IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනතාව මුදා ගැනීමේ සටන අත් හරින්නේ නෑ

(අජන්ත කුමාර අගලකඩ)


රජයට අදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍ය වී තිබුණත් කොරෝනා වයිරසයෙන් ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත් අත් හරින්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාත් ප්‍රශංසා කළ බවද පැවසීය.


කොරෝනා වසංගතය ලෝකයෙන් වාර්තා වූ මොහොතේ සිටම ජනාධිපතිවරයාත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළ බවද අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.


වරකට දහස් ගණන් නිරෝධායනය කළ හැකි නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා ඇතැයි කී අගමැති රාජපක්ෂ මහතා මෙම නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නොව සියලු පහසුකම් දින 14ක් පුරා නො අඩුව ලබා දෙන ස්ථාන යැයි ද කීවේය. මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය හිනාවෙව් එළියට එන්නේ ඒ නිසා බවද අගමැතිවරයා සඳහන් කළේය.


රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ගෙවල්වල සිටින නමුත් ඔවුන් සියලු දෙනාටම අප්‍රේල් මාසයේ වැටුප ගෙවන්නට දැනටමත් කටයුතු කර අවසන් බවද අගමැතිවරයා පැවසීය.


මේ මිනී වළෙන් ගොඩ එන්නට හැකි වන්නේ පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් පමණක් බවද දිගු කාලයක් ගත නොකර හැකි ඉක්මනින් මේ වසංගතය ජය ගත යුතු බවද අගමැතිවරයා කීවේය. වෙනත් රටවල් කොරෝනා වයිසරය හමුවේ මුහුණ දී ඇති ඛේදවාචකයට මුහුණ නොදී නැගි සිටින්නට අපේ රටට යැයි ද අගමැති රාජපක්ෂ මහතා කීවේය.


අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් උපුටා ගත් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.


■ රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයටම අප්‍රේල් වැටුප ගෙවනවා.

■ ජනතාවගෙන් ලක්ෂ 50කට වැඩිය සෘජු සහනාධාර දුන්නා.

■ අතුරු අයවැය සම්මත කරන්න සහාය නොදැක්වූ පාර්ලිමේන්තුව දැන් රැස් කරන්නේ කුමකටද?

■ අපේ වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිත් ප්‍රශංසා කළා.

■ පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණු ගමන් පාසල්, විශ්ව විද්‍යාල වැහුවේ මේ අර්බුදය දැනගෙනයි.

■ ඇඳිරි නීතිය පැනෙව්වත් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමේ වගකීම රජය ඉටු කරනවා.

■ දේශපාලනල ජාතික, ආගමික වශයෙන් හිතල තීන්දු තීරණ ගත්තේ නැහැ.

■ අපට ඉන්නේ ජීවිත අවදානම පවා නොතකා වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක්.

■ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ තරුණයෝ තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා සිමෙන්ති පොළොවේ නිදා ගත්තා.

■ තිස් අවුරුදු යුද්ධය තියෙද්දි දරු පැටව් එක්ක හබරල ගාල්වල නිදා ගත්ත ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න බැරිකමක් නැහැ.



අදහස් (50)

ජනතාව මුදා ගැනීමේ සටන අත් හරින්නේ නෑ

Gayan Tuesday, 07 April 2020 02:56 PM

කලින් කිව්වේ බය වෙන්න දෙයක් නෑ බොරුවට කලබල වෙන්න එපා කියලා. මේ අයට දැන් රටට කෙල වුනත් එකයි නැතත් එකයි.

:       6736       8210

sumathiTuesday, 07 April 2020 03:40 PM

ඔව් දැන් මේ අය රටට කෙලලා තියෙන්නේ ආයේ නැගිටින්න බැරිවෙන්නම.

:       3006       4190

kamalTuesday, 07 April 2020 04:07 PM

ඔබේ ප්‍රශ්නය මොකක්ද කියල පැහැදිලි මදී.... මේ කතාවේ ඇති වැරැද්ද මොකක්ද? මෙය දිරිගැන්වීමෙ කතාවක් පමණි...

:       1330       3382

සනා Tuesday, 07 April 2020 05:27 PM

අපේ රට කෑවා.... රට මන්කොල්ලකෑවා.

