IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා හමුදාපතිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ අදාල අංශයන්හි නියමානුකූල වගන්ති අනුව 7031(c) වගන්තිය යටතේ ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම වාරණය කර තිබේ.

වසර 2009 දී   එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා 58 වන බල සේනාංකයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය.

 



අදහස් (29)

ශ්‍රී ලංකා හමුදාපතිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

ferna Friday, 14 February 2020 05:34 PM

වීරයන් රට රටවල යන්න උවමනා නැ. ඔබතුමා මෙහාට වෙලා ඉන්න

:       0       0

Bandara Friday, 14 February 2020 05:57 PM

මානසික පිස්සන් වීරයෝ වන යුගයක ඔබ මට නියම විරුවෙකි. ඔබ ලංකා මාතාවට ණය නැති මිනිසෙකි.

:       0       0

චමින්ද Friday, 14 February 2020 06:09 PM

ඔහොම කරන්නෙ නැතිව ඇමරිකාව නව යුද හමුදාපතිට කැමති නැහැ කිව්වනම් හරි නෙ.

:       0       0

Binkunndaa Friday, 14 February 2020 06:13 PM

ලොව පුරා බොරු වපුරන ටැමිල් ඩයස්පෝරාවේ අය ඔක්කොටම ලංකාවට ඒම තහනම් කරලා, ඔවුන්ගේ ලංකාවේ තියෙන දේපල රාජ සන්තක කරන්න ඕනා.

:       0       0

ravin Friday, 14 February 2020 07:16 PM

හමුදාපති තුමාට ඔය දේශයට යන්නම ඕනැද...? වෙන රටවල් නැතිද සංචාරය කරන්න..

:       0       0

Perakum Friday, 14 February 2020 10:56 PM

මේ තර්කය යටතේ කිසිදු ඇමෙරිකානු හමුදා සාමාජිකයෙකුට ලංකාවට ඇතුල්වීම තහනම් කල යුතුය.

:       0       0

almeida Saturday, 15 February 2020 12:38 AM

ඇමෙරිකාව මේ ලෝකේ තියෙන එකම රටනම් මේක ප්‍රශ්නයක්. ඒත් තව ඕන තරම් යන්න රටවල් තියෙන නිසා කවුද ගණන්ගන්නේ?

:       0       0

Nandalal DE SILVA - France Saturday, 15 February 2020 01:13 AM

ශ්‍රී ලංකික දෙමල ඩයස්පෝරාවට ඊළාම් කොඩි රැගෙන වීදිවල කිරිබත් කමින් රාජපක්ෂ/රාජපක්ෂ පාලනයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමේ අවස්ථාවක් ට්‍රම්ප් පාලනය උදාකරදී තිබේ. සමහරවිට මේ තහංචිය වෙනත් කටයුතු වෙනුවෙන් (එම්.සී.සී වැනි), ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට ඇටවූ උගුලක් විය හැක !!!

:       0       0

Bamunuarachchi Saturday, 15 February 2020 01:25 AM

යන්න මහත්තයෝ රුසියාවට ඉහලින් පිළිගනී.

:       0       0

ranjith Saturday, 15 February 2020 01:45 AM

එසේ නම් සත්‍යවශයෙන්ම යුද්ධයේ ප්‍රණාමය හිමිවිය යුත්තේ මෙතුමටයි.

:       0       0

Pradeep Saturday, 15 February 2020 02:20 AM

අපොයි.. මහා වැදගතුන්ගේ රට.. ලෝකෙටම කරන්න පුළුවන් තරම් අමන වැඩ ඔක්කොම කරලා තමන් සුදනා කියලා හිතාගෙන ඉන්න නින්දිත රටකට මේ වගේ විරුවෙක් යන්නේ මොන එහෙකටද..

