(රොමේෂ් මධුසංඛ)
මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බවට චෝදනා ලැබූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයට වසර දෙකක සිරදඩුවමක් නියම කළ වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා එය වසර පහකට අත්හිටුවීමට අද (26) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව නියෝගය අද (26) ලබා දෙමින් විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.
මෙලෙස දඩුවම් නියම වූයේ, තම්බි සෙට්ටිපාර, පේදුරුතුඩුව ලිපිනයේ පදිංචි වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයවලුන්ටය.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දයාමාස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කර සිටියේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල් ටී ටී ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කල බවට මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පිළිගැනීම සිදුකළ බවය.
නිතිපතිවරයා විසින් දයා මාස්ටර් යන අයට එරෙහිව අධි චෝදනා නගනු ලැබ තිබුණේ වර්ෂ 2009 පෙබරවාරි මස 01 වැනිදා සහ 2009 මැයි මස 18 වැනිදා අතර කාලය තුලදී එවකට පැවැති යුධ සමයේ එල් ටී ටී ඊ ග්රහනයේ පැවැති ප්‍රදේශයන්හි විසූ සාමාන්‍ය සිවිල් ජනයා රජයේ යුද්ධ හමුදාව විසින් මුදවා ගත් ප්‍රදේශ කෙරෙහි ගමන් කිරිම වලක්වාලමින් ඔවුන් එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කිරීමට එකී සංවිධානයේ නායකයකු වූ ඉලම්බරදී සහ තිලක යන අය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙනි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
“දයා මාස්ටර්”ට අත්හිටවූ සිර දඩුවමක්
PK අමාරිස් Thursday, 27 January 2022 08:47 AM
දැන් දයා මාස්ටර් සුමන්තිරන් එක්ක එකතුවෙලා දුරකථනයේ ඡන්ද ඉල්ලන්න ගියා නම් හොඳයි. මීට පස්සේ කවුරුත් දයා මාස්ටර් ගැන වැරදි කියන්න එපා...
vikum Thursday, 27 January 2022 11:14 AM
නරි නාටක" එවක මායිම් ගම්මානවල ජීවත් වූ අප වැන්නවුන් කොතරම් බියෙන්, තැතිගැන්මෙන් ජීවත් වූයේද යන්න දන්නේ අප විතරයි. ඒ අනුව මොවුන්ට දියයුතු දඬුවම මෙය විය නොහැකියි.
fairoos Thursday, 27 January 2022 12:21 PM
අන්න මහමොලකරුට අපි දඬුවම් කළා. සර් පාස්.
නීති Thursday, 27 January 2022 01:56 PM
සොක්කො මැරෙනවා.. ලොක්කො හැමදාම බේරෙනවා.. නීති හදන් උන් මුන් බෙරෙනවා
Velu Thursday, 27 January 2022 04:09 PM
"එක රටක්.. මේ එක නීතියක්" මාර වැඩක් ලංකාවට වුනේ...