IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘අයි.එස්.අයි.එස් මර්දනයට එෆ්.බී.අයි පමණක් නොව වෙනත් බුද්ධි අංශවල සහයත් අවශ්‍යයි‘‘

(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක් වන අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ සහයේගය පමණක් නොව වෙනත් රටවල බුද්ධි  අංශයන්ගේ සහයෝගයත් අවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.

ඇමරිකානු එෆ්.බී.අයි නිලධාරීන් වැලිසරට පැමිණ එම පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය හා එහි අවසරය මත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමරිකානු එෆ්.බී.අයි ආයතනයේ නිලධාරීන් පැමිණ වැලිසර නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එසේ ප‍්‍රශ්න කිරීමේ කිසිඳු ගැටලුවක් නැතැයි කී විජයවර්ධන මහතා නාවික හමුදාපතිවරයාත් එයට අවසරය දුන් බව පැවසීය.

එය රට ඇමරිකාවට පාවාදීමක් නොවන බව කී ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා එසේ රට ඇමෙරිකාවට පවරාදීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නැතැයි ද කීවේය.

අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනය ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි තවත් රටවල් ගණනාවකට එල්ල වී ඇතැයි කී රුවන් විජයවර්ධන මහතා එය මර්දනය කිරීමේදී ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සිදුවන බව ද සඳහන් කළේය.

මහනුවර ඇසළ පෙරහැරේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ වන විට ආරක්‍ෂක පියවර රැසක් ගෙන ඇති අතර බුද්ධි අංශ නිලධාරීන් ද මාස දෙකක පමණ සිට ඒ ස සඳහා යොදවා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 

 



අදහස් (6)

‘‘අයි.එස්.අයි.එස් මර්දනයට එෆ්.බී.අයි පමණක් නොව වෙනත් බුද්ධි අංශවල සහයත් අවශ්‍යයි‘‘

Bamunuarachchi Wednesday, 31 July 2019 03:51 PM

ලංකාවේ මුසිල්ම් ත්‍රස්තයින් IsIs වලට සම්බන්දයක් නැතිබවත් මේ හිස්ගෙඩි ISIS කාරයින් අනුගමනය කරන්න යාමක් බව තේරීම් කාරක සභාවේදී කියවුණා. කරුණු එසේනම් කොහෙවත් තිබෙන ISIS මර්ධනයට වඩා රටතුළ ඉන්නා වූ ත්‍රස්තයින් කඩුගා දමන්න කටයුතු කරමු. ඕස්ට්‍රේලියානු අගමැතිනි, ජූලියා ගිල්ලාඩ්ට තරම් කශේරුකාවක් අපේ මහා උන්දැලාට නැද්ද? එතුමිය කීවා ෂරියා නීති ඉල්ලන මුසල්මානුවන්ට වහාම බදාදාට කලින් රටින් පිටවෙන්න කියලා... අනේ එහෙම අගමැතිනියක් අපිට මේ කල්පයේ ලැබෙයිද? අපි වගේ කාලකන්නින්ට ලැබෙන්නේ ඒවගේම නායකයින්ම තමයි...

:       3       142

රජින්ද Wednesday, 31 July 2019 05:00 PM

කඳයි බඩයි විතරයි... වෙනින් දෙයක් නැහැ. අපරාදේ අපේ බදු සල්ලි.

:       1       338

Prabha Wednesday, 31 July 2019 05:12 PM

මර්දනයටද? වර්ධනයටද? කියන එක තේරුම් ගන්න බලන්න. ඇමෙරිකාව කියන්නේ මුස්ලිම් ත්‍රස්තවාදයේ පියා කියන එක තේරුම් ගන්න බැරි ඔබ වගේ පුද්ගලයෙක් ඔය තනතුර දැරීම රටටම අනතුරකි.

:       51       268

ලියනගේ Wednesday, 31 July 2019 05:31 PM

බමුණා අසරණවී ඇති බවක් පෙනෙන්නට තිබේ...

:       272       169

surath Thursday, 01 August 2019 01:58 AM

ත්‍රස්තවාදය විනාශ කළරටක දැන් කෙරෙන මෙවැනි කතා අහන්නත් ලැජ්ජයි.

:       0       39

prakaash Thursday, 01 August 2019 05:22 AM

නිවට පරපුරත්, නිවට පක්ෂයත් මේ රට පාවා දෙන බව කවුරුත් දන්නවා.

:       0       36

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 160 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1178 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 517 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 281 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 185 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 332 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 270 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site