IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම් සහතිකයත් ළඟ තබාගැනීම අනිවාර්ය බව කුරුවිට පොලිසිය කියයි

අජිත්ලාල් ශාන්තඋදය
 
මෝටර් රථයක් ධාවනය කරන විට හෝ මෝටර් රථයක් පැද යන විට ලියාපදිංචි සහ රක්‍ෂණ සහතික සමඟ වායු විමෝචන සහතිකය ද ළඟ තබා ගැනීම අනිවාර්ය බව කුරුවිට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්. ඒ. සේනාරත්න මහතා කුරුවිට නගරයේ කුලී ත්‍රීරෝද, ලොරි සහ වෑන් රථ රියැදුරන් වෙනුවෙන් කුරුවිට පැවති වැඩමුළුවකදී පැවසීය.


වායු විමෝචන සහතිකය සන්තකයේ නොතිබීම මත දඩ නිකුත් කළ හැකි බැවින් වායු විමෝචන සහතිකයත් වාහනයේ තබාගන්නා ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.


එසේම ත්‍රීරෝද රථ ඇතුළු  කිසිම වාහනයක අධික ශබ්ද නිකුත් කරන රේඩියෝ ගැසට් හෝ වෙනත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සපුරා තහනම් බව ද එය දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු පෙන්වා දුන්නේ ය.


ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස වාහනයක් නැවැත්වීම රුපියල් 2000ක දඩ පැනවිය හැකි වරදක් බව කී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බස් නැවතුමක සිට මීටර් තිහක් දෙපසට වන්නට යම් අවහිරතාවක් සිදුවන ආකාරයේ ක්‍රියාවක් කළහොත් එය රුපියල් 50,000ක දඩයක් පැනවිය හැකි වරදක් බවද පැවසීය.


මෙම වැරදි සම්බන්ධයෙන් මෙතෙක් කලක් පොලිසිය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ඉදිරියේ දී ඒ සම්බන්ධව කුරුවිට පොලිස් බල ප්‍රදේශය තුළ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද  හෙතෙම පැවසුවේ ය.



අදහස් (20)

දුම් සහතිකයත් ළඟ තබාගැනීම අනිවාර්ය බව කුරුවිට පොලිසිය කියයි

sam Thursday, 25 October 2018 06:27 AM

වාර්ෂික බලපත්‍රය ලබා ගැනීමට දුම් සහතිකය අනිවාර්යයෙන්ම ගත යුතුව තිබියදී මෙයා මේ කරන්නේ නීතිය නවලා, ටැෆික් පොලිස් කාරයන්ට ගානක් හොයා ගන්න අවස්ථාවක් ලබා දීමයි .

:       4       281

ruwan Thursday, 25 October 2018 06:29 AM

මෙවැනි ප්‍රකාශ අලුතින් පොලිස් ස්ථානාධිපති කෙනෙක් පත්වෙලා ඇවිල්ල කරනවා. මෙතැනදී වෙන්නේ මම දැන් ඇවිල්ල ඉන්නේ, බේරෙන්නනම් මට කුට්ටිය මාස් පතා ලබා දියව් යන්න නොකියා කීමක් බව අද සමාජයට රහසක් නොවේ.

:       0       475

gayan Thursday, 25 October 2018 06:31 AM

පොලිසියේ පම්පෝරිය විතරයි. මේ කියන නීති ත්‍රී වීල් වලටවත් බස් වලටවත් ක්‍රියාත්මක කරන්නේ නෑ. ත්‍රී වීල් රියදුරෝ, බස් රියදුරෝ නීති කඩන කොට පොලිසිය ඉන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලා ගෙන.

:       1       535

nalinThursday, 25 October 2018 07:13 AM

ගයාන් ඔබ 100% ක් හරි. පොලිසිය හරියට මේ දෙගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරනවානම් පාරේ තියන තදබදය ඔක්කොම අඩුවෙනවා.

:       1       0

මොහාන් Thursday, 25 October 2018 06:45 AM

දුම් සහතිකය ඉදිරිපත් කරලනේ අදායම් බලපත්‍රය ගන්නේ. එහෙනම් ජාතික හැඳුනුම් පත සමග උප්පැන්න සහතිකෙත් අරන් යන්න වේවිනේ............

:       57       604

ජාලිය Thursday, 25 October 2018 06:52 AM

දුම් සහතිකයක වලංගු කාලය මස හයකි (06). මස හයකට පසු එය අවලංගු සහතිකයකී. අවලංගු සහතිකයක් ලග තබා ගැනීමට අනීවාර්ය කල නොහැක. එය නීතියේ ඉදිරියේ වලංගුතාවයක් නොමැත.

:       0       29

Appuhamy Thursday, 25 October 2018 06:54 AM

දුම් සහතිකයේ පිටුපස බලන්න

:       0       0

Chandana Thursday, 25 October 2018 07:07 AM

ජාතික හැඳුනුම්පත ගෙනියනකොට උප්පැන්න සහතිකය අරන් යන්න.

:       0       0

piyal Thursday, 25 October 2018 07:07 AM

මේක හරියට ජාතික හැඳුනුම් පත සමග උප්පැන්න සහතිකයත් තියාගන්න කියනවා වගේ වැඩක්. ආදායම් බලපත්‍රය දෙන්නේ දුම් සහතිකය නිවැරදිනම් නේද? දුම් සහතිකයෙන් වංචා වෙනවනම් ඒක නිවැරදි කරන එක රජයේ වගකීමක්. විශේෂයෙන් අපි බයික් වල යන උදවිය. අපිට ඔය අරක මේක කොළ කෑලි සේරම පර්ස් වල දාගෙන යන්න අමාරුයි.

