IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාව සතු ඩොලර් සංචිතය පතුලටම වැටෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට අනිද්දා පත්වන බවත් ශ්‍රී ලංකාව නොපෙණෙන අගාදයකට වැටෙමින් තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද  පැවසීය.

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස 2019 නොවැම්බර් මස 18 වැනිදා බාරදෙන විට මහ බැංකුවේ විදේශ සංචිතය ලෙස ඩොලර් බිලියන 7.6 ක් තිබූ බවත් හෙට ඩොලර් බිලියනයක ණයක් ගෙවීමෙන් පසු ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6 ක් දක්වා අඩු වන බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.

පසුගිය වසර ඇතුළතදී ජාතික ආදායම ඩොලර් බිලියන 600 කින් පමණ අඩු වූ බව කී හිටපු අමාත්‍යවරයා මහ බැංකුව ඉතිහාසයේ අච්චු ගැසූ විශාලම මුදල් ප්‍රමාණයත් පසුගිය වසරේ අච්චි බව කීය.

‘සැබෑ දේශප්‍රේමියා’ සංවිධානය කොළඹදී අද (25) පැවැතිවූ මාධ්‍ය හමුවේදී මංගල සමරවීර මහතා එසේ පැවසීය.

 



අදහස් (21)

ලංකාව සතු ඩොලර් සංචිතය පතුලටම වැටෙයි

Sri Lanka Sunday, 25 July 2021 05:11 PM

කොරෝනාවලට ඕනෑවට වඩා වියදම් කළා. අපේ මුදල් යුද්ධය කාලයටත් වඩා කොරෝනාවලට පිදුවා. දැන් ඩෙල්ටා.. ළඟදීම දෙල් තමයි කන්න වෙන්නේ.. අපි යටගියා. පිටරටවල් ගොඩගියා.

:       657       1437

athulaMonday, 26 July 2021 04:39 AM

මොහුට කොරෝනා හැදුනා නම් තේරෙනවා ඒකේ රඟේ ?

:       0       0

VithanaTuesday, 27 July 2021 09:45 AM

කොරෝනාව ගරානාව කරගන්න ඕනෑ වුණු නිසා ප්‍රතිකාර පිළියම් ප්‍රමාද කළා වුවමනාවෙන්ම...

:       0       0

saman Sunday, 25 July 2021 05:11 PM

මෙයා කොහෙන්ද දන්නේ නැහැ මේ දවස්වල කතා කරන්නේ...?

:       1423       817

kamalMonday, 26 July 2021 08:20 AM

අද ''සර්'' විතරක් නෙවෙයි... ඇත්තටම කිව්වොත් ''සර්'' ත් ෆේල්... මේ මමත් ෆේල්

:       0       0

BamunuarachchiWednesday, 28 July 2021 09:59 AM

එතකොට පාස් වෙයි කියලා හිතන්නේ කවුද?

:       0       0

gamunu Sunday, 25 July 2021 05:53 PM

මංගල සමරවීර, චන්දික සමගත්, මහින්ද සමගත්, රනිල් සමගත් දේශපාලනයේ විවිධ තනතුරු දරන ලද දේශපාලකයෙකි. එම රජයන් සමග සිටියද ජාතිවාදය, ආගම්වාදය පිළිබඳව කතා කිරීමට පටන් ගනු ලැබුයේ දැනට වසර 2ක පමණ සිට වේ. සැබෑ දේශප්‍රේමියා නමැති බෝඩ් එල්ලගෙන ජනතාව ඉදිරියට ඔබලා ගියද, ඔවුන් ඔබලාගේ දේශපාලන කාලයේ එදා නොකළ හැකිදේ දැන් කිරීමට ඔබලාට හැකිවන්නේ කෙසේද කියා අසනු ඇත. එයටත් පිළිතුරක් රැගෙන ජනතාව ඉදිරියට යන්න 2004 සුනාමියෙන් පසුවත්, 2009 යුද්ධයෙන් පසුවත් රට ගොඩනැගීමට අපොහොසත් වූ කණ්ඩායම් නැවත නැවත පාර්ලිමේන්තු නොයැවීමට ජනතාව බලාපොරොත්තුව සිටියි. තරුණයින්ට අවස්ථාව ලබානොදී, මංගල සමරවීර මේ සූදානම් වන්නේ තරුණයින්ගේ මාර්ගයෙන් යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් සාදාගන්න දරන්නා වූ අසාර්ථක උත්සාහයකි.