:       3476       4083

යාපාWednesday, 08 April 2020 05:02 AM

යුඑන්පී, ජේවීපී, වහලුන් ටිකක් කියලා පේනවා උඩ ලියලා තියෙන්නේ. රට මේකෙන් ගොඩයනවා අදකින්න අමාරුයි කියලා තේරෙනවා ඔය අයට.

:       354       37

athuraWednesday, 08 April 2020 07:32 AM

ඔන්න යාපා කියන පොහොට්ටු ගැත්තා ඇවිල්ල සැහෙන කාලෙකට පස්සේ.

:       11       225

Chathuri Tuesday, 07 April 2020 03:13 PM

මොන වසංගතය ආවත් දුක් විදින්නේ අසරණ ජනතාව නඩේට ප්‍රශ්නයක් නැහැ. පරම්පරා ගානකට හොරකම් කරගෙන මුදල් ඉඩම් පොදි බැදගෙන ඉවරයි. ඇදිරි නීතිය ඉවර කෙරුවම මේ නඩේගේ පවුලේ උදවිය පෝලිම් වල ඉන්නවද මොන හෙනය ආවත්.....ගෙදරටම ඉස්තරම්ම බඩු මල්ල ගෙදරට එනවා. බොරුවට එළවලු ලොරිය ගෙදර ලගට එව්වට වැඩක් තියෙනවද ? කෝ සල්ලි දැන් හොඳම වෙලාව. අගමැතිත් සමගම නඩේම ගෙදර අරින්න. හමුදාවට රට බාරදෙන්න. යුද්දෙත් ඉවරකෙරුවා. දැන් මේ වසංගත රෝගය මේ සේරම ඉවර කරලා. රණවිරුවන් විශ්‍රාම වැටුප ගන්න අව්වේ උපවාස කරන්න ඕන. මේ ගොන්නු ටික නඩත්තු කරන්න යන මුදල් සේරම රණවිරුවන්ට මාසික වැටුපට එකතු කරන්න. නඩේ එළවන්න. මේ අය නායකයින් නෙමේ. දුප්පතාගේ හෙනහුරා කියන්නේ මේ අයට තමයි. බඩයි කටයි විතරයි. මොළයක් නැහැ. කයිවාරු ගහයි යුද්දේ දින්නා වගේ. රණවිරුවන් මේ කරන විදියට කරගෙන යයි පාඩුවේ ඉන්න. තැඹිලි ටිකක් හිටවන්න රණවිරුවන්ට බොන්න දෙන්න. ලැජ්ජා නැති බයියෝ.

:       3091       4110

Chandima Wednesday, 08 April 2020 05:37 AM

චතුරි තවම කඩේ යන එක නවත්වල නැහැ වගේ නේ. තවම හිතට අමාරුද?

:       230       29

Amula Tuesday, 07 April 2020 03:16 PM

ඒකනම් ඇත්ත.මොකෝ උන්නැහේට ගානක් නෑ. කට්ටිය කොහොමත් කනවා. පක්ෂ විපක්ෂ ප්‍රශ්නේ අපි වගේ පොඩි අයට තමා.

:       16       601

නන්නාදුනන හාදයා Tuesday, 07 April 2020 03:38 PM

" 30 අවුරුදු යුද්ධය ගැන කියලා දේශපාලන වාසි ගන්න උත්සහ කරනවා. මොවුන් අපේ රට කොල්ලකාලා කියලා පිළිගන්න අකමැති වහල්ලු අදත් මුන්ව අදහනවා. නොදෝමකින්...!!!

:       3312       3609

karu Tuesday, 07 April 2020 03:46 PM

."...සුනාමියෙන් හොරාකාපු සල්ලි ඉවරයි හාන්දුරුවනේ... වාසනාවකට කෝවිඩ් දෙවියෝ මගේ මුහුණ බැලුවා... දැන් ඉතින් මගේ පවුලත් ලොකුවෙලා.. මුනුපුරොත් ඉන්නවානේ. ඉතින් උන්ගැනත් මම සොයාබලලා යමක් කරන්න එපැයි හඳුරුවනේ... ඒකනේ ක්‍රමය කියන්නේ. 30 අවුරුදු යුද්ධයෙන් ගසාකාපු මට මේ කොරෝනා යුද්ධෙන් ගසාකන්න බැරි මොකද...?"

