IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනෑ කියා අවුරුද්දක් ගත වුවත් ආණ්ඩුව ගණන් ගත්තේවත් නෑ

(අරුණ ඩයස්)

අද මේ රටේ ඇති වි තියෙන ප්‍රශ්න විසදිම සදහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු යයි ත්‍රෛයිනායික මහා නායක හිමිවරුන් කළ යොජනාව අපි කියලා වසරක කාලයක් ගතවුණත් ඒ සදහා රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (2) වලපනේ දි පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය හා වලපනේ ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සේනක අබේගුණසේකර මහතාගේ වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන කාර්යාලය වලපනේ නගරයේ විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (2) දින සහභාගිවෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තව දුරටත මෙසේ ද පැවසිය. 

‘‘අවුරුදු හතකට විතර පස්සේ ඒ නමි 2015 ජනාධිතිවරණයට වලපනේ ප්‍රදේශයට පැමිණියාට පසු නැවත වලපනේට පැමිණිමට ලැබිම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. වලපනේ ප්‍රදේශය ගැමි පරිසරයක් තියෙන කෘෂිකර්මාන්තය මුල් කරගත් ජනතාවක් ජිවත්වෙන මේ දුෂ්කර ප්‍රදේශයෙත් අනෙකුත් දුෂ්කර ප්‍රදේශවල ජනතාවත් ගත කරන්නේ දුෂ්කර ජිවිතයක්. අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගැන නෙ‍වෙයි. සිවිල් සංවිධාන අපි එකට හමුවුණා අද අපි සාකචිජා කරන්නේ අද මේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න අපි සියලු දෙනා එකට එකතුවෙලා  මොන විදියේ වැඩ පිළිවෙලකටද යායුත්තේ කියලා දේශපාලන පක්ෂ කාලයකට අමතක කරලා ඒ ගැන සිතන්නේ.

මිනිස්සුන්ගේ ජිවිත ගත්තාම හොදින්ම දන්නවා මහාපාරේ පොලිමිවල තියෙන තත්වය.පොලිමිවල ජනතාව මිය යනවා.රොහල්වල බෙහෙත් නැ.බෙහෙත් ගෙනි යන්න ඉන්ධන නැ.ගෙදර කුස්සියේ උයන්න ගැස් නැ.අහාර හිගය බඩු මිල සියලු දේවල් සමග කෘෂිකර්මාන්තයේ බරපතල ඇද වැටිමක් පොහොර පිළිබදව රජය ගත් තිරණ නිසා මේ සියලුඉ ප්‍රශ්න ආණ්ඩුව හදා ගත් ප්‍රශ්න දැන් මේ රටේ ජනතාව උද්ඝොශණ කරන්න පාරට බහින්න පටන් ගත්තේ  රජය ගත් තිරණ නිසා.
රසායනික පොහොර හදිසියේම නැවත්තිම නිසා මුළු රටේ ජනතාව විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ නියළී සිටින ගොවීන් පාරට බැස්සා. බරපතළ උද්ඝොෂණ තත්ත්වයක් ඇති වුණා.එළවළු ද පලතුරු ද ධාන්‍ය  ද තේ ද වෙනත් අපනයන බොග ද ඒ සියල්ලටම මේ ප්‍රශ්නය බලපැවා. මම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට මේ තිරණය ඇර ගෙන සති දෙකකට පස්සේ මම ඒ තුමාට ටැලිපොන් කරලා කිවුවා ජනාධිපතිතුමා මම මහවැලි අමාත්‍යංශය අවුරුදු දහහතර හමාරක් කරලා තියෙනවා. මම වික්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඉදලා තියෙනවා. මගේ පාර්ලිමේන්තු කාලය අවුරුදු තිස්තුනක් පැනලා තියෙනවා ජනාධිපති තනතුර දරන කාලයෙත් සැම තනතුරක් දරන කාලයකම මම කාබනික පොහොර යොදාගෙන වගාවන් කළේ  ඒ ඒ ප්‍රෙද්ශවල තත්වයන් හදුනාගෙන. නමුත් වර්තමාන රජය එක පාරටම තින්දුවක් ඇර ගෙන මුළු රටේම කෘෂි කර්මාන්තය කඩා වැටිලා ගොවි ජනතාව ජනතාව අසරණ තත්වයට පත් වෙලා වැවිලි කර්මාන්ත අද ඇනහිටිලා කර්මාන්තශාලා අද වහන්න පටන් ගෙන එවුවාගේ සේවකයො ඉවත් කරන්න පටන් ඇර ගෙන.

