( තිලකරත්න දිසානායක)
ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද ( 25) සවස පියවර ගනු ලැබීය.
ඉකුත් 22 වෙනි දින වැලිසර නාවික කඳවුරෙහි තූර්ය වාදක කණ්ඩායම් නැවියන් විසින් මෙම නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශන පවත්වා ඇති අවස්ථාවේ එම නැවියන් කිහිප දෙනෙකු නිවාස සංකීර්ණය අසල ගැවසීම මත එම අය සමග ළගින් ඇසුරු කළ අය සිටීදැයි දැනගැනීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිවාස සංකීර්ණය වෙත පැමිණ මෙලෙස තොරතුරු ලබා ගැනීම සිදු කළ අතර කවුරුන් හෝ සිටීනම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස එහි පදිංචි කරුවන්හට දැනුම්දීම සිදු කළහ.
මෙම නිවාස සංකීර්ණයෙහි පදිංචි පවුල් 21 ක් සිටිති.
නැවියන් ළගින් ඇසුරු කළ අය ඉදිරිපත් වුවහොත් ස්වයං නිරෝධානය සදහා යොමු කළ හැකි බවද මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔව්හු දැනුවත් කළහ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි නිලධාරීන් විසින් අද සවස නිවාස සංකීර්ණය අසල ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ අසල පිහිටි වෙළඳසලකටද තූර්ය වාදක කණ්ඩායමේ නැවියන් පැමිණ ඇති බවත් අනාවරණය විය.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගම්පහ සණස නිවාස සංකීර්ණයේ ජනතාවගේ තොරතුරු ගනී
අමරේ Saturday, 25 April 2020 07:08 PM
මිට පස්සේ තට්ටු නිවාස සංකීර්ණ ඉදිරිපිට සංගීත දැම්මොත් ..කෝවිඩ් පැත්තක තියලා ගහලා එලවනවා...!!! උඩ ඉඳලා බෝතල් එවනවා. මියුසික් කාරයෝ ජරාව බෝකරන්න පටන් ගත්තම අපිට මොකද වෙන්නේ...?අපිට බැහැ නිරෝධායනය වෙන්න.
dahanayaka - colombo 3Saturday, 25 April 2020 08:16 PM
සහතික ඇත්ත....අපේ මේ රැවුල ගිනි අරන් දඟලනවා. මොලේ අමාරු කාරයෝ සංගීතෙකුත් අරන් ඇවිත් සුරුට්ටු පත්තු කරගන්න හදනවා. මේ කාට කාටත් කියන්නේ අපේ ගෙවල් පැත්තට සංගීත අරන් ඇවිත් බජව් දමලා ගුටි කාලා යන්න එපා.ගහනවා අපි සිය ගණනක් ඉන්නේ මේ ගෙවල් වල...උඩින් එකබෝතලය ගානේ ආවත් ඇති...
samSaturday, 25 April 2020 09:19 PM
සංගීත සංදර්ශන තියන්නේ ඔයාලගේ මානස හොඳ කරන්න.
රිතික්Sunday, 26 April 2020 02:47 AM
උඩ ඉඳලා බෝතල් එවනවානම් මම කැමැත්තෙන්ම ඔයා ඉන්න පැත්තට ඇවිත් සින්දු කියනවා.
Anton AustriaSunday, 26 April 2020 06:20 AM
අනේ අමරේ, බොරුවට දන්නා එපා පෝස්ට්. ඔයාලා හමුදාවට එහෙම කරොත් ආයේ පාරේ යන්න නෙමේ. අපේ සිංහල අය ඔහොම නෑ. ඔයාලා සිංහල නෙමේ. එහෙම අය තමා ඔහොම කියන්නේ.
Kamal Saturday, 25 April 2020 08:43 PM
රණවිරුවන්ට අප සදා ණයයි.
sarathSunday, 26 April 2020 07:35 PM
ඇයි කොරෝනා බෝකලාටද...?
lalithm Sunday, 26 April 2020 02:58 AM
ජාඇල සුදුවැල්ලේ කුඩ්ඩන් අල්ලන්න ගිහින් වෙච්ච අපරදෙට මේ නාවික හමුදා සෙබළුන් වගේම රටේ අනිත් පළාත්වල මිනිසුන්ටත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. මීට පස්සේ කුඩ්ඩන්ට වෙඩි තියලා දමන්න කියනවට වඩා දෙයක් මේ වෙච්ච විනාශයෙන් අපට ඉගෙන ගන්න නැහැ. මේවා බෙදන අය සහ පාවිච්චි කරන්නන් දෙකොටසම කඳවුරු වලට(හමුදා නොවෙයි) දමල මියයනතෙක්ම හෝ සම්පුර්ණයෙන්ම අත් හරින තෙක් බලෙන් වැඩ අරගන්නවා හැර මේ කුඩු ව්‍යසනය නවත්වන්න ක්‍රමයක් නැහැ. හිරගෙවල් මේ අයට අනික් අපරාකරුවන් මුණගස්වන අපරාධ ඉස්කෝල. මේවට දේශපාලනය සම්බන්ධ බව කව්රුත් නොදන්නවා නොවෙයිනේ. කහවත්තේ ඝාතන වල වුනත් කුඩු බෙදපු ඇමති හෙන්චයියෙක් ගැන කියවුනානේ.
raviSunday, 26 April 2020 07:38 PM
කහවත්තේ ජෝනා දියවන්නාවේ, ලේලි කොවිඩ් ඇමතිනි..
වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් Sunday, 26 April 2020 03:08 AM
අමරෙ @ දහනායක... ඕගොල්ලො නම් මහ දරුණු මිනිස්සු. උඩ ඉඳන් බෝතල් එවනවා කියාපු එකෙන්ම ඒක තහවුරුයි.