(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත්, වරින්වර හමන සුලං තත්ත්වය මෙන්ම පවතින මීදුම් තත්ත්වයත් හේතුවෙන් මාර්ගවලට පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම්, මාර්ග ලිස්සායාම්, මාර්ග අවට ගිලා බැසීම්, විදුලි හා දුරකතන කණු හා රැහැන් කඩා වැටීම්, මාර්ගය නිසි ලෙස දර්ශණය නොවීම් ආදිය සිදුවිය හැකි බැවින් රියදුරන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය සිදු කල යුතුව ඇතැයිද පොලීසිය පවසයි.
නුවරඑළිය-බදුල්ල, නුවරඑළිය-හැටන්, තලවකැලේ- නාවලපිටිය, හැටන්- අවිස්සාවේල්ල, නුවරඑළිය- මහනූවර ආදී මාර්ග ඇතුළු උඩරට වතුකරයේ බොහෝ මාර්ගවල එක්වරම දැඩි මීදුම් තත්ත්වයන් හට ගැනීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිඳවත් රියදුරන් අවධානය යොමු කරන ලෙස පොලීසිය ඉල්ලයි.
දැඩි මීදුම් හා අධික වර්ෂාව පවතින අවස්ථාවන්වලදී රථ වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන රථ වාහන ධාවනය කරන ලෙස පොලීසිය එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උඩරට මාර්ග භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි උපදෙස්