:       3633       4129

indika Tuesday, 07 April 2020 03:51 PM

ඔයාල ජනතාව බේරාගැනීමේ සටන අතහැරියොත්. ඔයාලව ගෙදර යැවීමේ සටන ජනතාව පටන්ගනිවී. ජනතාවගේ චන්දයෙන් ඔතන ඉන්න ඔබතුමන්ලා ජනතාව අනතුරින් මුදවා ගතයුතුයි...

:       2924       441

Viki Tuesday, 07 April 2020 04:04 PM

අනේ යන්න..., බොරු නොකියා. ගුවන් තොටුපල වැහුවෙ නැතිව දැන් බොරු බයිලා කියනවා...

:       2745       3142

ගම් කබරයා Tuesday, 07 April 2020 09:08 PM

එහෙම කරන්නේ කොහොමද...?

:       49       25

Kumara Tuesday, 07 April 2020 04:11 PM

දැන් කල්ල මරෙ

:       2686       871

විපරමා Tuesday, 07 April 2020 05:03 PM

මහින්ද චින්තනේ 1,2 අපි අහලා තියෙනවා... මේකත් එහෙම වෙන්ඩ ඇති. හත්මුතු පරම්පරාවම ගොඩනේ. අවුලක් නැහැ...

:       3228       1350

sisira satharasinghe - thangallaTuesday, 07 April 2020 05:36 PM

මොවුන්ට රැවටුන වහල්ලු අද යන එන මන් නැතිව ඉන්නවා. සුනාමියට කෙලියා වගේම කොරෝනගෙනුත් හොඳ ගානක් හොරා කයි.

:       3020       2380

අයිරාංගනී Tuesday, 07 April 2020 05:39 PM

වැඩක් නැහැ. දැන් ඉතින් කාලේ ඇවිල්ලා වගේ... හැබැයි මේ හොරු මැරෙන්න කලින් නොවිදිනන දුක් විඳලා, හැම ලෙඩේම හැදිලා... තමයි මැරෙන්නේ. ඒක ෂුවර්....

:       3592       3593

Nuwan Tuesday, 07 April 2020 05:45 PM

කිව්වත් අර චීනෙන් ලැබුණු විශාල ආධාර මුදලට මොකද වුණේ? ඒක බහිරවයා ගිල්ලද? අපිට හොදට මතකයි... එහෙම ලොකු සල්ලියක් ලැබුණයි කියලා ඔබතුමාට... ඒවට මොකද වුණේ?

:       2912       2509

පර්සි රාජපස්ස Tuesday, 07 April 2020 09:15 PM

ඒවා අහන්න ඔබ කවුද...?

:       27       11

kamal Koyrala Tuesday, 07 April 2020 06:04 PM

මේකේ මුදාගන්න යුද්ධයක් නොවේ. බෝවෙන්න ඇරලා මුදාගන්නවලු... අනික මේ සටනක් නොවේ. ජනාධිපතිතුමා එක කරගෙන යනවා ලස්සනට... එතුමාට ලැබෙන ආධාර, ලකුණු හොරකම් කරන්න යන්න එපා... මෙන්න අවස්ථාව මහබැංකු හොරු ගත්ත මුදල් නැවත අයකරගෙන සෞඛ්‍ය අංශ ශක්තිමත් කරන්න...

:       3149       366

ChampaWednesday, 08 April 2020 12:58 AM

කමල් කොයිරාල - මොකක්ද? ජනාධිපතිතුමාගේ ලකුණු හොරකම් කරන්න, එයාට තනි ලකුණු තියෙන්න එපෑය. ඔන්න තනියම ඉල්ලුව නම් ලකුණු වැටුන කියල කියන්න තිබ්බා . ඔක්කොම 2015 ඉඳන් ඉන්න මහින්දගේ මිනිස්සුන්ගේ චන්ද. මොනවාද ජනාධිපතිතුමාට ලැබෙන ආධාර කිව්වේ? ඒ ආධාර ජනාධිපතිවරයාට ලැබෙන ඒවා නෙමෙයි, ජනතාව වෙනුවෙන් ලැබෙන ආධාර. හරියට බැලුවොත් තුනෙන් දෙකක් මහජනතාවගේම සල්ලි. ජනාධිපති අරමුදල, ප්‍රාදේශීය සභා දුන්නු සල්ලි, එක එක අමාත්‍යංශ වලින් දුන්නු සල්ලි, මේවා ඔක්කොම මහජනතවගේ මුදල් වක්‍රව පරිත්‍යාග කිරීම්. ඒව වියදම් කරන්න ඕනේ විනිවිද භාවයෙන් මිසක් තනියම නෙමෙයි...