:       0       3

සත්‍යපාල Saturday, 15 February 2020 03:05 AM

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම දෙසට ආණ්ඩුව බලෙන් තල්ලු කිරීමටත් රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ලංකාවට පැමිණීමත් සමග කුපිතවූ ඇමරිකාව තරවටුවක් ලෙස මේ තීරණය ගත බව විශ්වාස කරමි. එම්.සී.සී ගිවිසුම අධ්‍යයනයට කමිටුවක් පත්කර සාකච්චා පවත්වන්නට ගියහොත් ටිකෙන් ටික ඇමරිකාවේ තර්ජන වලට යටවන්නට රජයට සිදුවන බව නිසැකය. රටක් පළමු අඩිය පස්සට තැබූ පසු බිත්තියට හේත්තු වෙනතුරු රටවල් කොටු කිරීමේ ඇමරිකානු උපක්‍රමයට හසු නොවිය යුතුය. රජය බලවත් මේ මොහොතේ කොන්දේසි විරහිතව ගිවිසුමෙන් වහා ඉවත්වී ඇමරිකාවෙන් එන පිඩනයට මුහුණ නොදුනහොත් වැඩිකල් නොගොස් ඇමරිකානු උගුලේ හසුව රටත් ආණ්ඩුවත් දෙකම අමාරුවේ වැටීම නැවැත්විය නොහැක. වහා එම්.සී.සී සාකච්ඡා වලින් ඉවත්ව එයට මුහුණ දෙන්නට ආණ්ඩුවට ශක්තිය ඇතැයි විශ්වාස කරමි.

:       0       0

eresh S kumara Saturday, 15 February 2020 03:39 AM

ඉරානයට එරෙහිව ඇමරිකාව මානව හිමිකම් කඩකල ඒවා ගැන කවුද කතාකරන්නේ .නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ලෝකේ බොහෝ රටවල් ඇමරිකාවට බයවී සිටීම මෙයට හේතුවයි. ඔක්කොම රටවල් එකතුවෙලා ඇමරිකාව කොන් කලා නම් හරි

:       0       0

ධම්ම Saturday, 15 February 2020 03:48 AM

ඇමෙරිකාවට නොගියා කියලා එතුමාගේ වැඩකටයුතු කරගෙන යාමට අපහසුවක් තියෙනවාද? නොදන්නා නිසයි අහන්නේ.

:       0       1

palitha Saturday, 15 February 2020 05:53 AM

ඇයි ඇමෙරිකාවට නොගියා කියලා අපේ හමුදාපතිතුමාගේ කොහේ හරි අඩුවක් වෙනවද? ලෝකෙටම එපා කරපු ඇමෙරිකාවට යන්නේ කවුද කියලා බලන්න. ට්‍රම්ප් හිතන් නම් ඉන්නේ එයා නැතුව ලෝකෙට මුකුත් බෑ කියලා. කොයි වෙලේ හරි කනවා කෑමක් ආයිත් 9/11 වලට එපා වෙන්න.

:       0       0

රවින් Saturday, 15 February 2020 06:11 AM

ඔය ඇමරිකාවට ඕනාකරන ගිවිසුම් අධ්‍යනය හා සම්පුර්ණ වාර්තා සකස් කරන්න දාන්න මෙතුමාව.

:       0       0

sigiyji Saturday, 15 February 2020 07:28 AM

තව ලැජ්ජාවක් නැතුව එම්සීසි ගිවිසුම් අත්සන් කරලා අපේ ඉඩම් දෙන්නකෝ මේ අයට. ඊට පස්සේ අපේ රණවිරුවන්ට අපේ රටෙත් ඉන්න නැති වේවි. අනේද කියන්නේ.

:       0       0

M Sanjaya Wijeyarathna Saturday, 15 February 2020 07:31 AM

මේක තවත් දෙමල ඩයස් ෆොරාවේ උප්පරවැට්ටියක්. ඇමෙරිකාව අපේ රටට‍ කරන තවත් ද්‍රෝහිකමක්.

:       0       0

ravi Saturday, 15 February 2020 08:11 AM

ඇමෙරිකාවේ යුද්ධ අපරාද සහ මානව හිමිකම් කඩකිරීම් හෙලිකළ, ඇමෙරිකානුවන් අද රුසියාවේ සරණාගතයින් බවට පත්වෙලා ඉන්නවා. ඒ මොකද ඒ ?

