IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ගාලු කොටුවේදී විරෝධතාකරුවන් බලෙන් විසුරුවා හැරියැයි පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව ගාලු කොටුව අබියස දී පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට සන්නද්ධ යුධ හමුදා සෙබළුන් කණ්ඩායමක් පැමිණ, එහි සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරිමෙන් කඩවූ  මූලික අයිතිවාසිකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නීතිඥවරයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කළහ .

නීතිඥ අමරදිවාකර ලියනාරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර යන මහත්වරුන් ගොනු කොට ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ගාලුකොටුව ගැමුණු හේවා බලඇණිය භාර අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අසේල විජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

නීතීඥ මංජුල මංජුල බාලසූරිය මහතා විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉකුත් 30 වැනිදා  ගාල්ල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට පැමිණි සන්නද්ධ යුධ හමුදා සාමාජිකයින් පිරිසක් එම රැළියේ සිටි උද්ඝෝෂණකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැර ඇති බවත් එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ය.

මේ හේතුවෙන් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.



අදහස් (2)

ගාලු කොටුවේදී විරෝධතාකරුවන් බලෙන් විසුරුවා හැරියැයි පෙත්සමක්

Bamunuarachchi Friday, 01 July 2022 06:49 PM

යන්න මල්ලි... යන්න මල්ලි... කියා නොවෙයි. ඉල ඇට කැඩෙන්න දෙකතුනක් බෙදලා.. ඔය කාලකන්නි ජෙප්පන් එළවා දමන්න.

:       12       8

Sunil Friday, 01 July 2022 08:05 PM

මේ නූගත් අයටත් අමතක නොවෙන පාඩමක් උගන්නන්න ඕනෑ. ඔවුන් දන්නේ රජය කියන ඕනෑම වැඩක් කරන්න.

:       8       5

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 823 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 341 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 792 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 785 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 306 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 490 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site