:       59       124

athuraWednesday, 08 April 2020 04:41 AM

ඔයා දන්නේ නැද්ද මේ ජනාධිපතිතුමාගේ අයිය මල්ලිලා අයියල ඔක්කොම එකතු වෙලා තමයි ඔයා කියනවා වගේම බෝවෙන්න ඇරියෙත්. අනිවා ඔයා 69යෙ කෙනෙක් වෙන්නම ඕනේ.

:       16       80

Kumara Tuesday, 07 April 2020 08:20 PM

සුනාමි, කොරෝනා හත්මුතු පරම්පරාවම ගොඩ නේ...?

:       1       52

ගරසරප Tuesday, 07 April 2020 10:56 PM

මෙයා කියයි මේ වියදම් කිරිල්ලට සල්ලි කොහෙන්ද? රටවල් මෙහෙම වහලා දාලා ආර්ථිකය නැවතුනාම. ඔය ලොක්ඩ්වවුන් ලොක්ඩ්වුන් කියන අයද මිනිස්සුන්ට කන්න දෙන්නෙ?

:       0       1

Anthony Ranjan Wednesday, 08 April 2020 12:18 AM

මුදල් නැහැ කියන්නේ කොහොමද...? කෝ ලැබුන පිටරට සහ දේශීය මුදල්....?

:       1       25

සෙනෙවිරත්න Wednesday, 08 April 2020 12:50 AM

මෙයා විපක්සෙ හිටිය නම් කියන්නෙ මෙහෙමයි." අද සිංහල අවුරුද්දවත් කන්න බැරි තත්වයක් උදාකරල තියෙනව මේ ආණ්ඩුව, මිනිස්සුු කන්න නැතිව මැරෙනව.., අපි තිස් අවුරුදු යුද්දෙටවත් මෙච්චර ඇඳිරිනිතිය දැම්මෙ නැහැ, ලෙඩේ හැදිල සති ගානක් ගියා ගුවන් තොට වහන්න, " ආන්න එහෙමයි මෙතුම කියන්නෙ , අපිට මතකයි සේනා දළඹුවාට මෙතුම කියපුව, ඇයි සිංහල අවුරුදු නැකත ගැන කියපුව., අපි මේ දෙපැත්තෙම අයියල ගැන හොඳට දන්නව. ඒත් වහල්කම හිතේ තියෙන ජනකොටස් ඉන්න තුරු මෙතුමල වගේ අය සදාකල් වැජඹෙනවා....

:       1       251

Senevirathne Wednesday, 08 April 2020 12:59 AM

මේ රටේ මාසික වැටුප් ලබන රජයේ සේවකයන්ට කෙරෝනා ලෙඩෙන් වෙච්චි හානිය එදා වේලට කුලීී කරන මිනිහත් එක්ක බැලුවම නොමැති තරම්... රජය සේවකයන්ට බස් ගාස්තුව පවා ඉතිරිවේ. ටියුෂන් මුදල් වැය නොවෙි. එසේ වුවද ඇඟලුම් වැනි පෞද්ගලික සේවකයන් වෙනුවෙන් සහ එදාවේල යොයාගත් මිනිසුන් වෙනුවෙන් මීට වඩා රජය අවධානය යොමු කල යුතුය. ඇඟලුම් සේවකයන් ඩොලර් සොයනා අතර අනවශ්‍ය රජයේ සේවකයන් රටට බරකි .

:       0       2

Champa Wednesday, 08 April 2020 01:08 AM

සරල භාෂාවෙන් කියපු හිතට දැනෙන හොඳ කතාවක් අගමැතිතුමා. මෙතන තාම සමහරු පරාජයේ ශෝකාලාප කියනවා. ඒව ගණන් ගන්න එපා. අවුරුදු 34ක් තිබ්බ යුද්ධේ ඉවර කලේ ඔබේ උදාර නායකත්වයෙන් කියන එක මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. ඔබ එදත් ඔබට ආව පීඩනය ජනතාවට දුන්නේ නැහැ. අදත් එහෙමයි. මගේ රටටත් ඔබටත් දළදා සමිඳු පිහිටයි.