මේ තත්වය ඉතාමත් අවසනාවන්ත තත්වයත තියෙන්නේ.ඒ නිසා අද අපි උත්සාහ කරන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවාට වැඩිය මේ රටේ පැන නැගි ඇති ප්‍රශ්න විසදන්න. මිට අවුරුද්දකට කලින් කොවිඩි වසංගය ඉතා නරක විදිහට රටේ ආර්ථිකයට බලපා තියෙනවා ද රටේ ප්‍රශ්න රාශියක් ඇවිල්ලා ජනතා අප්‍රසාදය රජයට ආ වේලාවේ මම යොජනා කළා එදා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. නමුත් අවුරුද්දක් තිස්සේ ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කථා කළත් ආණ්ඩුව පැත්තෙන් කිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැ.අවසානයේ මේ ආපු ආර්ථික අර්බුදයත් එක්ක මේ අද තියෙන ප්රබශ්ණ ඇවිලිචිච ගමන් අපි ජනාධිපපතිතුමාට ශ්රී  ලංකා නිදහස් පක්ෂය ලිපියක් ලිවුවා අපිට හමිබ වෙන්න දෙන්න සාකචිජා කරන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ආණ්ඩුවක් හදන හැටි අපි නිති අංශත් සමග සාකචිජා කරලා කරමු කියලා.
පාර්ලිමේන්තුව නියොජනය කරන සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න ඔනි පාර්ලිමන්තුවේ පක්ෂ නායකයින් එහි විධායක සභාවට එන්න ඔනි.ඒ වගේම ඇමති මණ්ඩලය පහළොවකට වඩා අඩුවෙන්න ඔනැ.ඒ වගෙම විධායක සභාව  කියන දේ ජනාධිපතිතුමා පිළිගන්න ඔනැ.ජනාධිපතිතුමාට බලතල පාවිචිචි කරලා තනියම වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. මේ කියන කරුණු එක්ක අපි අවශ්යහ නිති රිති හදමුයි කියලා.අපි ඉන් පසුවවත් දෙසරයක් ජනාධිපතිතුමා හමිබවුණා.සමහර රටේ අය අපිට දොස් කියන්න ටන් ගත්තා අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යනවා කියලා.ආණ්ඩුව ශක්තිමත් කරන්න යනවා කියලා. නැහැ නමුත්  අපිට පෙනි ගියා අපේ පක්ෂයේ ඉන්නවා ආර්ථික විශේඥයින් විද්වතුන් රාශියක් ඒ අය අපිත් එක්ක සාකචිජා කරන වෙලාවල්හිදි කියපු දේ  තමයි විශාල නරක තැනකට රට වැටි ගෙන යනවා මේකෙන් මේ රට බෙර ගන්න ඕනේ කියලා.



අදහස් (13)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනෑ කියා අවුරුද්දක් ගත වුවත් ආණ්ඩුව ගණන් ගත්තේවත් නෑ

bamunuarachchi Sunday, 03 July 2022 12:36 PM

20015-2020 දක්වා රට කාල දැන් මෙතනටත් එන්නයි කල්පනාව... යන්නකෝ හලෝ යන්න යන දේවාලයක...!

:       6       70

fairoosSunday, 03 July 2022 02:36 PM

ඔයාලාවගේ අය තමයි සර් වී ගෙනැල්ලා රට බංකොළොත් කළේ... දැන් එනවා මෙතන අනිත් අයට ඇඟිල්ල දික්කරන්න. මේ කරපු අපරාධයට හෙණ වැදිලා මදි...