:       0       0

saliya Thursday, 25 October 2018 07:23 AM

වැඩිහිටි කෙනෙක්ව බස් නැවතුම අසල සිටිනු දැක, නංවා ගතහොත්, රුපියල් 50000 ක් දඩ ලෙස ගෙවීමට සිදුවිය හැකි බවක් තේරේ.

:       0       0

benat Thursday, 25 October 2018 07:34 AM

නරකද ඔය සමගම රියදුරු බලපත්‍රය සමග හැඳුනුම්පතයි, උප්පැන්න සහතිකෙයි දෙකත් වාහනේ ළඟ තබාගන්න කියල අලුතෙන් නීතියක් දැම්මනම්. ඔඅයිසි මහත්තයටයි අනිත් පොලිසිවල වල කට්ටියටයි රජයේ ආයතන වල වාහන වල දුම පෙනෙන්නේ නැතුව ඇති මගේ හිතේ. ඒ වලින් දාන්නේ දුම් නෙමෙයි ගින්දර නේ .

:       0       0

Amila Thursday, 25 October 2018 07:34 AM

මේ කියන දඩ මිනිස්සුගේ හොදට ගහන ඒවා නෙමෙනේ. එහෙනම් වාහන අනතුරු මෙච්චර වෙන්න පුලුවන්ද. අනික ප්‍රායෝගිකව බැලුවොත් මොකටද දුම් සහතිකේ ? ඒක නැතුව කොහොමත් ආදායම් බලපත්‍රය ගන්න බෑනේ. මෙයාලා කරන්නේ ආණ්ඩුවට ඕන බදු සල්ලි හොයලා දෙන එක සල්ලි මදි වුනහම. මේ දඩ වල කොමිස් එකක් තියෙනවා මෙයාලට. ඉතින් කොහොමද මේ රට හදන්නේ. මේ රටට දැන් ඕන අලුත්ම නයකයෙක්. උඩ ඉදලා යටටම සුද්ද කරන්න ඔන. එහෙම නැතුව මේක තව විනශ වෙන එක වෙන්නෙ.

:       0       0

නිමල් Thursday, 25 October 2018 07:50 AM

දාන්න කෙනෙක් මට මේ දේ කියන්න. දුම් සහතිකයේ වලංගු කාලය සදහන් වෙනවා, එම දිනය පහුවෙලා නම් පොලිසියට ලියන්න පුලුවන්ද ?

:       0       22

Perera Thursday, 25 October 2018 07:54 AM

ඔය නීති පාට් ත්‍රීවීල් රියදුරන්ට දැම්මට නීතිඥවරයෙකුට දාපු දාට මෙයාටයි වන්දි ගෙවන්න වෙන්නේ.

:       0       31

Nilantha Thursday, 25 October 2018 08:29 AM

මේ නිලධාරීන්, හදුනුම්පතත් එක්ක උප්පැන්න සහතිකෙත් හැම වෙලාවේම ළඟ තියාගන්න කීවත් පුදුම වෙන්න දෙයක් නෑ.

:       0       37

සනත් Thursday, 25 October 2018 09:06 AM

ආදායම් බලපත්‍රයේම දුම් සහතිකයේ සහ රක්ෂණ සහතිකයේ කල් ඉකුත්වීමේ දිනය ප්‍රින්ට් වෙන්න හැදුවනම් මේවගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.

:       0       19

Kumara Thursday, 25 October 2018 09:10 AM

මේ කියනදේ ඇත්තනම් අපිට පොලීසියටත් නීතිය උගන්නන්න වෙයි.

:       0       13

de silva Thursday, 25 October 2018 11:25 AM

අර දුම්කොච්චි මෙන් දුම් පිටකරමින් යන ලොකු ලේලන්ඩ් බස් වලටත් මේ සහතික තිබෙනවා. කොච්චර පරිසර දුෂණ කලත් කොළ කෑල්ල තිබේනම් ඔක්කොම හරි. ඔය කියන විදිහට වාහන නවත්වන්න ලංකාවේ පාරවල් වල ඉඩ කඩ කොහෙද ? පාරවල් දෙපැත්තේම කඩවල් , ගෙවල් , පේව්මන්ට් වෙළෙන්දෝ , ස්ථානාධිපති නිකන් දොඩවනවා

:       0       0

Samarasena Thursday, 25 October 2018 12:34 PM

සුමානයක් දෙකක් නීතිය කරයි.....හරි ගාණ කපනකොට සද්ද නැහැ... මේ වගේ පගා මරුවෝ.......

:       0       0

ලසන්ත Thursday, 25 October 2018 02:09 PM

කුරුවිට එහෙම වුනාට ඇහැලියගොඩ එහෙම නැත.රාත්‍රී 10 ට 12 ටත් අධික ශබ්ද නිකුත් කරන ත්‍රීවීල් හැමතැනම. බස් නැවතුම් හරස් කරන වාහන නැවතීම්. කහ(සුදු)ඉරි මත වාහන නැවතීම් (ෆුඩ් සිටිය අසල බස් නැවතුම/නැදුරණ පාරට හැරෙන තැන ත්‍රීවීල් නැවතුම හා නිමල් කේෂකලා ලඟ බස් නැවතුම ඉන් කීපයක් ඒ වගේම ලොකු වටිනාකම් සහිත වාහන පාර මැදම නවතා තැබීමත් පදික වේදිකාව හරස් කිරීම්ද ඒ අතර වෙනවා.මෙහෙටත් නීති වලංගුද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 32 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 145 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 938 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 1010 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 690 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 822 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site