොමද අපට දාපු බදුබර? ණය බර අඩුකලේ කාගේ සල්ලි වලින්ද? එතකොට අර බිලියන් ගණනක් නොකෙරුන වැඩට කොම්පැනි වලට ගෙවන්න පරිපූරක ඇස්තමේන්තු දැම්මේ මොන එහෙකටද ?
සේන Tuesday, 18 February 2020 06:05 AM
මොවුන්ට වැරදුණු තැනක් ඇත. එනම් එදා මෙන් කියන ඕනම කෙප්පයක් අහුර පිටින්ම කටේ දාගෙන රස විඳින දීන ජනතාවක් සිටින බව මොවුන් විශ්වාස කරයි. ඒ නිවට ඔවුන්ගේ හිතලුවක් පමණි. වර්ථමාන බොහෝ ජනයා බුද්ධිමත් ය. බඩ ගැන නොව රට ගැන සිතයි. බොරුව කුමක්ද ඇත්ත කුමක්ද කියා හඳුනයි. අවාසනාවට මෙන් තවමත් මේ නිවට බොරුකාරයින් පසු පස දෑත් එකතු කරගෙන යන කොටසක් සිටින වග මෙහි ඇති ඇතැම් ප්‍රකාශන වලින්ම දැනේ.