(ඩී.ජී.සුගතපාල)
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කොමසාරිස් කාර්යාලයේ සේවකයකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ මුදල් කව්ළුවේ සේවය කළ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් රසිකා උපේන්ද්‍ර ඉද්දමල්ගොඩ දිසානායක මහත්මිය විසින් ගාල්ල පොලිසිය වෙත කරන ලද් පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
කොමසාරිස්වරියගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා වසරක කාල සීමාව තුළ සැකකරු මෙම වංචාව කර ඇති බවයි.
වෑන් රථයක හිමිකරුවකු ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පසුගිය වසරේ ආදායම් ඉදිරිපත් නොකර නිසා රුපියල් 5040 ක දඩ මුදලක් ගෙවිය යුතු බවයි. ඒ අනුව ඔහු එම මුදල ගෙවා ආදායම් බලපත්‍රය ලබාගෙන ඒ පිළිබඳව කොමසාරිස්වරියට ලිඛිතව දන්වා තිබේ.
සැකකරු අද (14) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේ දී මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 14 October 2019 11:05 AM
මේක සුලු දෙයක්. කොළඹ වේරහැරට ගිහින් බලන්න. නිලධාරීන් සල්ලි අරගෙන කරන දේවල්. සාමාන්‍යයෙන් බලපත්‍රය සඳහා අවශ්‍ය මුදල් ගෙවිය යුත්තේ අයකැමිටය. නමුත් මෙහි අයකැමි කවුන්ටර් කිහිපයක්ම තිබුනත් අයකැමිට මුදල් නොගෙවා නිලධාරීන්ගේ ලාච්චුවට මුදල් දී බලපත්‍ර මෙහිදී ලබා ගත හැකිය. මා මීට අවරුදු කිහිපයකට පෙර දුටු දෙය මෙසේ කියන්නෙමි.
මොහමඩ් රිස්වාන් සව්දි අරාබියMonday, 14 October 2019 11:41 AM
මං දැකලා තියෙනවා. අපේ වැඩ ටික කරගෙන අපි එනවා. බ්රෝකර්ලා ගේට්ටුවෙන් එළියේ ඉඳලා ඇතුලේ ඉන්න නිලධාරීන්ට කෝල් කරලා කට්ටිය යවනවා. නිලධාරීන් ලඟට ගිහින් ඒ බ්‍රෝකර්ලාට කෝල් කලාම වැඩේ නිකම්ම කෙරෙනවා.
Rohana Monday, 14 October 2019 12:17 PM
හොරෙන් පොඩි පොඩි අල්ලස් දෙමින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම අපේ සිරිතක් වෙලා. මේවා දැන් සමාජයේ පැලපදියම් වෙලා අවසන්. මහජනතාවත් කල්පනා කරන්නේ අනවශ්‍ය රස්තියාදුවක් නැතිව ලේසියෙන් තමන්ගේ වැඩේ කර ගැනීම මිසක් නීති රීති කතා කිරීම නෙමේ. අලුතෙන් බලය ඉල්ලන ජනාධිපතිවරුන්ගෙන් මම ඉල්ලන්නේ රාජ්‍ය ආයතනවල මෙවැනි අල්ලස් ගැනීම වැලක්වීමට ක්‍රමවේදයක් සකසා මහජන සේවයේ විනිවිදභාවය රැකදෙන ලෙසයි.