(අජන්ත කුමාර අගලකඩ)
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,පාඨලී චම්පික රණවක,සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් මෙසේ විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.
එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිපදෙනෙකු සඳහන් කර ඇත්තේ පල්ලියේ උත්සව කටයුතු සඳහා භූමිය භාවිතා කිරීමට ඉඩදිය හැකි නමුත් භූමිය වෙනම ගැසට් කිරීමට ඉඩදිය නොහැකි බවය.
ඒ අනුව කැබිනට් සංදේශය ඉවත් කරගෙන ඇති බවද වාර්තා විය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජෝන් අමරතුංග ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය
abaran Tuesday, 03 September 2019 11:41 PM
නරකම නෑ වැඩේ ...ඒත් බදියුදීන් විල්පත්තුව විනාස කරල අවුරුදු ගානක් ගිහිනුත් මුඛය සහ අදෝමුඛය දෙකම වහගෙන හිටපු අය නේද ඔය.....
දිමුතWednesday, 04 September 2019 08:42 AM
ඒක පටන් ගත්තේ ගිය ආණ්ඩුව කාලේ බව ඔබතුමාට අමතකද?
Prabha Wednesday, 04 September 2019 09:44 AM
ගිය ආණ්ඩුවේ වැරදි හරි ගස්සන්නේ මහත්තයෝ මේ ආණ්ඩුව පත්කර ගත්තේ...
athuraWednesday, 04 September 2019 10:41 AM
දැන් ඊළඟට එන්න වලිකන ආණ්ඩුව ඒ වැරැද්ද හරි ගස්සයිනේ... මොකද වෙන වෙස්මුහුණු දාගෙන ආවට ඉන්නේ විල්පත්තුව කපන්න අවසර දුන්නු අයමනේ...
Menna Wednesday, 04 September 2019 12:10 AM
බදුර්දීන් හා සමාන වැඩ කරන්න වෙන්න ඇති. ලංකාව පිටරටින් සල්ලි ගෙන්න ගන්න කරන මෝඩ වැඩ නතර කරොත් හොඳයි.
ගැමුණු Wednesday, 04 September 2019 12:17 AM
ඕවට අත උස්සලා බෞද්ධ ඡන්ද ටිකට කෙලව ගන්න පුළුවන්ද අප්පා ...?
surath Wednesday, 04 September 2019 01:50 AM
යන්තම් ඇස් ඇරිලා කට්ටියගේ
Mahee Wednesday, 04 September 2019 02:04 AM
හිස්බුල්ලට පුළුවන් නම් මට බැරිද, නැද්ද ජෝන් අයියෙ?
dhammika Wednesday, 04 September 2019 03:25 AM
අනිත් අය විරුද්ධ නොවුනේ ඇයි? ඒ කට්ටිය කලවම්ද?
jayath Wednesday, 04 September 2019 03:26 AM
ජෝන් ආතාගේ වයසට යනකොට මොලේ කොලොප්පන් වෙලා වගෙයි. හැබැයි මොලේ එහෙම වුණාට සමහර අවයව නම් හොඳට වැඩ කරනවා කියලා තමයි ආරංචි..!
Amila Wednesday, 04 September 2019 04:38 AM
මේ අර හිටපු පළාත් ඇමතිලාට වාහන දෙන්න ගිය ජොකියා වගේ තව එක්කෙනෙක්... මේ මනුස්සයා වගේ වලපයයි, ගොඩපයයි අය පාර්ලිමේන්තු එවන අයට තමයි ගහන්න ඕනෑ. 55 පැනපු කිසිකෙනෙක් ජනාධිපතිලා කරන්නත් එපා පාර්ලිමේන්තු යවන්නත් එපා.
රවින් Wednesday, 04 September 2019 06:21 AM
සෑම භාණ්ඩයකම කල් ඉකුත්වන දිනයක් තියෙනවාවගේ දේශපාලකයින්ගේත් කල් නිකුත්වන දිනයක් අත්‍යවශ්‍යයි. පැරණි සිතුවිලි හා අදහස් එක්ක මෙරට කවරදාවත් ඉදිරියට නම් නොයයි. පැරණි අයවලුන් ගැලරියේ විසිල් එකට වැඩ කරන්නේ. තාමත් ඒගොල්ලෝ දන්නේ නැහැ නවීන සිනමා ශාලාවල ගැලරිය නැහැ කියලා. අලුත් ලොවක් කරා අපි යමුද?
rim Wednesday, 04 September 2019 01:09 PM
දැන් ඔය පල්ලිය නිසා පරිසරයට හානියක් නැද්ද? ඔක්කොම බදියුදීන්ට විතරද?