:       998       880

VithanaTuesday, 27 July 2021 09:44 AM

මංගල ගැන දන්නේ බොහෝම අල්පයක් බව පෙනේ. එයත් ඇත්ත නොවන බව කිව හැකිය...

:       0       0

SUNIL MILANO Sunday, 25 July 2021 06:14 PM

පතුලටම වට්ටලා හිනාවෙවී මිල සූත්‍රයක් පෙන්නලා 7%ට තිබුණු ආර්ථික වේගය 2%ට අඩුකර රට නන්නත්තාර කරලා දැන් පණ්ඩිතයා වගේ මරු කියනවා.

:       1474       1231

VithanaTuesday, 27 July 2021 09:58 AM

දැන් ආර්ථික වර්ධනය 2% ට වත් තියෙනවද? දැන් රින නේද? දැන් මරු කියවන්නේ මංගල නෙවෙයි ජනතාව.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 25 July 2021 06:37 PM

අපි මේ පැත්තකට බර නොවී කියන්නේ, මෙතුමා කියනදේ සත්‍ය හෝ අසත්‍ය යන කුමක් වුවත්, ජනතාව මේ අයට බලය දුන්නු කාලයේ මොනවද කළේ? මේ කාලයේ සිදුවණු බොහෝ දේට මේ අයත් වගකිව යුතුයි. ලංකාවේ බොහෝ දේශපාලකයින්ව තඹ දොයිතුවකට මායිම් කරන්න බැහැ...

:       0       0

Priyantha Sunday, 25 July 2021 06:59 PM

ඔව් ඔව් ඔයාල තමා හොදටම කරේ. අනේ නිකං පව් නොදී හිටහං !

:       0       0

Kasun Sunday, 25 July 2021 09:02 PM

කවුද අප්පා මෙයාලට මාධ්‍ය සාකච්ඡා දෙන්නේ..?

:       574       576

Prabha Sunday, 25 July 2021 10:36 PM

ඔය කාගේ කාගේත් කෙරුවාවල ප්‍රතිපල තමයි මේ පල දෙන්නේ

:       0       0

Perera Monday, 26 July 2021 12:07 AM

ලංකාවට රාජපක්ෂලාගෙන් ණයක් ගන්න බැරිද ගොඩ එන්න ?

:       0       0

Rata Perata Monday, 26 July 2021 02:44 AM

අපි ඛයියෝ එකතුවෙලා මංගලට ඛනිමු. මොකද දැන් බයවෙන්න දෙයක් නෑ, අපිට මොළ 7 ක සාමාන්‍ය පෙළ සමතෙක් ඉන්නවා ආර්ථිකය බේරගන්න.

:       0       0

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:26 AM

මොනව උනත් කියන්නෙ ඇත්තනම්, කියන මිනිහගෙ වංහුං මොකටද?

:       0       0

Rohana Monday, 26 July 2021 09:32 AM

මංගලලා රටට කරපු දෙයක් නෑ. නමුත් වර්තමාන ආණ්ඩුව බලය ඉල්ලුවේ වැටී ඇති රට ගොඩ ගැනීම සඳහා ‘ අපි රට කරන හැටි පෙන්නන්නම්’ වැනි කතාවල් කියමින්. දැන් ඔය රටකරන හැටිද? රට අන්තයටම වැටිලා. කලින් කිව්ව විදියට කරන්න බැරි මොකද? එහෙම කළානම් මේ විදියට දැඩි ආනයන සීමාවක් පවතිද්දීත් ඩොලර් සංචිත පහත වැටෙන්නේ මොකද? කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල යයි කීවාලු...

:       0       16

Kamal Monday, 26 July 2021 10:33 AM

ඉතින් ඔබට සතුටුයිද දැන්...?

:       6       3

SUNIL MILANO Monday, 26 July 2021 12:13 PM

මෙලෝ රහක් නැති ප්‍රතිචාර දාලානේ තියෙන්නේ ශ්‍රී ලංකා කියලා නමින් ඉන්න කෙනා.. ඇයි තමන්ගේ නමින් ප්‍රතිචාර දාන්න කොන්දක් නැද්ද?

:       99       54

VithanaTuesday, 27 July 2021 10:00 AM

ඔයා ඉන්නේ ඉතාලියේ මිලානෝ නේ. ලංකාවේ නෙවෙයි නේ. ඔයාගේ කමෙන්ට්ස් ඉතාලිය ගැන වෙන්න ඕනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 142 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 2 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 518 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 153 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 183 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 449 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site