IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘නව ව්‍යවස්ථාවක් හදන්න දේශපාලන නායකත්වයක් ලැබුණේ නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන කැපවූවත් එයට අවශ්‍ය දේශපාලන නායකත්වයක් නොලැබුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය.

දේශපාලන නායකත්වයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කර එය සම්මත කරගත නොහැකි බව පෙන්වා දුන් විජේසූරිය මහතා වත්මන් නායකයන් දෙදෙනාටම  ඒ සඳහා අවංක වුවමනාවක් නොමති බවද සඳහන් කළේය.

අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාරවලට පිළිතුරු යන තේමාවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී අද (8) සංවිධානය කළ මහජන රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කිය.

      ‘‘2015  ජනාධිපතිවරණය පැවැත්වීමේදී  රටට අවධාරණය කළ කරුණ තමයි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක්  නිර්මාණය කරනවා කියන එක.  ඒ වගේම ඒ ජනාධිපතිවරණයේ තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන එක.

ඒ වෙනුවෙන් නිර්පාක්ෂිකව පොදු අපේක්ෂකයෙක් තෝරා ගෙන සෝභිත හාමුදුරුවෝ  ප‍්‍රභල නායකත්වයක් ලබා දුන්නේ මේ රට  නීතිය මත පාලනය කරන රටක් බවට පත්කරන්නයි.

මම මේ රටේ ජනාධිපති වෙලා ඉන්නෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති බවට පත්වෙලා ඉන්නෙත් සෝභිත හිමියන් ගොඩනගපු ඒ ව්‍යාපාරය නිසා  බවත් උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය  අහෝසි කිරීමට කටයුතු කරන බවත් මෛත‍්‍රීපාල  සිරිසේන මහතා සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදී  ලෝකයටම ඇහෙන්න  ප‍්‍රතිඥාවක් දුන්නා.

ඉන්පසු සෝභිත හිමියන්ගේ ගුණසමරු දෙකේදීම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන කතාකළේ නැහැ. තුන්වන ගුණ සැමරුවේදී ඔහු කුමන්ත‍්‍රණය කරලා මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් කළා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටවත් මෛත‍්‍රීපාල  සිරිසේන ඔහුගේ ධූර කාලය තුළ ඉඩ ලබාදෙන්නේ නැහැ කියන එක අපිට ඉතාම පැහැදිලියි. මේ තිත්ත ඇත්ත අපි තේරුම් ගත යුතුයි.

විධායක ජනාධිපති ක‍්‍රමයට මුල සිට විරුද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විධායක ජනාධිපති ක‍්‍රමය තියාගන්න ඕන කියලා  කියන්නේ මෛත‍්‍රීපාල සිරිසේන නිසයි.  ආරම්භයේදී මේ ගැන තිබුණු  අදහස් දැන් වෙනස් වෙලා තියෙනවා.

ලංකාවේ  පළවෙනි වතාවට  තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කිරීමට මහජන අදහස් ලබාගත්තේ. ඉන්පසු මුළු පාර්ලිමේන්තුවම  සහභාගි කරගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම දැම්මා.

දේශපාලන නායකත්වය එයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කරලා ඒක සම්මත කරගන්න බැහැ. අද අපිට පේනවා මේ නායකයන් දෙදෙනාටම  ඒ අවංක වුවමනාව නැති බව. රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් මේක  අතහැරලා තියෙනවා.

අපි සිවිල් සංවිධාන  නියෝජිතයෝ විදියට මුල ඉඳලම ජනාධිපතිවරයාටත්,  අගමැතිවරයාටත් දන්වා  සිටි දේ තමයි ඔබ දෙදෙනා එකට එක වේදිකාවක ඉඳගෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් සම්බන්ධයෙන්  ජනතාවට අවබෝධයක් ලබාදීමේ ව්‍යාපාරය ගොඩනගන්න කියලා. මේ දෙදෙනා මේ කටයුත්තට එකඟ වුනේ නැහැ.

අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන්  පහුගිය කාලය තුළ මහජනතාව  දැන්වත් කිරීමට විවිධ මට්ටමින්  කැපවුනේ සිවිල් සංවිධාන පමණයි.  ඒකට අවශ්‍ය දේශපාලන නායකත්වයක් ලැබුණේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ධූර කාලය තුළ කවුරුන් මොන තරම් උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත ඉටුවන්නේ නැහැ. ඒක ඉටුකරන්නට අවශ්‍ය වාතාවරනය මේ වනවිට පාර්ලිමේන්තුවේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළේ  සෝභිත හිමියන් මුලා කිරීම පමණක් නෙමෙයි ඉතාම නින්දිත  විදියට මේ රටේ සුලූ ජාතිකයන් පවා මුලා කළා. දැන්  අන්තවාදී  කොටස් සමඟ එකතු වෙලා ඔවුන්ගේ පිහිටෙන් නැවත වරක් විධායක  ජනාධිපති වීමේ සිහිනයක් දකිමින් සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.  

