(සුජිත් හේවාජුලිගේ )
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් මෝදර ධීවර වරාය බද්දට ගත් සමාගමෙන් බදු කුලිය නිසියාකාරව අය නොකිරීම නිසා එම සංස්ථාවට 2019 වර්ෂයේදී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් අහිමිව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අහිමිවූ මෙම බදු මුදල අය කර ගැනීමට කිසිදු නීතිමය පියවරක්ද ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
සංස්ථාවේ මුලු ලාභයෙන් සියයට 75 ක් ඉපයූ මෝදර ධීවර වරාය 2014 ඔක්තෝබර් මස 30 වෙනිදා සිට වසර විසිපහක කාලයක් සඳහා පෞද්ගලික තක්සේරුකරුවකුගේ තක්සේරු වටිනාකම පදනම් කරගෙන රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක මාසික කුලියකට පෞද්ගලික ආයතනයකට බදු දී ඇති බව පවසන විගණන වාර්තාව සංස්ථාව සහ කල් බදු ගැනුම්කරු අතර ඇති කරගත් අතිරේක ගිවිසුමෙහි කොන්දේසි අනුව රජයේ තක්සේරුකරුගේ මාසික බදු කුලිය වශයෙන් රුපියල් දාහත් ලක්ෂයක් අය කරන බවට එකඟ වී තිබුණද මෙම තක්සේරු වටිනාකමට වරාය බේසම ඇතුළත් කර නොතිබූ බවද සඳහන් කරයි.
මේ අතර රුපියල් පනස් ලක්ෂයකට වැඩි වටිනා ඉන්ධන ටැංකි හයක් සැපයීම සඳහා 2007 වර්ෂයේ දී රුපියල් විසි අට ලක්ෂයක අත්තිකාරමක් ගෙවා තිබුණද එම ඉන්ධන ටැංකි සංස්ථාවට නොලැබීම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු සැපයුම් කළමණාකරුට එරෙහිව කටයුතු නොකර ඔහු නැවතත් තනතුරේ පිහිටුවා විශ්‍රාම ගන්වා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෝදර ධීවර වරායේ බද්ද දං දේ