:       0       0

de silva berlin Saturday, 15 February 2020 08:40 AM

මේ තත්වයට මුලික වශයෙන් වගකියන්න ඕනේ ලංකාවේ තානාපති සේවය දුර්වලකම, ආණ්ඩු විසින් තානාපතිසේවය ගැන මෙලෝ හසරක් නොදන්නා අය ඡන්දෙන් පැරදුන දේශපාලකයන් සහ තම හිතවතුන් තානාපති වරුන් වශයෙන් පත්කර යැවීම දැනට දශක කිහිපයක් සිට සිදුවුණා, අදටත් සිදු වෙනවා. අපේ රටට සහ රජයේ නිලධාරීන්ට විරුද්ධ පිටරටවල ඉන්න කොටි හිතවාධින්ට සහ විවිධ සංවිධානවලට බොරු චෝධන නගමින් ඒවා එම රටවල නිතිය ඉදිරියට පවා ගෙන යන්න පුළුවන් එතකොට ඒවාට විරුධව නීතිමය පියවර ගන්න තානාපති සේවය ගැන මෙලෝ හසරක් නොදන්නා තානාපති වරුන් ප්‍රමුක කාර්යමණ්ඩලයට හැකියාවක් නැහැ ,කරුණාකර දැන්වත් තානාපති සේවය විදිමත් කරන්න කටයුතු කරන්න.

:       0       0

Rata Perata Saturday, 15 February 2020 08:43 AM

ශවේන්ද්‍ර ගේ සමහර කෙරුවාවල් අනුමත කරන්න බෑ. එත් බය වෙන්න දෙයක් නෑ, ගෝටා ට්‍රම්ප් ට කතා කරලා වැඩේ ශේප් කරයි.

:       0       1

Mahesh Boossa Saturday, 15 February 2020 08:56 AM

අප සියලු දෙනා ශ්‍රීලංකන් ඔහු සමඟ වාඩි වී සිටින බැවින් ඔහුට ඇමරිකානුවන් හෝ ඇමරිකාව අවශ්‍ය නොවේ

:       0       14

sunil Saturday, 15 February 2020 11:23 AM

ඔය ඇමෙරිකාවට නොගියොත් කෙනෙක් මැරෙනවාද?

:       0       10

Aris Saturday, 15 February 2020 05:25 PM

අපි ස්වාධින වුනත් ඇමෙරිකාව අකමැති අයට ආරාධනා කරනකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. යුද්දේ අවසන් වෙලානම් දැන් අවුරුදු 10 ක් විතර වෙනවනේ.

:       0       0

Nishan Sunday, 16 February 2020 07:26 AM

එම.සී.සී. ගිවිසුමට පක්ෂපාතියි කිව්වා නම් ඔය තහනම ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔය ජනාධිපතිතුමා එහෙම යස අපුරුවට එහේ යන්නේ එන්නේ කිසි තහනමක් නැතුව. ඔය ලෙඩ ඇදපු රොබර්ට් ඕ බ්ලේක් තානාපතිතුමාත් සපෝට් කලානේ ඡන්ද කාලේ.

:       0       16

ranjith Sunday, 16 February 2020 08:10 AM

රට බේරාගත් රණවිරුවාට තහනම් නම් කිසිවෙකු ඇමෙරිකාවට යන්නේ නැතුව සිටිමු.

:       0       1

sharm warn Monday, 17 February 2020 04:09 AM

දැන් එතකොට ඇමරිකාවට නොගියොත් හුස්ම ගන්න බැරි වෙනවා වගේ තත්වයක් ද තියෙන්නේ ?? එම්සිසි එක අත්සන් කලා නම් මේ මුකුත් නැති වෙන්න තිබුනා.

:       0       0

ranjith Monday, 17 February 2020 05:18 AM

ලොක්කන්ට තමයි ඇමරිකාව නැතුව බැරි. තහනම් නම් කවුරුත් නොගිහින් හිටියානම් නේද හොඳ.

:       0       2

RIHAN Monday, 17 February 2020 05:27 AM

ඇමරිකාවට ඉස්තුති කරමි. ඒ රටට යාම වාරණය කිරීමෙන් ඔහු බේර ගත්තට.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 714 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 135 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 923 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 955 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1293 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1157 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site