ඡායාරූප   චතුර එස් .කොඩිකාර 

 



අදහස් (25)

‘‘නව ව්‍යවස්ථාවක් හදන්න දේශපාලන නායකත්වයක් ලැබුණේ නෑ‘‘

KAK Perera Friday, 08 February 2019 02:33 PM

ලංකාවේ දේශපාලකයන් දෙස බලලා ව්‍යවස්ථාවක් හැදීම ස්වාධීන නොවෙයි. ඔවුන් බලන්නේ ඔවුන්ට වාසිදායක තත්වයන් ඉටුකර ගැනීමටයි. ලෝකයේ රටවල් දෙස බලා ඊට පාඩම් ලබාගෙන සුදුසු ව්‍යවස්ථාවක් සකස් කිරීම යුතුකමයි. නැතිනම් හැමදාම සංශෝධන තමයි.

:       62       221

Nuwan Friday, 08 February 2019 03:38 PM

ඕකට ඇවිත් ඉන්න ගොඩයන්ගෙන් පේනවා කාටද මොනවද ඕනේ කියලා.

:       32       525

Bamunuarachchi Friday, 08 February 2019 03:47 PM

දේශපාලන නායකත්වය දෙන්න සිංහල ජනතාවගේ කැමැත්ත ලැබෙන්න ඕනේ. නැතුව දෙමලුන්ගේ සහ එන්ජීඕ ගැත්තන්ගේ වුවමනාවට රටේ ව්‍යවස්ථා හැදෙන්නේ නැහැ හලෝ. ඔහෙලා ලිට්රෝ ගෑස් කුලියට කහින මිනිස්සු ඔහෙලාව යවන්න ඕනේ තැන අපි දන්නවා.

:       152       621

Tharaka. Friday, 08 February 2019 04:22 PM

මෙයාලා හිතන්නේ එයාලා දැනුම් තෙරුම් ඇති, රටේ ජනතාව එයාලට ආදරේ කරන උගතුන් කියලා, ඒ වුනාට අපිට පෙනෙන්නෙ වරදාන ලබන කොමිස් මුදල් බලාගෙන බොරුකියන තවත් පව්කාරයන් කොටසක් කියලා.

:       9       449

සරණී Friday, 08 February 2019 04:42 PM

ඔහේ.. ආයෙත් මීඩියා ෂෝ, මම හිතුවේ පසුගිය දවස්වල අහපු දේවල්වල හැටියට මීඩියා ශෝ නොතියාවි කියලා. මෙයි පෙනෙන්නේ වරදාන වඩා රසයි කියන එකනේද?

:       1       364

Bandara Friday, 08 February 2019 06:12 PM

ඩොලර් කාක්කන්ට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ..

:       2       484

sudath Friday, 08 February 2019 11:42 PM

තවමත් මේ ආචාරිය සමාජගත කරන්න හදන්නේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක්.., ඩොලර් කාක්කෝ !!! 

:       2       402

Nuwan Saturday, 09 February 2019 02:46 AM

දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ ඒක කළාට පස්සේ දේශපාලකයින්ට තමන්ගේ ඡන්ද දායකයට මුහුණ දෙන්න පුලුවන් නම් විතරයි. මේ ව්‍යවස්ථාවේ සාධනීය ලක්ශන තිබුණත් ඒ සඳහා බහුතර කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගන්න තරම් මොලයක් මේක කරපු විද්වතුන්ට තිබුනේ නෑ. සිවිල් සමාජ ක්‍රියාකාරීනුත් දේශපාලකයන් වගේ මන්දබුද්දික පිරිසක් නිසා කවමදාවත් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕක තේරුම් ගන්න මෙයාට බෑ...

:       0       62

sarath Saturday, 09 February 2019 03:01 AM

මොවුන් කාල‍ා බීලා ඉන්නේ ලිට්රෝ ගෑස් සල්ලි වලින්... දුටු තැන තක්කාලි ගහන්න ඕනේ හොරුන් තමයි.

:       38       332

p.d goonawardena Saturday, 09 February 2019 03:17 AM

අනේ යන්න විජේසුරිය ... ඔයාලා වගේ අය නිසා තමයි අපේ රටට මේ වින්නැහිය වුනේ... ඔයාලා එක්ක තියෙන කේන්තිය කොපමණද කියලා කියා නිම කරන්න බැහැ... ඒක පුද්ගලික එකක් නොව කණ්ඩායමම රටේ ජනතාව මුලා කල එකටයි. තවත් ජනතාව රවටන්නේ නැතුව තමාගේ කර්මාන්තයක් කරගෙන ඉන්නවා නම් රටට හොඳයි...

:       3       403

chandima Saturday, 09 February 2019 04:04 AM

ඉතින් තැන්තැන්වල කියව කියවා ඉන්නේ... ඇයි? දෙන්නකෝ නායකත්වය මේපාර ජනාධිපතිවරණයට ඉල්ලලා.