:       86       1

සෙනෙවිරත්න Wednesday, 08 April 2020 01:58 AM

කෝ අර බැසිල් මලයගෙ යාන්ත්‍රනේ ? අපිනම් දැක්කෙ නැහැ ප්‍රමානවත් විදියට රජයෙ සේවකයින් යොදවලා අත්‍යවශ්‍ය දේවල් බෙදීමක්, එයාගෙ යාන්ත්‍රනේ හොඳයි ඡන්ද ගරන්න සල්ලි බෙදල, නොහැකියාව දැන් තමයි පේන්නෙ?

:       0       11

singapuli Wednesday, 08 April 2020 01:59 AM

මේ ප්‍රතිචාර දක්වා තියෙන බටහිර ගැති වහලුන් සහ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් වගේම යු.එන්.පී. ,ජේ.වී.පී. වැනි දේශ ද්‍රෝහී පින්ගුත්තරයින් බව කිව යුතුය. එදා කොටි ත්‍රස්තයින්ට විරුද්ධව සටන් කරන විටත් කටයුතු කලේ මෙසේය. රාජපක්ෂවරුන් මේ රට වෙනුවෙන් කල කාර්ය රටට ආදරය කරන ජනතාව හොඳින් දන්නවා. ලෝකයේ අනෙක් රටවල් සමග බැලීමේදී ඉදිරියෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කාලයේදී රනිල්ලාගේ පාලනයක් තිබුනානම් සියලුම දේවල් විනාශ කරලා ඉවරයි. ඒ නිසා අගමැති තුමෙනි රටට ආදරය කරන ජනතාව ඔබතුමන්ලා සමගයි. ජනාධිපතිතුමාටත් අපේ ආශීර්වාදය. ඒ වගේම සෞඛ්‍ය සේවයේ සියලු දෙනාටමත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ජනාධිපතිතුමා සමග එක්ව ක්‍රියා කරන සියලුම දෙනාටත් අපේ ආශීර්වාදය.

:       115       5

Nishantha Wednesday, 08 April 2020 02:13 AM

ඔබතුමා දේශපාලනය කරනවා නියමෙට. හැබැයි රට පාලනය කරන්න මල්ලිට දුන්නානම් තමයි හොඳ.

:       1       2

Kumara Wednesday, 08 April 2020 02:41 AM

කොමෙන්ට්ස් දැක්කම රනිල් හිටියනම් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් මේකේ කොමෙන්ට්ස් දාන්න කවුරුත් ඉතුවෙන්නේ නැහැ.

:       75       25

sanjeeva Wednesday, 08 April 2020 02:59 AM

මෝඩ චූන් දෙන්න එපා

:       1       2

Dinka Wednesday, 08 April 2020 03:36 AM

ශවේන්ද්‍ර සිල්වා ඊළඟ ජනාධිපති කරමු

:       6       1

Akila Wednesday, 08 April 2020 03:38 AM

රජයේ සේවකයන් කොහොමත් නිකන් ඉඳල පඩි ගන්න අයනේ , ඉතින් දැනුයි කලිනුයි වැඩි වෙනසක් නැහැ

:       1       6

සමන්ත Wednesday, 08 April 2020 04:47 AM

දැන් මෙහෙම හිතමුකෝ. පක්ෂ පාට පැත්තකට දාමුකෝ. ඒත් අපි මේ වෙලාවේ රට සහ ජනතාව ගැන හිතන්න එපැය. දැන් මෙතුමා කියන විදිහට අත්හරින්න බෑ තමයි. අත්හරින්න නෙමෙනේ ගත්තේ.

:       0       1

Deepal Nirosh Wednesday, 08 April 2020 04:50 AM

ඊයෙ ප්‍ර‍කාශ කළේ මේ වසංගතය නිසා අසරණව භීතියෙන් සිටින ජනතාව දිරි ගැන්වීමේ කතාවක්, ඒ සමඟ වසංගතයට එරෙහිව රජය ගෙන යන වැඩ පිළිවෙල ජනතාවට පැහැදිලි කිරීමක්. අඩුපාඩු ඇති. ජනතාවගෙන්වත් වෙනත් පාර්ශ්වයන්ගෙන්වත් මූල්‍යාධාර ඉල්ලුවෙ නැහැ. කොරෝනා වෛරසය මැඩලුවත් මේ වෛරය නම් කවදා මැඩලන්න ද?