:       55       15

BamunuarachchiMonday, 04 July 2022 07:32 AM

සිංහල දන්නවානම් කියවනවා 3-7-22 ඉරිදා ලංකාදීප පත්තරේ ටෙල්වින් ජෙප්පම කියලා තිබෙනවා මේ ආර්ථික අර්බුධයට බලපෑ ප්‍රධාන් හේතුව 1977 ඉඳන් ආදායමට වඩා දෙතුන් ගුණයක් වියදමින් කිරීමත් ඒ වියදම පියවා ගන්න අධික පොලියට ණය ගැනීමත් කියා.

:       0       1

Deepal Nirosh Sunday, 03 July 2022 12:42 PM

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉල්ලුවා... ඉල්ලුවාට කෝ ඒක හදන්න ඕන කෝඳුරුතෙල් පට්ටා හත..? තාම ගෙනාවෙ නැහැ නොවැ. ඉතින් මොන සර්ව පාක්ෂික ආණ්ඩුද?

:       1       54

ganegoda Sunday, 03 July 2022 01:43 PM

අර හොරු අල්ලන්න ගිහින් හොරුත් එක්ක ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ඔහේ නේද? අපි මැරිලා ඉපදුණේ නැහැනේ..

:       13       23

ranjith Sunday, 03 July 2022 02:54 PM

අනේ ඔබ නිහඬව ඉන්න... බොරු කයිවාරු ගහන්නේ නැතිව.. පිටකොන්දක් තිබුණා නම් රට හදන්න තිබුණනේ...

:       1       36

විපරමා Sunday, 03 July 2022 04:12 PM

තමුන් කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව කාලේ කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       9       17

siri Sunday, 03 July 2022 05:20 PM

කිසිම ප්‍රතිපත්තියක් නැහැ.. විටෙක ආණ්ඩුවට තල්ලුවක් දෙනවා. විටෙක ජනතාවගේ පැත්තේ ඉන්නවා වගේ රඟපානවා. විටෙක ඒ පාලකයන්ට ඉවත් වෙන්න කියනවා. නැවත නින්දෙන් ඇහැරිලා වගේ ඔය පුටුවේ හිටියට කමක් නෑ. සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවුලක් නෑ කියන්න... විකාරද? බලතණ්හාවද?

:       4       10

Hafeel Sunday, 03 July 2022 05:22 PM

රටේ ඉන්ධන නැති මොහොතේ, මෙයාට වලපනේ යන්න කොහෙන්ද ඉන්ධන?

:       15       11

Saththya Sunday, 03 July 2022 10:23 PM

මොන්ටිසෝරි ළමයි මොට වඩා බුධිමත්ව කතා කරනවා, අප්පිරිය නැතුව අහගෙන ඉන්න පුළුවන් . දැන්වත් අර වැව අයිනට වෙලා විවේක ගන්නකො 2015 දී කිව්වා වගේ අපිට පව් නොදී . ආ..යද්දී මතක ඇතුව අර නිදන් හාරපු මැෂිමයි, සල්ලි අච්චු ගහපු මැෂිමයි අරගෙන ගිහින් වැවට දාන්න ආයේ එන එකක් නැහැ .

:       0       0

Nimal Silva Monday, 04 July 2022 02:53 AM

වල පනේ නොවෙයි පන වලේ.

:       0       0

pathmasiri Monday, 04 July 2022 07:01 AM

බොරු චන්ඩි කතා කියනවා තවම රාජපක්ෂ පවුලට තියෙන බය ඇරිලා නැහැ වගේ.

:       0       0

Anandha Monday, 04 July 2022 07:12 AM

අයියෝ සිරිසේන මහත්තයෝ. විශ්‍රාම අරන් ගෙදරට වෙලා ඉන්නකෝ! ඔය රනිල්ට වඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකෙ ප්‍රතිවිපාක තහමයි දැන් විඳවන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 51 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 294 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 146 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 131 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 324 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 199 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site