:       0       49

smn Saturday, 09 February 2019 04:31 AM

ලංකාවේ දැන් තියෙන ටිකිරි මොලවල් පාවිච්චි කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බැහැ. හැදුවත් සිද්ධවන දේවල් ගැන 19 වන සංශෝධනයෙන් අපි දැක්කනේ. ඔන්න ඕක අල්ලලා දාලා වෙනවැඩක් බලා ගත්තානම් හොඳයි නේද?

:       0       136

samira Saturday, 09 February 2019 05:00 AM

අපොයි අපි මේ කපටි රැළට අපි අහුවුනානේ වරෙල්ලා තව පාරක් අපිව ගොන්නු කරන්න...

:       0       253

sarath Saturday, 09 February 2019 05:09 AM

මොවුන්ගේ කටයි, පශ්චාත් භාගයයි වැහිලා තිබුණා.. පහුගිය දවස් ටිකේ බදියුදීන්ගේ හොර වැඩ එළියට ආපු වෙලාවෙයි, නාවික හමුදාවට පහර දුන්නු සිද්ධිය වුණු වෙලාවෙයි...... හරි ජනතා ක්‍රියාකාරිකයින් නම් අහිංසක මිනිස්සුන්ගේ ගම්මිරිස් වගාවට වුණුපාඩුව බදියුදීන්ගෙන් අයකරගන්නා ලෙස බල කරනවා. දැන් ආයෙත් බෙනෙන් එළියට ඇවිත් කාක් කාක් කියනවා. මොකද කාක්කන්ට වුනත් කෑම තියෙනවද කියලා දැනගන්න පුළුවන් කාක් කීවොත් විතරයි.

:       0       264

Jayasri Saturday, 09 February 2019 05:25 AM

පිස්සු වැඩ තමයි. කන්න නැති මිනිස්සුන්ට ව්‍යවස්ථාව කන්න දෙන්න හදනවා වගේ...

:       0       120

ලොක්කයා Saturday, 09 February 2019 06:22 AM

මෙයත් සතා තමයි මාත්තියලා...

:       0       126

maru sira Saturday, 09 February 2019 12:59 PM

මේ වගේ හැතිකරයක් ඉන්න නිසා තමයි මහා සිංහලයා නැතිවී තිබෙන්නේ... එ්කට හොරට චීවරධාරියෙකුත් රිංගගෙන රට කනවා.

:       0       131

indra Saturday, 09 February 2019 01:10 PM

රස්සාව අතහැරියොත් කොහොමද මම ජීවත් වෙන්නේ.. ඒක මේ රැස්වෙලා ඉන්න අය තේරුම් ගන්න ඕනෑ

:       2       108

kule Saturday, 09 February 2019 02:01 PM

1972 ඉඳන් කී පාරක් ව්‍යවස්ථාව හැදුවද වෙනස් කළාද..? එ්ත් 1972 ඉස්සෙල්ලා අපිට මේ වගේ අහේනියක් තිබුනේ නෑ. රටත් හොඳට තිබුණා.. මොවුන් රට හදනවට වැඩිය කරන්න බලන්නේ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න ඔයිට වඩා හොඳනැද්ද ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරුයි දූෂිතයෝයි අල්ලලා දුන්නා නම්..

:       0       27

Bamunuarachchi Saturday, 09 February 2019 04:15 PM

හලෝ හාමුදුරුවරු පිටිපසට දාල කවුද අර ඉස්සරහ පේලියේ කොනේම ඉන්න ගොයියා? ඔය ඉන්න සියලුම කට්ටියට ලිට්රෝ ගෑස් එකෙන් කුලිය ගෙවනවාද?

:       0       51

siri Saturday, 09 February 2019 05:06 PM

හුචක්කුවෙන් කරලියට ඇවිත් දැන් පිටරැටියන් සතුටුකරණට සාදාරන සමාජයක් අටවාගෙන රට ජාතියට ද්‍රෝහී වෙලා.

:       0       27

සුමනාවතී ස්කෝලෙහාමිනේ. Saturday, 09 February 2019 08:26 PM

මේ අදහස්වලින් 99.7% ක්ම මෙයාලගෙ කයිවාරුව ප්‍රතික්ශේප කරල, එය සාපේක්ශව මුලු ජනතාවම නියෝජනයක් වගෙයි මටනම් පෙනෙන්නෙ. මෙය වියන්ගොඩ මහතා තේරුම් අරගෙනවත් ද මෙතන නැත්තෙ.

:       0       0

ලසිත Saturday, 09 February 2019 10:01 PM

ව්‍ය්වස්තාවකින් පමණක් රටක් දියුණු කල නොහැකි බව මේ මෝඩ ආචාරිට දැන්විය යුතුයි

:       0       1

banda Sunday, 10 February 2019 01:22 AM

සරත්ගේ හරක් තියරිය... ඕවා නුඹට හොඳපාඩම්...

:       0       1

anura Sunday, 10 February 2019 03:41 AM

මෙයාගේ මුහුණුවර මුදල් ඇමතිගේ වගේ මයි. දෙන්නාම එකම මූලාශ්‍රයකින් පැවැත එනවාද දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 363 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 49 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 159 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 638 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 215 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 277 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site