:       171       29

Mahesh Wednesday, 08 April 2020 04:51 AM

ක්ෂේනිකව ක්‍රියාමාර්ග නොගෙන උද්දච්ච ලෙස කටයුතු කරපු නිසා තමයි මේ කොහෙවත් තිවුන ලෙඩක් රටට ආවේ. දැනුත් උද්දච්ච කමේ අඩුවක් නෑ. දැන්වත් මේකේ බැරෑරුම්කම තේරුම් අරන් වැඩ කරන්න දේශපාලන කතා කියව කියව ඉන්නේ නැතුව මහත්තයෝ.

:       103       92

Citizen Wednesday, 08 April 2020 06:39 AM

අතුරු සම්මත ගිණුම සම්මත කළේ නැති පාර්ලිමේන්තුව මොකට රැස්කරන්න ද? ණය සීමාව ඉහළ දමන්න හදපු නිසා නේද විපක්ෂය ඒකට කැමැත්ත දුන්නේ නැත්තේ? මොකද එහෙම කළා නම් වදින්නේ රටටමයි. අනික මෙතුමා මේ කතාවේ එක තැනක කියනවා අයවැයක් නැතිව තමයි රජය ජනතාවට සහන දෙන්නේ කියලා. ඔව් ඉතින්, අයවැයක් ඉදිරිපත් කළාය? පාර්ලිමේන්තුව රැස්කිරීම අවශ්‍ය නැතිය - කොටින්ම පාර්ලිමේන්තුවක් වුවමනා නැතිය කියන අය මේ වෙලාවේ ගොඩක් ඉන්න බව පේනවා. අපි මතක තියාගන්න ඕන කාරණය තමයි වැරැද්ද තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි රටේ ජනතාවගේ කියන එක. 225 වැඩක් නැහැ හරියි කියමු, ඒත් ඔය 225 ගෙනාවේ කවුද? අපිමනේ.

:       0       52

සංජීව Wednesday, 08 April 2020 07:46 AM

ඔන්න ⁣දැන් මෙයා එළියට ඇවිත් කතා පවත්වන්න පටන් අරගෙන. සෞඛ්‍ය සේවකයනුයි, හමුදාවේ අයයි දිවි පරදුවට තියලා කොරෝනා වලින් අපිව බේරගන්න කරන සටන මෙයාලගේ කරගන්න හදන්නේ දැන්. තව ටිකකින් කියයි කොරෝනා නැතිකලේ මමයි මල්ලියි කියලා. මිනිස්සුන්ට ඉවසන්නලු. මෙයාලටනම් මොකද හැමදේම අතට පයට ලැබෙනවා. අපි වගේ පෝලිම් වල ඉන්න ඕනෙද? උකස් කඩගානේ යන්න ඕනෙද? කන්න බොන්න නැතුව හූල්ල හූල්ල ඉන්න ඕනද?

:       1       169

Damith Asanka Wednesday, 08 April 2020 08:15 AM

මම දැන් කතා කරන්න හදන්නේ කිසිම පක්ෂග‍්‍රාහිකමක් නැතුව. අපේ ජනාධිපතිතුමා ඇතුළු රජය ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව රට ඇරලා තුබුනනම් අපේ රටට විනාසයක් වෙලා. එහෙම උනානම් අදවෙනකොට 200-300 මැරිලා චොවිඩ් -19 හැදිලා, ලෙඩ්ඩු 6000-7000 වෙලා රෝහල් වල ඉඩකඩ පහසුකම් නැතුව දුක්විදල මැරෙනවා. Doctors ල Nurse ල 15-20 මැරිල් මේ වෙනකොට. මම දැන් ජීවත්වෙන්නේ විදේශ රටක පණබයේ ගැහි ගැහි. එහෙම වෙලා තියෙන්නේ මොකවත් නිසා නොවෙයි.... මේ රටේ පාලකයෝ තවමත් නිසි වැඩපිළිවලක් හදල නැති නිසා මේ වසංගතයට මුහුණ දෙන්න. මම සියලු ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලන්නේ එක දේයි, ජනාදිපතිතුමාට බොරුවට බනින්න එපා. මුලින්ම අපි හැදෙන්න බලමු, ඊටපස්සේ අපි අපේ සමාජය හදන්න බලමු, ඊටත් පස්සේ අපි අපේ රට ගොඩගන්න බලමු, අන්තිමටම ඕනිනම් අලුත් රජයක් හදන්න බලන්න, එත් එකට චන්දයක් එනකල් ඉවසන්න. කරුණාකරලා මම හැමෝගෙන්ම ඉල්ලන්නේ, චොවිඩ්- 19 වලට දේශපාලනය සම්බන්ධ කරගන්න එපා.

