IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධන

(ඉන්දිකා  රාමනායක)

රටතුළ  පවතින  ඉන්ධන අර්බුධය හේතුවෙන්  සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින්  ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත  නොමිළේ ඉන්ධන තොගයක්  ප්‍රධාන කර ඇත.

නාවික හමුදාවට  මෙට්‍රික්ටෝන් 450 හා  ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000 ක් වශයෙන් මෙම  ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

රටතුළ  පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන්  සමුද්‍රීය අපරාධ මැඩලීමේ   ගුවන්  මෙහෙයුම් හා   නාවික හමුදා සිදුකරන  මෙහෙයුම් තවදුරටත් බාධාවකින්  තොරව  සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද  ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

නීති විරෝධී සංක්‍රමනිකයන්   විශාල වශයෙන් මුහුදු මගින්  ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා  නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම්  තුලින්  පලායමින් සිටි  එම  නීති විරෝධී සක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.  

ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන  බැවින්  එය සැලකිල්ලට ගෙන  මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද  එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන   ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන්  ශ්‍රි ලංකාවට  ප්‍රධාන  කර ඇති බවද    එම ආරංචි මාර්ග පවසයි.



අදහස් (4)

නාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධන

ganegoda Monday, 08 August 2022 01:36 PM

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින්ගෙන් ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්...

:       1       18

Raja Monday, 08 August 2022 02:01 PM

තවත් රට ආගාධයට දමපු පිරිසක් රටින් පිට කරන්න පුළුවන්

:       2       7

fairoos Monday, 08 August 2022 02:14 PM

ඊළඟට රනිල්ටත් රටින් පනින්න ඉන්ධන අවශ්‍ය වෙයි

:       10       10

සමන් Monday, 08 August 2022 05:02 PM

හැබැයි මේ ඉන්ධන තොග ඉහළ නිලධාරීන්ගෙන් පරිස්සම් කරගත යුතුයි. පහුගිය සිංහල අවුරුද්ද දවසේ අප්‍රේල් 14 නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක් නාවික හමුදාවේ සුඛෝපභෝගී බස් එකකට නාවික හමුදාවේ ඉන්ධන අරගෙන තමන්ගේ යාළු මිතුරන් සහ ඔවුන්ගේ පවුල්වල අය අරන් බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයක ඉඳලා පොළොන්නරු පැත්තේ ලොකු සවාරියක් ගැහුවා. කෑමබීම නවාතැන් ඔක්කොම නාවික හමුදාවේ බිලට දැම්මා කියලා ආරංචිය. එතකොටත් ලංකාවේ ඉන්ධන හිඟය පටන් අරන්... අරගලකරුවන් ඔන්න ඕවාත් හොයා බලන්න. ගෝල්ෆේස් විතරක් නෙමෙයි අරගලය යන්න තිබුණේ... මේ දේවල් ආණ්ඩුවේ අනුදැනුමින් හෝ අනුමැතියක් ඇතුව වුණු දේවල් නෙවෙයි. ඔය ගොඩේ වැඩි දෙනෙක් තිබුණු ආණ්ඩුවට විරුද්ධයි. හැබැයි ඒකෙන් කෑවා සහ තවමත් කනවා...

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 292 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 427 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1195 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2640 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1758 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1022 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site