(සුජිත් හේවාජුලිගේ )
පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන් ක්ෂේත්රයේ ලක්ෂ පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
රටේ පාවහන් නිෂ්පාදනනයෙන් සියයට 95ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදීම නිපදවීමට හැකියාව තිබියදී එයට අවස්ථාව මගහැර එම අවස්ථාව අහිමි කර ඇත්තේ විදෙස් රටවලින් ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගැන්වීම සඳහා අවස්ථාව ලබා දීමට දැයි සැකයක් මතුවන බව එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා කොළඹදී අද (28)පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
අයවැය සකස් කිරීමට පෙර තම සංගමයද අදහස් හා යෝජනා බලධාරීන් ඒවා මග හැර ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවයට පත්කරවමින් දේශීය පාවහන් නිෂ්පාදකයාද වළපල්ලට දමමින් තීන්දු තීරණ ගන්නා බව පෙනී යන හෙයින් වහාම වගකිවයුතු බලධාරීන් මැදිහත්වී දේශීය පාවහන් නිෂ්පාදකයන්ට අවශ්‍ය සහන ලබාදෙන ලෙස ප්‍රියංක නෙවිල් මහතා ඉල්ලීමක් කරයි
අත්‍යවශ්‍ය නොවන ඇපල්,චීස් වැනි ආහාර සඳහා වැය කරන ඩොලර් රටේ පාවහන් සහ සම් භාණ්ඩ ඇතුළු මෙරට නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට යොදවන්නේ නම් රටේ නිෂ්පාදනය වැඩිකර අමතර නිෂ්පාදන අපනයනය කර ඩොලර් උපයා ගැනීමේ හැකියාව ලැබෙන බව පැවසූ උපසභාපතිවරයා නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් අද මතුව ඇතැයිද ප්‍රකාශ කළේය.
වරායට ගෙන්වා ඇති අමුද්‍රව්‍ය කන්ටේනර් පවා ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට ඇතැම් නිෂ්පාදකයන්ට නොහැකිවී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
රටේ පාවහන් නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයින් සපුරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඉඩප්රස්ථාව සලසන්නේනම් රටේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් සිදු කළ හැකි බවත් ඔහු කීය.
මෙම ක්ෂේත්රයෙන් ජාතික ආදායමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් ලැබුණු බව පැවසූ ප්‍රියංක නෙවිල් මහතා චීනයෙන් හා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නේනම් අපනයන තවත් පුළුල් කළ හැකි බවද සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දේශීය පාවහන් කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ
Perera Sunday, 28 November 2021 11:08 PM
සපත්තු ඇමැතිතුමා මේ ගැන බැලිය යුතුයි.
නිමල් Monday, 29 November 2021 04:29 AM
ආණ්ඩුවක් කළ යුත්තේ මෙවැනි රැකියා නියුක්තිය පවත්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම නොවේද?