:       22       6

Damith Asanka Wednesday, 08 April 2020 08:23 AM

මම එක ඉල්ල්ලිමක් කරන්න තියනවා රජයට, පෞත්ගලික අංශයේ රැකියා කරලා ගෙවල් වලට වෙලා වැඩ නැතුව ඉන්න අයටත් පැදියක් ලැබෙන්න ඕනේ. ඔබතුමාලා පෞද්ගලික අංශයේ ආයතන වලට තරයේ දැනුම් දෙන්න ඕනේ එයාලගේ අප්‍රේල් (April ) පඩිය අනිවාර්යෙන්ම ගෙවන්න කියල.

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 April 2020 09:28 AM

ලෝක බැංකුවෙන් ආපු සල්ලි තාම මගද.?

:       1       5

සමන්ත Wednesday, 08 April 2020 10:07 AM

බත් බැලයන්ට හොඳ ටෝක්. ඇයි මේ අපි මොනවා හරි අදහසක් දැම්මම ඒක ඇතුලත් නොකරන්නේ බයද? මේ උසාවිය මගින්ම චෝදනා එල්ල වුණා. මතකනේ සුනාමිය. ඒත් අපි නිවැරදියි. පිරිසිදු මිනිස්සු රට රැකගන්න ඕනේ. ඒත් වංචාකාරයොන්ට අහුවෙන්න එපා....

:       1       14

සනත් ඉතාලිය Wednesday, 08 April 2020 10:51 AM

ලන්කාදීප පාඨක අදහස් තීරුව වහල් ජේවීපී, යූ.එන්.පී., ඩොලර්වලට කහින කුක්කො රටට හෙන ගැහුවත් පාට කන්නඩියෙන් බලන අමනයන් බදු අරගෙන ඉතාලියේ ඉන්න අපි දන්නවා මේ රට ඔය ප්‍රශ්නෙට මුහුන දුන්න විදියත් අපේරට මුහුන දෙන විදියත් වැඩේ හරියට කරන්න නොදී රෝග වාහකයන් හන්ගන්නෙත් මුන්ද දන්නෙ නැහැ. ආණ්ඩුවට කෙලවන්න. මම ගෝඨාභය මහත්තය දිනවන්න වැඩකරපු 69 ලක්ශෙ එකෙක්... කාටහරි අවුලක් තියනවද?

:       145       30

BamunuarachchiWednesday, 08 April 2020 12:34 PM

ඔය රටට වඩා මේ රටෙ වැඩ හරියට වෙනව නම් ඔහේ කුලියට කක්කුස්සි හෝද හෝද ඉන්නැතුව මෙහෙට ඇවිත් රටට වැඩක් කරනවකෝ..

:       31       121

athuraThursday, 09 April 2020 05:56 AM

ඔවු අපිට අවුල්... තමුන්ලා ඇවිල්ල රටට කෙලවලා ගිය නිසා තමයි අපිට අවුල...

:       0       0

බණ්ඩා Wednesday, 08 April 2020 06:31 PM

බණ්ඩා යකෝ, ඒ රටේ තත්වෙට වැඩ මෙහෙ හොඳ නම් මොකටද එහෙ ඉඳගෙන කට්ට කන්නේ... ඇවිත් චන්දෙ දුන්න කෙනා රැකගන්නකෝ... ඉතාලියට ණයට කහින් නැතුව... කටේ සවුදම තිබ්බට -ක කහගන්න නියපොත්ත නෑ...

:       0       18

Gamekolla Thursday, 09 April 2020 11:50 AM

තමුන්නාසේල තමයි රට කෑවෙ... දැන් ඉතින් පන දෙන්න බැහැ . මිනිස්සු විදින දුක දන්නේ ඔවුන් විතරයි . දැන්වත් බොරු පුරාජේරු නවත්වල මිනිස්සු බෙර ගන්න. ඔබලාට ඕනේ වුණේ කොහොම හරි චන්දෙ තියන්න. රටට හොද කලක් යනවා කිව්වා නේද හාමුදුරුවනේ...?

:       0       39

ඔබේ අදහස් එවන්න

දියත

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 22 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 78 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 91 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 161 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 334 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1054 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site